Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අප්‍රේල් 3 විරෝධතාවයට එක්වන ලෙසට ජ.වි.පෙ නායකයින්ගෙන් ඉල්ලීම්??

    2022-03-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනෙන් දින ඉහල යන ජීවන වියදම,උද්ධමනය ,දිගු පෝලිම්, ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ පවතින රජය ජනතාව කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවන්නේ.එවන් වටපිටාවක් තුළ අප්‍රේල් මස 3 වන ඉරිදා සවස 3 ට රටේ පවතින තත්ත්වයට විරෝධය පා වීදි වලට බසින ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රබල ප්‍රච

    දිනෙන් දින ඉහල යන ජීවන වියදම,උද්ධමනය ,දිගු පෝලිම්, ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ පවතින රජය ජනතාව කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවන්නේ.එවන් වටපිටාවක් තුළ අප්‍රේල් මස 3 වන ඉරිදා සවස 3 ට රටේ පවතින තත්ත්වයට විරෝධය පා වීදි වලට බසින ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රබල ප්‍රචාරයක් පැතිර යනවා. මෙම විරෝධතාව ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි පුලුල් සංධානය වන ජාතික ජන බලවේගය  විසින් සංවිධානය කර ඉදිරියට ගෙන යන බවට සමාජ ජාලා හරහා ප්‍රචාර පැතිර යනවා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    අප්‍රේල් 3 ඉරිදා සවස 3 ට පැවැත්වෙන දීප ව්‍යාප්ත විරෝධතාවකට සම්බන්ධ වන ලෙස ජාතික ජන බලවේගය විසින් ජනතාවට ආරාධනා කරන ලෙස හැගවෙන සමාජ ජාලා සටහනක් මෙසේ පළව තිබුණා. 

    Facebook| Archived 

    මෙම  අප්‍රේල් 3 විරෝධතාවය සංවිධානය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවට හැගවෙන පරිදි පළවූ තවත් සමාජ ජාලා සටහනක් පහතින් .

    Facebook | Archived 

    එමෙන්ම තවත් සටහනක්ද මෙලෙසින් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    3 වනදා විරෝධතාවට යන්න එපා අනුර ජනතාවගෙන් ඉල්ලයි යනුවෙන්ද සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link

    එමෙන්ම ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත්ගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලද සටහනක් ලෙස දක්වමින් ඔහු විසින් කරන ප්‍රකාශයක් ලෙස,

    3 වැනිදා උදෑසන ඔබත් එන්න ජාතික ජනබලවේගයේ අපිත් එක්ක බලය හොල්ලන්න.අත්වැල් බැදගන්න අප්‍රේල් 3 උදේ 9 ට රට පුරා….. 

    ලෙස සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්. 

    Facebook

    අප්‍රේල් 3 විරෝධයක් තිබේද ? එයට ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධය කෙබදුද ?මේ අප විසින් ඒ පිළිබදව සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. 

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම විමසා බැලුවේ අප්‍රේල් 3 විරෝධයක් සම්බන්ධයෙන් සමාජ ජාලා වල පළව ඇති අදහස් පිළිබදවයි.එහිදී අපට දක්නට ලැබුණේ මෙම විරෝධතා දැක්වෙන දිනය ලෙස අප්‍රේල් 3 නම් කර තිබුණද බොහෝ සටහන්හි තමාට ආසන්න නගරයට සවස 3 ට පැමිණෙන දෙස දක්වා තිබුණ ද ඇතැම් සටහන්හි එම වෙලාව පෙරවරු 9 ලෙසත් සදහන්ව තිබුණා. කෙසේ වෙතත් මෙම විරෝධතාවය පිලිබඳ සංවිධායක කාණ්ඩයමක් පිලිබඳ විස්තර පැහැදිලිව දක්නට නොලැබුණු අතර මහජන විරෝධයක් ලෙස මෙම සටහන් බොහෝ දෙනා අතරේ මෙලෙස හුවමාරු වී තිබුණා.

    කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම විරෝධතාවය මහජන විරෝධයක් බව සහ තමන් එයින් ලාබ ප්‍රයෝජන ගැනීමට උත්සාහ නොකරන බවයි.එමෙන්ම මෙවැනි වගකිව යුත්තෙක් නොමැති ,සංවිධානයක් නොමැති උද්ඝෝෂණ වලට සම්බන්ධවීමේ යම් අවදානමක් පවතින බවද ඔවුන් සිය නිවේදනයේ සදහන් කර තිබෙනවා.

    Facebook | Archived Link

    එමෙන්ම සමාජ මාධ්‍ය වල සංසරණය වූ ඡායාරූපයක ජවිපෙ සභික වසන්ත සමරසිංහ මහතා සහ එහි නායක අනුර කුමාර දිසානායක මහතා ලබන අප්‍රේල් 03 වන දා පැවැත් වීමට නියමිත අරගලයට පැමිණෙන ලෙස දක්වා තිබූ සටහන් සම්බන්ධයෙන් අප ඔවුන් දෙදෙනාගේ නිල ෆේස්බුක් හරහා නිරීක්ෂණය කරනු ලැබුවා. 

    නමුත් ඔවුන් එලෙස සටහන් පළ කර නොතිබුණි.

    අප මේ පිළිබඳව විමසීමට වසන්ත සමරසිංහ මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ මතය වන්නේ මේ ජනතාව විසින් නිර්මාණය වූ අරගලයක් මිස එම පක්ෂය විසින් සංවිධානය නොකළ අරගලයක් බවයි. එමෙන්ම තමන් විසින් සමාජ මාධ්‍ය තුළ පැතිරෙන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් හෝ සඳහනක් නොකළ බවද, පවසා සිටියා.

    ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් විසින් අප්‍රේල් 3 විරෝධතාවට සහභාගී වන ලෙස හෝ ජාතික ජන බලවේගයද එයට සම්බන්ධ වන බවට ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා සමාජ ජාලා වල සදහන් ආකාරයේ ඉල්ලීමක් /ප්‍රකාශයක් සිදු කර නොමැති බව ඔහුගේ ෆේස්බුක් ගිණුම අධ්‍යයනයෙන් අපට පැහැදිලි වුණා.

    මේ පිළිබඳව ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රන්ජන් මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන් සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීමට අසත්‍ය පතුරුවන බවයි. මහජනතාවට මීට සහභාගි වීම සඳහා ඔවුන් කිසිදු අවස්ථාවකදී ආරාධනා නොකළ බවත් එම අවස්ථාවට සහභාගී නොවන ලෙසට හෝ පවසා නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් පවසා තිබුනේ දේශපාලන භේදයකින් තොරව රට වෙනුවෙන් තමන් සමඟ මෙම විරෝධතාවය සඳහා එක්වන ලෙසයි

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූයේ ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් 3 ඉරිදා පැවැත්වෙන විරෝධතාවයන්ට සහභාගී වන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් සිදු කර නොමැති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.