Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විරාට් කෝලි නැවතත් ලකුණු අතරට !! ඔහුගෙන් ද්විත්ව ශතකයක්?

    2022-07-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අති දක්ෂ පිතිකරුවෙකු ලෙස සැලකෙන හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට, පසුගිය කාලය පුරාවටම සුපුරුදු දක්ෂතා දක්වමින් ලකුණු අතරට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැති අතර ඔහුගේ පසුබෑම පිලිබඳ බොහෝ පාර්ශව විවිධ අදහස් දක්වා තිබුණා. මෙවන් වටපිටාවක, විරාට් ක

    අති දක්ෂ පිතිකරුවෙකු ලෙස සැලකෙන හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට, පසුගිය කාලය පුරාවටම සුපුරුදු දක්ෂතා දක්වමින් ලකුණු අතරට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැති අතර ඔහුගේ පසුබෑම පිලිබඳ බොහෝ පාර්ශව විවිධ අදහස් දක්වා තිබුණා.

    මෙවන් වටපිටාවක, විරාට් කෝලි විසින් ද්විත්ව ශතකයක් ලබාගනිමින් නැවතත් ලකුණු අතරට පිවිසි බවට වන සමාජ ජාලා සටහන් පැතිර තිබුණා. මෙම සුපිරි ක්‍රිකට් තරුව  ඇත්ත වශයෙන්ම මේ ආකාරයේ ද්විත්ව ශතකයක් මෑතක දී ලබා ගත්තා ද?

    සමාජ ජාලා සටහන් 

    “කලකට පසු ලකුණු අතරට පිවිසි විරාට් කෝලිගේ පිත්තෙන්  ද්විත්ව ශතකයක් .”ලෙස දක්වමින් විරාත් කෝලි සිය ජයග්‍රහණය සමරන ආකාරයක් පෙන්වන සේයාරූ ද එම සටහනට එක්කර තිබුණා.

    Facebook | Archived

    තව ද සේයාරුව අනුව, කෝලි මෙම දස්කම බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ ටෙස්ට් ක්‍රිකට් තරඟයක දී දක්වා ඇති බවක් ද එය ඔහුගේ පළමු ද්විත්ව ශතක ය බව ද හැඟවෙනවා. මේ හේතුවෙන් බොහෝ දෙනෙක් මෙම කරුණ අසත්‍යක් බවට හඳුනාගෙන ද තිබුණා.මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    ඉන්දීය කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරයක යෙදෙන නමුත් එම සංචාරය එක් දින ජාත්‍යන්තර තරඟ සහ විස්සයි-විස්ස තරඟ සඳහා පමණක් සීමා වී ඇති අතර ටෙස්ට් තරඟ මෙහි දී පැවැත්වෙන්නේ නැහැ. එසේම මෙම තරඟාවලිය සඳහා විරාත් කෝලි ක්‍රීඩා කරන්නේ ද නැහැ. ඒ පිළිබඳව පළවූ ලිපියක් මෙතනින්

    ඉන් අනතුරුව අප කෝලි විසින් මෑතක දී පැවති තරගවලදී ලබාගත් ලකුණු පිලිබදව සොයා බැලුවා.

    espncricinfo | Archived

    මෙම දත්ත අනුව පැහැදිලි වන කාරණය නම් මැයි මස 13 සිට මේ දක්වා මාස දෙකක කාලසීමාව තුලදී කෝලි විසින් එක්දින, ටෙස්ට්, ටී 20 , IPL හෝ වෙනත් කවර හෝ තරගයයකදී වුවත් ලකුණු 200 ක් (ද්විත්ව ශතකයක්) තබා , ශතකයක් හෝ වාර්තා කර නොමැති බවයි.

    විරාත් කෝලි මේ වන විට ටෙස්ට් ද්විත්ව ශතක 7ක් ලබාගෙන තිබෙන අතර අවසාන ද්විත්ව ශතකය ලබාගෙන තිබෙන්නේ 2019 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 254* කි.  එය ඔහු මෙතෙක් ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා වෙනවා.

    ඉන් අනතුරුව අප විසින් මෙම සමාජ ජාලා සටහනේ සේයාරූ කවරේ ද යන්න පිලිබදව පරීක්ෂා කර බැලුවා. එහි දැක්වෙන්නේ 2016 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවති තරඟ 4 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ, ඇන්ටිගුවාහි පැවැත්වූ පළමු තරඟයේ දෙවන දිනයේ දී කෝලි විසින් සිය මංගල ලකුණු 200 ලබාගත් අවස්ථාවට සම්බන්ධ ඡායාරුප දෙකකි. 

    ඉන්දියාව මෙම තරඟය ඉනිමකින් සහ ලකුණු 92 කින් ජයගත් අතර එම තරඟයේ ලකුණු පුවරුව මෙතනින් මෙහිදී එවකට නායක කෝලි ලකුණු 200ක් ලබාගත් අවස්ථාව , ඉන්දීය ක්‍රිකට් නායකයෙක් විසින් ටෙස්ට් තරගයකදී ඉන්දියාවෙන් පිටතදී ලකුණු 200 ක් ලබාගත් ප්‍රථම අවස්ථාව ද වුණා. ඒ පිලිබඳ තවත් සටහනක් මෙතනින්

    කෝලි මෙසේ ලකුණු 200 ලබාගත් මොහොත සමරු අවස්ථාවේ දර්ශන සමාජ මාධ්‍ය සටහන සඳහා යොදාගෙන තිබු දර්ශන බව ද අපට දැකගන්නට ලැබුණා. එම අවස්ථා ඇතුළු කෝලි සිය දිවිත්ව ශතක සියල්ල සමරු අවස්ථා පහතින්

    https://youtu.be/yOxVBiGBPMs

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News |TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-07-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.