Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කරන ලෙස ජවිපෙන් ඉල්ලීමක්?

    2021-06-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය විසින් ඉදිරිපත් කළ බව දැක්වෙන ව්‍යාජ සංස්කරණ මෙන්ම ප්‍රකාශය ද නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන් පසුගිය දා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක

    ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය විසින් ඉදිරිපත් කළ බව දැක්වෙන ව්‍යාජ සංස්කරණ මෙන්ම ප්‍රකාශය ද නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා.

    මේ ආකාරයෙන් පසුගිය දා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ රනිල් ප්‍රේමදාස මහතා පත්විය යුතු බවක් එම පක්ෂය නිවේදනය කළ ආකාරයේ සටහනකි. මේ පිලිබඳ කරුණු අනාවරණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “තරුණ අපි” නම් ෆේස්බුක් පිටුවක පළවී තිබු සටහනකින් දක්වා තිබුනේ “නාඩගම් එපා! රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කරනු!” යනුවනේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශයක් ඉදිරිපත් කළ බව දැක්වෙන පරිදි සටහනක්.

    Facebook | Archived

    මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙක් අතරේ ම හුවමාරු වී තිබූ අයුරු ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ජනතා විමුක්ති පෙරමුණ විසින් යොදාගන්නා ආකෘතියකට සමාන ආකෘතියක් යොදාගනිමින් මෙම සටහන් නිර්මාණය වී තිබු නිසා මේ හා සමාන සටහනක් මැතක දී පළවී තිබුණි දැයි අප ජ.වි.පෙ නිල ෆේස්බුක් පිටුවේ පරීක්ෂා කළෙමු.

    “නාඩගම් එපා! වැඩිකළ තෙල් මිල වහා අඩු කරනු!” යනුවනේ ජනතා විමුක්ති පෙරමුණ කළ ප්‍රකාශයක් එම සටහනේ දැක්වුණි.

    https://www.facebook.com/jvpsrilanka/posts/4080856965336893

    Facebook | Archived

    එම සටහන යොදාගනිමින් සිදුකළ ව්‍යාජ සංස්කරණයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව අපට එම සටහන් දෙකෙහි සංසන්දනයේ දී මෙසේ දැක ගන්නට ලැබුණි.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\254 JVP Ranil Opposition Leader\Horizontal Image Comparison (1).jpg

    මේ පිළිබඳව අප ජවිපෙ මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමේ දී ද පවසා සිටියේ මේ ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් සිය පක්ෂය විසින් සිදුකර නොමැති බවත් මෙය ව්‍යාජ සංස්කරණයක් බවත්ය.

    Conclusion (අවසාන නිගමනය)මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ “නාඩගම් එපා! වැඩිකළ තෙල් මිල වහා අඩු කරනු!” යනුවනේ ජනතා විමුක්ති පෙරමුණ කළ ප්‍රකාශයක් “නාඩගම් එපා! රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කරනු!” යනුවෙන් ව්‍යාජ ලෙස සංස්කරණය කර තිබු බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.