Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: අපහාස නොකර ඉන්න බැරි නම් මැච් නොබල ඉන්න – කුසල් ජනිත් පැවසුවාද?

    2021-06-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුනු විසුණු කරමින් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් 20/20 ජාත්‍යන්තර තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයක් ලබා ගත්තා. ඒ අනුව ශෝකයට පත් වී සිටින ක්‍රීඩා ලෝලීන් ප්‍රකෝපකාරී කරවන අන්දමින් ශ්‍රී ලංකා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුනු විසුණු කරමින් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් 20/20 ජාත්‍යන්තර තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයක් ලබා ගත්තා.

    ඒ අනුව ශෝකයට පත් වී සිටින ක්‍රීඩා ලෝලීන් ප්‍රකෝපකාරී කරවන අන්දමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වුණා. මෙහි නිරවද්‍ය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    Do you නම් ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා විසින් ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී පහත අදහස් දැක්වූ බවක්.

    සමාජ මාධ්‍ය තුළ අපිට අපහාස කරන්න කරන්න තව මානසික වැටිලා තව තරඟ පරාද වෙනවා ඇරෙන්න ඒක දිනුමට උදව්වක් නෙවෙයි. අපහාස නොකර ඉන්න බැරි නම් මැච් නොබල ඉන්න – අද පැවති මාධ්‍ය හමුවේදී නායක කුසල් 

    Facebook | Archived Link

    මෙම සටහන මේ වන විට පන්දහසකට ආසන්න ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබෙනවා. ඒ ආකරයෙන් තවත් සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබු අයුරු ද අපට දැක ගණනට ලැබුණා

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    එංගලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා එංගලන්තයේ සිට ඊයේ (28) අන්තර්ජාලය ඔස්සේ සිදුකළ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් අප අවධානය යොමු කරනු ලැබුවා.

    ඒ පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා ද අප පරීක්ෂා කර බැලුවා. එම සාකච්ඡාවේ දී කුසල් ජනිත් විසින් ක්‍රීඩා ලෝලීන් ගෙන් සමාව ඇයද සිටි අවස්තාව පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් කිසිඳු පුවතක ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ආකරයේ ප්‍රකාශයක් කුසල් විසින් සිදුකර තිබු බවක් දක්වා තිබුනේ නැහැ.

    News first | Ada Derana

    කුසල් සහභාගී වූ එම මාධ්‍ය සාකච්ඡාවේ කිහිප අවස්ථාවක දී ම මාධ්‍ය වේදීන් විමසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 3 දෙනෙක් සම්බන්ධයෙන් පැනනැගී තිබූ ප්‍රශ්නය පිළිබඳවයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළකරන ලද නිවේදනය මෙතනින්.

    නමුත් එම මාධ්‍ය වෙත අදහස් දැක්වීම මුළුල්ලේම ඉහත සමාජ මාධ්‍ය සටහනේ සඳහන් පරිදි කිසිදු ප්‍රකාශයක් අපට ද දැක ගන්නට ලැබුනේ නැහැ. එහි ඒ වෙනුවට නායක කුසල් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැද සිටි බවක් දක්නට ලැබුණා. ඔහු ඒ අවස්ථාවේ ක්‍රිකට් ලෝලීන් සම්බන්ධයෙන් සඳහන් කළේ මෙලෙසින්.

    පිළිගන්නවා අපි පැරදෙන විදිහට හුඟාක් ෆෑන්ස්ලා දුකෙන් ඉන්නේ. ඒ වෙලාත් අපිට මෙහෙම කතා කරලා ඇට් ලීස්ට් අපිට විෂ් කරන එක ගැන අපි සතුටු වෙනවා… කණගාටුව ප්‍රකාශ කරන්න ඕනේ ඒ ගොල්ලන්ගේ තියෙන හෝප්ස් අපි සීමිතක් දුරට නැති කරලා තියෙනවා. සමාව ඉල්ලනවා කැප්ටන් කෙනෙක් විදිහට මොකද මේ වෙලාවේ තියෙන ප්‍රශ්න එක්ක ඇත්තටම මෙහෙම ෆෑන්ස්ලා ඉන්න එක ගැන සතුටුයි. මේ විදියට ඉස්සරහට සපෝට් කරන්න කියලා ඉල්ලනවා. මේ වෙච්ච දේවල් හදාගෙන පුළුවන් තරම් ඉක්මනට දිනන මානසිකත්වයකට මුළු ටීම් එකම හදලා ෆෑන්ස්ලගේ අවශ්‍යතාවය තරඟ දිනන ජයග්‍රාහයකත්වය හදන එක තමයි බලාපොරොත්තුව

    එම මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්. මේ සම්බන්ධයෙන් පළ වූ කොටස සම්පූර්ණ වීඩියෝවේ 17.07 වන විනාඩියේ සිට.

    ඒ අනුව ඉහත සඳහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන අසත්‍ය බව කිය හැක.

    පසුගිය 26 වන දා ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය, තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. ඒ, සවුත්හැම්ටන්හිදී පැවැති තුන්වැනි තරගය ලකුණු 89 කින් ජය ගනිමිනි. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති T20 තරඟාවලියේ විශේෂ අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (29) ආරම්භ වීමට නියමිතයි.

    Also Read:

    Fact Check: වැටුප් කප්පාදුව ක්‍රීඩකයින්ගේ මානසික එකාග්‍රතාවයට බලපෑ බවක් බංග්ලාදේශ තරඟාවලි පරාජයෙන් පසුව කුසල් ජනිත් පැවසුවා ද?

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා එංගලන්තයේ සිට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ඉහත සටහන් අසත්‍ය බවයි. 

    කුසල් ජනිත් එම මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටියා. එහෙත් අපහාස නොකර ඉන්න බැරි නම් මැච් නොබල ඉන්න යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන අපහාසාත්මක සහ උපහාසාත්මක සටහන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබුනේ නැහැ

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.