Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කුරුකුමාන ඇල්ලේ වීඩියෝවක්ද? (Video)

    2022-09-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු ක

    ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හැටියට හඳුනා ගත්ත ද, මෙම ස්ථාන පිලිබඳ අවබෝධය අඩු බොහෝ පිරිස් මෙවැනි සටහන් හේතුවෙන් නොමග යනු ලැබේ. එවැනි වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ගල උඩ පාලම – කුරුකුමාන ඇල්ල” යනුවෙන් සඳහන් කරමින් පසුබිමෙන් දියඇල්ලක දර්ශනයක් සමඟ දුම්රියක් ගමන් ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණා.

    Facebook 

    ගල උඩ පාලම – කුරුකුමාන ඇල්ල ලෙස සඳහන් කරමින් මෙම වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් හුවමාරු කරගෙන තිබුණේ මේ අයුරින්.

    YouTube ඔස්සේ ද, මෙම ස්ථානය “කුරුකුමාන ඇල්ල” ලෙස සඳහන් කරමින් වීඩියෝවක් පළකර තිබුණේ මේ අයුරින්.

    මෙම වීඩියෝ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    වීඩියෝවේ දැක්වෙන ස්ථානය මෙරට ස්ථානයක් ද, යන්න පිළිබඳව අප විමසා බැලීමක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම “කුරුකුමාන ඇල්ල” යනුවෙන් මෙරට ඇල්ලක් තිබේද, යන්න පිළිබඳව පරීක්ෂාවක් කරනු ලැබුවා.  කිරාවන, කිර්මාන යනුවෙන් දිය ඇලි තිබුණ ද කුරුකුමාන ඇල්ල  නම් දිය ඇල්ලක් සම්බන්ධයෙන් තොරතුරු අපට හමු නොවුණි.

    එමෙන්ම එම වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී එම දුම්රිය මාර්ගයේ විදුලි දුම්රියට විදුලිය ලබා දෙන විදුලි රැහැන් දැක ගන්නට ලැබෙන අතර එම දුම්රියේ ඉන්දියානු ජාතික කොඩිය ද, මෙලෙසින් දැක ගන්නට ලැබේ.

    මේ පිළිබඳ කළ වැඩිදුර විමර්ශනයේ දී දැක ගන්නට ලැබුණේ, මෙහි දැක්වෙන්නේ, ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ Bhor Ghat හි Palasdari සහ Khandala අතර සහ Khopoli සහ Khandala අතර පිහිටි කඳුකර මාර්ගය හරහා දිවෙන දුම්රි මාර්ගයේ Kp ඇල්ල දුම්රිය පාලමයි. (Kp falls railway bridge) නැතහොත් කර්ජාට් ලෝනාවල් උමග ලෙසින් ද මෙම ස්ථානයට පැවසිය හැක.

    අපගේ Fact Crescendo ඉන්දියානු කණ්ඩායමද මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, Kp ඇල්ල දුම්රිය පාලම බවට තහවුරු කළා. 

    පසුගිය දින කිහිපයේ දී Kp ඇල්ල දුම්රිය පාලම ආශ්‍රිතව වීඩියෝව රැසක් පළකර තිබු අතර, ලංකාවේ  සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව, ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි KP දිය ඇල්ල ලෙස දක්වමින් මීට දින කිහිපයකට පෙර පළකර තිබු වීඩියෝවක් පහතින්.

    https://youtu.be/FEmn304gMRg

    එම ස්ථානයේ වීඩියෝවක් මෙතනින් වෙනත් කෝණයකින් පළ වූ තවත් වීඩියෝවක් මෙතනින්. සහ මෙතනින්.

    Also Read : 

    වැලිමඩ, ඩයරබා වත්තේ ඡායාරූපයක් ද ?

    හපුතලේ බෙරගල මාර්ගයේ දිය ඇලි?

    කිතුල්ගල ප්‍රදේශයේ ඇති දිය තටාකයක් යැයි මුහුනුපොතේ හුවමාරු වන පින්තූරය ලංකාවේ ස්ථානයක් නොවේ !

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, ‘කුරුකුමාන ඇල්ල’ යනුවෙන් සඳහන් කරමින් ලංකාවේ දර්ශන පෙළක් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ, ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ Bhor Ghat හි කර්ජාට් ලෝනාවල් උමගත් සමග ඇති Kp දිය ඇල්ල අසලින් දුම්රියක් ගමන් ගන්නා අවස්ථාවක මනරම් දර්ශන පෙළක් බවයි. මෙරට ‘කුරුකුමාන ඇල්ල’ යනුවෙන් දිය ඇල්ලක් පිළිබඳ දැක ගන්නට නොලැබෙන අතර ඒ පිළිබඳ තොරතුරු ද, දැක ගන්නට නොලැබුණි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-09-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.