Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජපුර සරසවි සිසුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලුවාද?

    2022-04-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය දින කිහිපයේදීම මෙරට පවතින ආර්ථීක අර්බුදයෙන් පීඩිත ජනතාව විසින් දිවයින පුරා විරෝධතා පැවැත්වුණා. මේ අතර ඊයේ(01) දින ජපුර විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මෙහෙයවූ විරෝධතාවයේදී මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්

    පසුගිය දින කිහිපයේදීම මෙරට පවතින ආර්ථීක අර්බුදයෙන් පීඩිත ජනතාව විසින් දිවයින පුරා විරෝධතා පැවැත්වුණා. මේ අතර ඊයේ(01) දින ජපුර විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මෙහෙයවූ විරෝධතාවයේදී මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජපුර විශ්ව විද්‍යාල සිසුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වටලයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණ වුණා.

    Facebook | Archived Link

    මෙම තේමාවෙන් පළ වූ තවත් සටහන් මෙතනින් සහ මෙතනින්. Archived Link

    මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අයුරු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    රටපුරා මේ දිනවල දියත් වී තිබුණ, විරෝධතා මාලාවට සමගාමීව ඊයේ (01) දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

    ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල මෙලෙසින් තොරතුරු වාර්තා වී තිබුණා. යූ ටියුබ් හරහා එම අවස්ථාවේ වීඩියෝවක්ද, පළ වී තිබුණේ මෙලෙසින්.

    ඔවුන් ජපුර විශ්ව විද්‍යාලයේ සිට විජේරාම හංදිය දක්වා පාගමනින් ගොස්, විජේරාම හංදියේ පැයකට ආසන්න කාලයක් සාමකාමී උද්ඝෝෂණයක් සිදු කළ බවයි අප කළ විමර්ශනයේදී තහවුරු වුණේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවහිර වී තිබූ අතර එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද, ඇති වී තිබුණා.

    සාමාන්‍ය ජනතාව, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සියලු පාර්ශ්ව දැඩි පීඩාවට පත්ව සිටින කරුණු මුල්කොට ගෙන කළ පන්දම් පමණක් එක් කර ගනිමින් ජපුර මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් විශ්ව විද්‍යාල සිසුන් 500කට අධික ප්‍රමාණයක් විජේරාම හංදියේ පැයකට ආසන්න කාලයක් සාමකාමී උද්ඝෝෂණයක් පැවැත් වූ බවත් කිසිදු අවස්ථාවක මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වෙත විශ්ව විද්‍යාල සිසුන් ගමන් නොකළ බවත්, අප කළ විමසීමේදී එම විරෝධතාවට සහභාගී වූ සිසුන් කිහිප දෙනෙක් විසින් පවසා සිටියා.

    අප මේ පිළිබඳව ජපුර මහා ශිෂ්‍ය සංගමයෙන්ද විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේද, එම විරෝධතාව පැවැත්වුණේ විජේරාම මංසන්ධියේ පමණක් බවයි. එමෙන්ම එම සංගමයේ නිල ෆේස්බුක් පිටුවේද දැක්වුණේ මෙලෙසින්.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළ අතර මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේ, මාදිවෙල මන්ත්‍රී නිවාස කරා එම විරෝධතාව නොපැමිණි බවයි. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ජපුර විශ්ව විද්‍යාල සිසුන් විසින් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වටලයි යනුවෙන් පළ වූ පුවත් අසත්‍ය බවයි. එම විරෝධතාවය පවත්වා තිබුණේ, ජපුර විශ්ව විද්‍යාලයේ සිට විජේරාම මංසන්ධිය දක්වා පා ගමනින් පැමිණ. එම මංසන්ධියේ පැයක වැනි කාලයක් පමණ දැක්වූ විරෝධතාවකි. කිසි විටෙකත් එම විරෝධතාව මන්ත්‍රී නිවාස සංකීර්ණය දක්වා ගමන් නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම ජපුර මහා ශිෂ්‍ය සංගමයද අප කළ විමසීමේදී සඳහන් කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.