Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    88/89 යුගයේදී දෙමාපියන් ඝාතනය කළ ජවිපෙට ඡන්දය නොදෙන බවට කුමාර ධර්මසේනගෙන් ප්‍රකාශයක් ??

    2022-01-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කුමාර ධර්මසේන, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා සහ වත්මන් ක්‍රිකට් විනිසුරුවරයා, සම්බන්ධව විවිධ ප්‍රචාර පසුගිය කාලය තුළ සමාජ ජාලා හරහා පැතිරුණා.මේ ඔහු හා සම්බන්ධව පැතිරුණු නොමග යවනසුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්.. සමාජ ජාලා සටහන්  ෆේස්බුක

    කුමාර ධර්මසේන, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා සහ වත්මන් ක්‍රිකට් විනිසුරුවරයා, සම්බන්ධව විවිධ ප්‍රචාර පසුගිය කාලය තුළ සමාජ ජාලා හරහා පැතිරුණා.මේ ඔහු හා සම්බන්ධව පැතිරුණු නොමග යවනසුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්..

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් කුමාර ධර්මසේනගේ ඡායාරූපයක් සමග ඔහු සිදුකළ ප්‍රකාශයක් ලෙස සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත ආකාරයෙන් .

    “88/89 අම්මා තාත්තා මරපු උන්ට කතිරය ගහන්න අපේ මොලේ අමාරුවක් නැහැ.”-කුමාර ධර්මසේන 

    Facebook | Archived

    මේ හා සමාන සටහන්  පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මුලදීද ෆේස්බුක් අවකාශය තුළ පැතිර පැවති ආකාරයක් නිරීක්ෂණය කිරීමට අපට හැකිවුණා. 

    Facebook | Archived

     මෙම ප්‍රකාශයේ පවතින කුතුහලජනක ස්වභාවය නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

    Fact Check : සත්‍ය තොරතුරු විමසා බැලීම. 

    අප මුලින්ම සිදුකලේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඔහු විසින් සිදුකළ මෙවැනි ප්‍රකාශයක් පිළිබදව කරුණු සටහන්ව ඇතිද යන කාරණයයි.එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    ඉන්පසුව අප ක්‍රිකට් විනිසුරුකුමාර ධර්මසේනගෙන්ද මේ පිළිබදව විමසා බැලුවා.එහිදී ඔහු පැවසුවේ සමාජ ජාල හරහා තමන් ප්‍රකාශ කළ බවට විවිධ ප්‍රචාර පැතිර ගියද තමන් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.තමන් දේශපාලනයට එන බවටද  විවිධ ප්‍රචාර සමාජ ජාල හරහා පැතිර ගියද ඒ පිළිබදව තම මතය සිය නිළ ෆේස්බුක් පිටුව හරහා දක්වා ඇති බවත් ඔහු පැවසුවා.

    ඉන් අනතුරව අප අවධානය යොමුකළේ ඔහුගේ නිළ ෆේස්බුක් පිටුව වෙතයි.එහිදී ඔහු දේශපාලනය පිළිබදව දක්වා තිබුණේ මෙවන් අදහසක්. 

    Facebook | Archived

    කුමාර ධර්මසේනගේ දෙමව්පියන් පිලිබදවද අප කරුනු සොයා බැලු අතර 2010 වසරේදී ඔහුගේ පියා මියගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් පළවුණු මාධ්‍ය වාර්තාවක් පහතින් .

    Web | Archived 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අපවිසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ  දෙමාපියන් 88/89 සමයේදී ඝාතනය කළ නිසා ජවිපෙට ඡන්දය ලබානොදෙන බවට ප්‍රකාශයක්  ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන විසින් සිදු කර නොමැති බවයි.ඒ බව ඔහු විසින්ද තහවුරු කළා.

    Also Read: Facebook ඔස්සේ Viarl වුණේ කුමාර ධර්මසේනගේ සටහනක්ද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-01-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.