Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සුනිල් රත්නායකට ලබාදුන් ජනාධිපති සමාව ඉවත් කරන ලෙස ඉල්ලා ජවිපෙ අධිකරණයට ?

    2022-06-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව ඔස්සේ නිදහස ලැබීම 2020 වසරේ දී බොහෝ කතාබහට ලක්වූ කාරණයක් වූ අතර, එම තීන්දුව අභියෝගයට ලක්කරමින්, එම අවධියේ ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කෙරුණා.  කෙසේනමුත් නැවත වරක් මෑතක දී සුනිල් රත්නායකට එරෙහිව, ජනතා විමුක්ති

    සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව ඔස්සේ නිදහස ලැබීම 2020 වසරේ දී බොහෝ කතාබහට ලක්වූ කාරණයක් වූ අතර, එම තීන්දුව අභියෝගයට ලක්කරමින්, එම අවධියේ ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කෙරුණා. 

    කෙසේනමුත් නැවත වරක් මෑතක දී සුනිල් රත්නායකට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණ විසින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබිණ. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    දිවයින පුවත්පතේ වෙබ් අඩවියේ “විගස පුවත්” තීරයේ  ජුනි මස 5 වැනිදා පළවූ පුවතක් උපුටා ගැනීමක් ලෙස හැගවෙන සේ සමාජ ජාලා සටහනක් පළව තිබුණේ මෙලෙසින්.

    “නිරායුධ දෙමළ වැසියන් ඝාතනය නඩුවේ වැරදිකරු සුනිල් රත්නායක ලැබූ ජනපති සමාව අභියෝග කරමින් ජවිපෙ ශ්‍රේෂ්ඨාධිකරණයට .”

    Facebook | Archived 

    ඒ සම්බන්ධයෙන් පළවූ තවත් සටහනකි මේ.

    Facebook | Archived 

    මෙම සටහන්වල දැක්වෙන කරුණු වල සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සදහා කරුණු විමසුමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check( සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප මුලින්මසොයා බැලුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සුනිල් රත්නායකට දුන් ජනාධිපති සමාව ඉවත් කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමක් පිළිබදව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර තිබේද යන්න පිළිබදවයි. එවැනි සටහන් අපට දක්නට ලැබුණේ නෑ.

    දිවයින පුවත්පතේ පළවූ ලිපියක් නොවේ!

    ඉන් අනතුරුව අප විසින්සොයා බැලුවේ ඇතැම් සමාජ ජාලා සටහන් වල දැක්වෙන ආකාරයට දිවයින පුවත්පතේ වෙබ් අඩවිය මගින් එවැනි පුවතක් වාර්තා කර ඇතිද යන කරුණයි. ඔවුන් විසින් ද එවැනි පුවතක් වාර්තා කර නොමැති බව අපට නිරීක්ෂණය වුණා. 

    කෙසේනමුත් කරුණු තහවුරු කර ගැනීමට අප දිනපතා දිවයින පුවත්පතේ කර්තෘ, නාරද නිශ්ශංකගෙන්ද මේ පිළිබදව විමසූ අතර ඒ මහතා තහවුරු කර සිටියේ “දිවයින” පුවත්පත මෙවැනි පුවතක් වාර්තා කළේ නැති බවයි.

    ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාජ සටහන් තරයේ ප්‍රතික්ෂේප කරයි

    අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් මේ පිළිබදව විමසා සිටියා. ඔවුන් අවධාරණය කරේ සුනිල් රත්නායක ට ලබාදී ඇති ජනාධිපති සමාව ඉවත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර නොමැති අතර එය සම්පූර්ණ අසත්‍යයක් බවයි.

    ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශය බාරව කටයුතු කරන එහි මධ්‍යමකාරක සභික නීතීඥ සුනිල් වටගල ද අප හා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණට වෙනත් බොහෝ වැඩ කටයුතු ඇති නිසා මෙවැනි දේවල් සදහා යොමුවීමට වෙලාවක් නොමැති බවයි.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ සුනිල් රත්නායකට එරෙහිව ගොනු කර තිබෙන නඩු:

    සුනිල් රත්නායකට එරෙහිව මැතක දී ජවිපෙ විසින් පසුගිය දින කිහිපයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර නොමැති බව අප එහි රෙජිස්ටාර්ගෙන් මෙන්ම නීතිඥවරයකු හරහා පසුගිය දින කිහිපයේ ගොනු කළ නඩු පරීක්ෂා කිරීමෙන් ද තහවුරු කර ගත්තා.

    එසේම මේ පිලිබඳ මෑතක දී පළවූ මාධ්‍ය වාර්තා පරීක්ෂා කිරීමේ දී අපට දැකගන්නට ලැබුණේ සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට ලක්කරමින්, වෙනත් පාර්ශවයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක්, මේ දිනවල විභාගයට ගැනෙමින් පවතින බවයි. එම නඩු කටයුත්ත සදහා පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කරමින් ඉදිරිපත්ව ඇත්තේ ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්දිරන් මහතා යි. ඒ සම්බන්ධ වාර්තාවක් මෙතනින්. Archived 

    මේ පිළිබඳව වැඩිදුර කරුණු දැනගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කල ද මෙතෙක් ඒ සඳහා අපට හැකියාවක් ලැබුනේ නැත.

    සුනිල් රත්නායකට එරෙහි චෝදනා සහ ජනපති සමාව!

    2000 වසරේදී යාපනය ට නුදුරු මිරිසුවිල් ප්‍රදේශයේ දී සරණාගත නිරායුධ දෙමළ වැසියන් පිරිසක් පැහැරගැනීමට ලක්කර සමූල ලෙස ඝාතනය කිරීම යන චෝදනා මත, වසර කිහිපයක් ඔස්සේ විභාගයට ගැනුණු නඩුවකින් පසුව, 2015 වසරේ දී  සැරයන් සුනිල් රත්නායකට අධිකරණය මගින් මරණ දඩුවම නියම කෙරුණි. පසුව එම තීන්දුවේ අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය නිවැරදි බවට තීන්දු කර තිබුණි.

    එවන් පසුබිමක දී 2020 මාර්තු මස සැරයන් සුනිල් රත්නායක නම් හමුදා නිලධාරියා, ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද්දේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්. 

    සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට විරුද්ධව, එම සමාව ලැබුණු 2020 වසරේ දී ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ,මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකාවක් ඇතුලු පාර්ශ්ව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තාවන්ට පිවිසිය හැකියි.මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived, Archived & Archived

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ  නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීමේ චෝදනාව යටතේ මරණ දණ්ඩනයට ලක්ව සිටි සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට ලක්කරමින්, ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර නොමැති බවයි. එසේම එවැනි පුවතක් දිවයින පුවත්තේ වෙබ් අඩවිය  විසින්ද වාර්තා කර නොමැත.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ දිනවල විභාගවන නඩු කටයුතු පිළිබද පුවත් වාර්තා විමසා බැලීමේදී, සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට ලක්කර වෙනත් පාර්ශ්වයන් මගින් ඉදිරිපත් කර තිබු පෙත්සමක් මේ දිනවල විභාගයට ලක්වන බව දැක ගන්නට ලැබුණා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-06-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.