Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: විදුලිබල සැපයුම බිඳ වැටීමක් නිසා ජපාන බලශක්ති ඇමතිවරයා විනාඩි 20 ක් මාධ්‍ය ඉදිරියේ හිස පහත් කරගෙන සමාව ගත්තාද ?

    2021-11-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලන නායකයන්  සහ ඔවුන් පිළිබඳ බොහෝ වැරදි තොරතුරු සමාජගත වීම ගෝලීය වශයෙන් සිදුවන ක්‍රියාවලියක්. ඇතැම් වැරදි තොරතුරු දේශපාලයින්ගේ යහපත් ක්‍රියාකලාපයන් ලෙස සමාජගත වන අතර ඇතැම් තොරතුරු සමාජ ගත වන්නේ අයහපත් දේ ලෙසයි. මේ දේශපාලන නායකයෙක්ගේ යහපත් ක්‍රියාකලාපය

    දේශපාලන නායකයන්  සහ ඔවුන් පිළිබඳ බොහෝ වැරදි තොරතුරු සමාජගත වීම ගෝලීය වශයෙන් සිදුවන ක්‍රියාවලියක්. ඇතැම් වැරදි තොරතුරු දේශපාලයින්ගේ යහපත් ක්‍රියාකලාපයන් ලෙස සමාජගත වන අතර ඇතැම් තොරතුරු සමාජ ගත වන්නේ අයහපත් දේ ලෙසයි. මේ දේශපාලන නායකයෙක්ගේ යහපත් ක්‍රියාකලාපයක් ලෙස සමාජ ජාලා හරහා හුවමාරු වන අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප කළ විමසුමක්.

    සමාජ ජාලා සටහන් 

    “දේශපාලන බලයත් සමග ඔලුව උදුම්මවා නොගත් මිනිස්සු” යන ශිර්ෂ සටහනද සමගින් ෆේස්බුක් පිටුවක් මගින් මෙම සටහන සහ ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැර තිබුණා 

    එහි දැක්වෙන්නේ ,

    “වරක් රජය විසින් ලබාදෙන විදුලි බල බිදවැටීමක් නිසා ජපානයේ කුඩා ගම්මානයකට ලබාදෙන විදුලි බල සැපයුම මද වෙලාවකට විසංධි විය.එනම් විදුලි සැපයුම විනාඩි 20 කට පමණක් බිදවැටී විදුලිය ලබාදීමට ප්‍රමාද විය.සිදුවූ වරදට ජනතාවගෙන් සමාව ඉල්ලීමක් වශයෙන් එරට බලශක්ති ඇමැතිවරයා ප්‍රසිද්ද මාධ්‍ය ඉදිරියේ විනාඩි 20 ක් මෙලෙස ආචාර කරමින් සිට ඇත. “

    Facebook | Archived

    මෙම සටහන සත්‍ය බවට බොහෝ දෙනා විශ්වාස කරන බව එහි දක්වා ඇති අදහස් වලින්ද පෙනී ගියා.

    එම ඡායාරූප ෆේස්බුක් අවකාශය තුළ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම පෝස්ටුවේ ඇති කුතුහලය දනවන ස්වභාවය නිසා මේ පිළිබදවසොයා බැලීමට අප තීරණය කළා. 

    සත්‍ය තොරතුරු විමසා බැලීම.(Fact Check)

    මේ පිළිබදව අප Google Reverse Image Search එකක් සිදු කළා. එහිදී මෙම සටහන්වල දැක්වෙන ඡායාරූපය පිළිබදව සත්‍ය තොරතුරුසොයා ගැනීමට අපට හැකිවුණා.

    Web | Archived

    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ 2015 ජූලි 6 දින සිදුවූ සිදුවීමක්. හොංඩා නම් සුප්‍රකට ජපාන වාහන නිෂ්පාදන සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත් Takahiro Hachigo විසින් පවත්වන පළමු මාධ්‍ය හමුවේදී එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්ට හිස නමා ආචාර කරන ආකාරයයි. 

    මෙම ඡායාරූපය හොදින් නිරීක්ෂණය කළහොත් පසුබිමේ ඇති ඩිජිටල් තිරයන්හි හොංඩා ලෙස ඉංග්‍රීසි බසින් සටහන් කර තිබෙනු දැකගත හැකියි. 

    මෙම මාධ්‍ය හමුවේම තවත් ඡායාරූපයක් Alamy ඡායාරූප එකතුවේම පළව තිබුනේ මේ ආකාරයෙන් .

    Alamy | Archived

    එම මාධ්‍ය හමුවේදීම ලබාගත් තවත් ඡායාරූපයක් මේ 

    Photo Credit goes to Imago Images

    Finanacial Times වෙබ් අඩවිය විසින් මෙම මාධ්‍ය හමුව හා සබැදි තොරතුරු වාර්තා කර තිබුනේ මෙලෙසින්. 

    Web | Archived

    එමෙන්ම විනාඩි 20 ක කාලයක් එලෙස ආචාර කළ බවක් මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තා වලද දැකගන්නට නොලැබුණි.

    වෙනත් ආයතනයක් විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ තොරතුරු විමසා බැලීමක් මෙතනින්.Archived.

     අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    අප විසින් සිදු කරන ලද ගවේෂණයට අනුව ජපාන බලශක්ති අමාත්‍යවරයා කුඩා ගම්මානයක විදුලි බලය මිනිත්තු 20 ක් විසංධිවීම නිසා මිනිත්තු 20 ක කාලයක් මාධ්‍ය ඉදිරියේ හිස පහත් කරමින් සිට ජනතාවගෙන් සමාව ගත් බවට සමාජ ජාලා හරහා පළවන පුවත අසත්‍ය සහ නොමග යවන සුලු බව තහවුරු විය.සැබැවින්ම එම ඡායාරූපයේ දැක්වෙන්නේ 2015 දී හොංඩා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත් Takahiro Hachigo විසින් සිය ප්‍රථම මාධ්‍ය හමුවේදී ,මාධ්‍යවේදීන්ට හිස නමා ආචාර කරන ආකාරයයි. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-11-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.