Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පරිසරය දුෂණය වීම හේතුවෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර මල සිරුරු ආදාහනය නවතා දැමුවා ද?

    2021-01-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන මෘත ශරීර භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන්න පිලිබඳව කතිකාවත පසුගිය කාලය පුරාවටම විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසදිතව මියගිය පුද්ගලයින්ගේ ආදාහනය අත්

    ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන මෘත ශරීර භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන්න පිලිබඳව කතිකාවත පසුගිය කාලය පුරාවටම විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය.

    කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසදිතව මියගිය පුද්ගලයින්ගේ ආදාහනය අත්හිටවූ බව සඳහන් කරමින් ෆේස්බුක් සටහනක් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනා. 

    CNN පුවත් අඩවියේ පල වූ සටහනක් මූලික කරගනිමින් පලවූ එකක් බව දක්වා තිබු එම සටහන් විමර්ෂණය කිරීමේදී අපට අනාවරණය වුයේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ මරණ සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහළ යාමත් සමඟම ආදාහනාගාර මඟින් සිදුවිය හැකි වායු දුෂණය අවම කරගැනීමේ තාවකාලික පියවරක් මෙසේ වැරදි අර්ථකතනකින්, ලංකාවේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබු බවයි.

    සමාජ මාධ්‍ය සටහන්:

    “USA city suspends Covid 19 Cremation…අදාහනය පරිසරය දූෂණය වෙනවලු…දැන් මොනවාද  කියන්නේ. අපේ මුකටි  මැත්තිකා  මහාචාර්ය තුමිය.. ⁉️” 

    යනාදී වශයෙන් පහත කතාංගය ද සහිතව Mohamed Asfak නම් අයෙකු සටහනක් හුවමාරු කරගෙන තිබු සටහනින් දක්වා තිබුනේ, ඇමරිකාවේ නගරයක කොවිඩ්19 ආසාදිත දේහ ආදාහනය කිරීම හේතුවෙන් වායු දුෂණය සිදුවන බව සැලවීමත් සමඟම, ආදාහනය කිරීම අත්හිටුවා ඇති බවක්. මේ සටහනට CNN පුවත් සේවයේ පළවූ ලිපියක් ද පාදක වී තිබු අයුරක් එහි දක්වා තිබුණා.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\35 CNN\eb0cb3c3-fbd3-4181-b074-80bce893d3af.png
    FacebookArchived

    මේ ආකාරයට බොහෝ දෙනෙක් පහත පරිදි මෙම සටහන් ෆේස්බුක් වල පල කර තිබුනේ පහත අයුරින්.

    FacebookArchived
    FacebookArchived

    සැබැවින්ම ඇමරිකාවේ පරිසර දූශනය හේතුකොට ගෙන මලසිරුරු ආදාහනය නතර කර ඇතිදැයි සොයා බැලීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම පුවතේ සත්‍යතාවය පිලිබඳව සොයා බැලීමට CNN පුවත් සේවය විසින් පල කරන ලදැයි පෙන්වා තිබු පුවත විමසා බැලුවා.

     2021 ජනවාරි 18 වන දින පල වී තිබු එම පුවත් සටහනේ මාතෘකාව ලෙස දක්වා තිබුනේ Air quality regulator temporarily suspends cremation limits for LA County amid ‘backlog’ from pandemic ලෙසයි. වසංගතය තත්වය හේතුවෙන් මළ සිරුරු ගොඩ ගැසීම නිසා ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ආදාහනාගාරවල ආදාහනය තාවකාලිකව සීමා කිරීමක් ගැන එම ලිපියෙන් දැක්වෙනවා.

    එම සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\35 CNN\4e465b00-610d-4e73-b2c2-38f3e1164190.png
    Cnn NewsArchived

    මෙම ලිපියට අනුව දැක්වෙන්නේ ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ පසුගිය කාලයේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව තිබෙන මරණ සංඛ්‍යාව ඇති විශාල බවත් එය වසංගතට පෙර වසර වල සිදුවූ මරණ වලට වඩා දෙගුණයකටත් වඩා වැඩි බවක් පැවසෙනවා.

    එමනිසා ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ මෙන්ම මරණ පරීක්ෂක වරයාගේ ද නිර්දේශ මත වායු ගුණාත්මක කළමනාකරණ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වාතයෙහි ගුණාත්මකභාවය පිළිබඳ රෙගුලාසි හේතුවෙන් සෑම මසකම සිදු කළ හැකි ආදාහන ප්‍රමාණය සීමා කර ඇති බවක්. මේ ආකාරයට හදිසි නියෝගයක් නිකුත් කර ඇත්තේ ආදාහනය කරන මල සිරුරු ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් සිදුවන වායූ දුෂණය පාලනය කිරීමටය.

    මේ ආකාරයට මල සිරුරු ආදාහනය සීමා කිරීමට කටයුතු කර ඇති බව දක්වමින් පුවත් පත් වාර්තා දක්වා තිබුනේ පහත පරිදියි

    Huffpost.com | Cbsnews.com | NPR

    ඒ කිසිඳු සටහනක මරණ ආදාහනය නවතා ඇති බවක් සඳහන් නොවන අතර මෙම පුවත් වලින් සඳහන් කර සිටිනේ ආදාහන කිරීමට තිබෙන මළ සිරුරු ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් සිදුවන වායු දුෂණ තත්වය පාලනය කිරීමට ආදාහන් සීමා කර ඇති බවක්.

    වායු ගුණාත්මක කළමනාකරණ දිස්ත්‍රක්කය නිකුත් කර තිබු නිවේදනය මෙතනින්. එහි කොටසක් පහතින්.

    පෙබරවාරි මස 04 වැනිදා ඉහත නියෝගය අවසන් වීමට නියමිත බව දක්වා තිබුණ ද එය දීර්ඝ විය හැකි බවක් ද එහි සඳහන්.

    මේ පිලිබඳ අප නවතම පුවත් ද පරීක්ෂා කර බැලුවා. ඒවා යේ ද සඳහන් වන්නේ පවතින තත්වයන් යටතේ ඉහත නියෝගය දීර්ඝ විය හැකි බවක්. 

    https://www.facebook.com/233745676743521/posts/3593073907477331

    Conclusion (අවසාන නිගමනය)

    පසුගිය කාලයේ දී ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ කොවිඩ්19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහළ යත්ම ආදාහනාගාර තුළ මෘත දේහ වැඩියෙන් එකතු වන බැවින් ඒවා ආදාහනය කිරීමෙන් ඇතිවිය හැකි වායු දුෂණ තත්වයන් හමුවේ ආදාහන ප්‍රමාණය සීමා කිරීමට බලධාරීන් විසින් තාවකාලික තීරණයක් ගෙන තිබුණි.

    එම පුවත, වායු දුෂණය හේතුවෙන් කොවිඩ් මළ සිරුරු භුමාදාන කිරීමට ඇමරිකානු ප්‍රාන්තයක් තීරණය කර ඇති බව හඟවන අයුරින් වැරදි ආර්ථකථනයක් සහිතව නොමඟ යවන සුළු ආකාරයෙන් හුවමාරු වී ඇති බව අපට තහවුරු කල හැක.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.