Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ?

    2022-07-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ විශාල දේශපාලන සහ ආර්ථික අර්බුදයක් තුලයි. මේ අතර රටේ යම් අරාජිකත්වයක් ද නිර්මාණය වී තිබෙන අතර විවිධ කලහකාරී තත්වයන් පිළිබඳව දිගින් දිගටම වාර්තා වූ පසුබිමක, ආණ්ඩු-විරෝධී විරෝධතාවලට ඉදිරිපත් වී සිටින දේශපාලන පක්ෂයක් වන පෙරටුගාම

    ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ විශාල දේශපාලන සහ ආර්ථික අර්බුදයක් තුලයි. මේ අතර රටේ යම් අරාජිකත්වයක් ද නිර්මාණය වී තිබෙන අතර විවිධ කලහකාරී තත්වයන් පිළිබඳව දිගින් දිගටම වාර්තා වූ පසුබිමක, ආණ්ඩු-විරෝධී විරෝධතාවලට ඉදිරිපත් වී සිටින දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහ ලේකම්වරයා වන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් සමාජ ජාලා හරහා පැතිරෙනවා.

    සමාජ ජාලා සටහන් 

    “ටයර් සෝමේ අත්අඩංගුවට අරගලය ට ජයවේවා” යන තේමාවෙන් කුමාර් ගුණරත්න මහතාව විලංගු දමා පොලිසිය මගින් රැගෙන යන සේයාරුවක් එක්කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    ඒ සම්බන්ධ තවත් සටහන්ද ෆේස්බුක් අවකාශය තුළ පැතිර පැවතියේ මේ ආකාරයෙන්.

    Facebook | Archived   Facebook | Archived

    මෙම සටහන් ෆේස්බුක් පිටු සහ සමුහ රැසක් විසින් ද හුවමාරු කරගෙන තතිබුනේ මෙලෙසින්

    සැබෑවටම කුමාර් ගුණරත්නම්ව අත්අඩංගුවට ගත්තා ද ? මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් පසුගිය දා කුමාර් ගුණරත්න අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව කරුණු වාර්තා කර තිබුණේ ද යන කාරණය පිලිබදව විමසා බැලුවා. එහෙත් මෑත කාලයේදී එවන් අත්අඩංගුවට ගත් බවට පුවතක් පලව තිබුණේ නැහැ.

    නමුත් මීට වසර කිහිපයකට පෙර, ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්, ගුණරත්නම් ව  අත්අඩංගුවට ගෙන සිර දඩුවමක් සහ දඩ මුදලක් නියම කල බවට වන පුවත් පලව තිබුණා. 2015 නොවැම්බර් මස කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ වීඩියෝ දර්ශන මෙතනින්. ඒ පිළිබඳව පුවතක් මෙතනින් |  Archived

    2015-16 වසරේ දී කුමාර් ගුණරත්නම් ව අත්අඩංගුවට ගත් බවට පුවත් පළව තිබුණේ මෙලෙසින් | Archived

    මේ දිනවල කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවක් හැඟවීමට යොදාගෙන තිබු ඇතැම් සටහන් සඳහා එකතු කර තිබු සේයාරුව ද 2015-16 සමයේ ඔහු අත්අඩංගුවට පත්වීම සම්බන්ධ පුවත් වාර්තා සඳහා යොදාගෙන තිබුණා. එම අවස්ථා පහතින්.

    Colombo Telegraph| Archived Hiru News Silumina | Archived

    කෙසේවෙතත් කුමාර් ගුණරත්නගේ මේ දිනවල අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සදහා අප පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් කල අතර ඔවුන් පැවසුවේ ද කුමාර්  ගුණරත්නම් ව අත්අඩංගුවට ගැනිමක් මේ දිනවල මෙතෙක් සිදුව නොමැති බවයි.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයෙක් ද පැවසුවේ කුමාර් ගුනරත්නම්ව අත්අඩංගුවට ගත්  බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි. කුමාර් ගුණරත්න මහතා මාධ්‍ය වෙත ඊයේ (13) අදහස් දක්වා තිබු අයුරු මෙලෙසින්

    එසේම එම මාධ්‍ය සාකච්ඡාවේ ද සිටි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ විසින් ද ෆේස්බුක් සටහනකින් දක්වා තිබුනේ කුමාර් ගුණරත්නම් සහෝදරයා සහ තවත් පක්ෂයේ සහෝදරවරුන් අත්අඩංගුවට ගත් බවට සමාජ මාධ්‍ය වල පැතිර යන පුවත් දැනට අසත්‍ය පුවත් බවයි. එම සටහන මෙතනින් | Archived

    එසේම කුමාර් ගුණරත්නම් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ, ජවිපෙ ඇතුළු නායකයින් අත්අඩංගුවට ගන්නා ලෙස අවධාරණය කරමින් ද සමාජ මාධ්‍ය සටහන් පෙළක්, ඊයේ (13) දින සිට හුවමාරු වී තිබු අතර, ඒ ඔස්සේ, ඉහත සටහන් නිර්මාණය වූ බවක් අනුමාන කළ හැක. එවැනි සටහනක් මෙතනින් | Archived

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News| Tik Tok

    Conclusion (අවසාන නිගමනය)

    කුමාර් ගුණරත්නම් පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූ බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍යයි. ඒ සදහා යොදාගෙන ඇත්තේ 2015-16 කාල සිමාවේ ගුණරත්නම්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලබාගත් සේයාරුවකි. කුමාර් ගුණරත්නම් ව මෙතෙක් අත්අඩංගුවට නොගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද තහවුරු කර සිටිනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-07-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.