Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වන ලෙසට නිවේදනයක්, ලංකා IOC සමාගම නිකුත් කළේ නැත!

    2022-07-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉන්ධන අර්බුදය හමුවේ ලංකා IOC සමාගමය විසින් ඉන්ධන පිරවුම්හල් කිහිපයක දී ඉන්ධන සැපයීමට කටයුතු කර තිබු පසුබිමක, මැයි මස 11 වැනිදා සිට ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා දුරකථන ඇමතුම් ලබා දී අදාළ විස්තර ලබාදිය යුතු දුරකථන අංක පෙළක් ලෙස දක්වමින් හුවමාරු ව

    ඉන්ධන අර්බුදය හමුවේ ලංකා IOC සමාගමය විසින් ඉන්ධන පිරවුම්හල් කිහිපයක දී ඉන්ධන සැපයීමට කටයුතු කර තිබු පසුබිමක, මැයි මස 11 වැනිදා සිට ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා දුරකථන ඇමතුම් ලබා දී අදාළ විස්තර ලබාදිය යුතු දුරකථන අංක පෙළක් ලෙස දක්වමින් හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක් පිලිබඳ අපගේ විමර්ෂණය මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ලංකා IOC නිල නිවේදනයක් පරිද්දෙන්, ඔවුන්ගේ ලිපි ශීර්ෂයක් සේ හඟවමින් පළවූ මෙම සටහන්, මැයි 09 වැනිදා පුරවැසි අරගලයට පෙර දින රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ආරම්භ වී තිබුණා.

    ලංකා IOC සමාගමේ සාමාන්‍යාධිකාරි විසින් නිකුත්කළ නිවේදනයක් ලෙස , ලංකා IOC සමාගම විසින් පෙර නිකුත් කළ නිවේදනයක කොටසක් ද (එනම් මැයි 8 සහ 9 දිනයන්හි IOC සමාගම පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අත්හිටුවීම පිලිබඳ කරුණු) ඇතුළත් වීම නිසා, සහ වර්තමානයේ බලපැවැත්වෙන ඉන්ධන අර්බුදය හමුවේ මෙම ලිපියේ නිරවද්‍යතාවය පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වී තිබුණි.

    පැය 24 ම ක්‍රියාත්මක දුරකථන අංක ලෙස ජංගම දුරකථන අංක පෙළක් ලැයිස්තුගත කරමින්, එම අංක අමතමින් පාරිභෝගිකයන්ගේ නම, ජාතික හැඳුන්පත් අංකය, වාහන අංකය, ඉන්ධන වර්ගය සහ සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය යනාදිය දැනුම් දී, හැකි ඉක්මනින් ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස උපදෙස් දෙමින් හුවමාරු වූ එවැනි සටහනක් පහතින්.

    FB1 | FB2

    මෙම සටහන් ෆේස්බුක් සමුහ කිහිපයකම හුවමාරු වී තිබු අයුරු මෙලෙසින්

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    පුරවැසි අරගලය හේතුවෙන් මැයි 8 සහ හෙට මැයි 9 දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බව ලංකා IOC කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ට්විටර් පණිවුඩයකින් දන්වා තිබුණා. කෙසේවෙතත්, ත්‍රිකුණාමලයේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) සහ කර්මාන්ත සඳහා ඉන්ධන සැපයීම දිගටම කරගෙන යන බවත්, ඉරිදා (මැයි 10) අලුයම සිට පිරවුම්හල් වෙත ද ඉන්ධන සැපයීම නැවත ආරම්භ කරන බවත් ඔහු දන්වා තිබුනේ මෙලෙසින් | Archived

    එසේම මැයි 09 වැනිදා උදෑසන නැවත වරක් ට්විටර් පණිවුඩයක් ඔස්සේ මනෝජ් ගුප්තා මහතා සඳහන් කර සිටියේ, ඉන්ධන ලබාගැනීමට සඳහා ලංකා IOC පාරිභෝගිකයන් සිය හැඳුනුම්පත / ඉන්ධන වර්ගය / වාහන ලියාපදිංචිය ඇතුළු විස්තර යම්කිසි ජංගම දුරකථන අංක වෙත ලබාදෙන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පැවති සටහන් සම්පුර්ණයෙන්ම ව්‍යාජ බවයි. Archived

    මෙම තොරතුරු IOC ෆේස්බුක් පිටුවේ දක්වා තිබු අයුරු පහතින්

    https://www.facebook.com/lankaioc/posts/pfbid09PBSsD45jSDcAYwCDCkNtYaxekPpe7tF9MadfcUZbUgaKwA3LGetHz9jVZsjTMsdl?__cft__[0]=AZXFEuHWFuhM8VZtn7p7jL0kWhf8nr8ytMWwpln-1yw7DjYFlq0t8HLZMPIv4lU_SXjUrV6HW37DqkhvVm0xhhv3Zdasu2bkdHJXwfSzouUHDgVSw-CLZFCGyEyQTIC_HSFpkIyw389hqm9sJbvALKDK&__tn__=%2CO%2CP-R

    එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපියේ ව්‍යාජ නිර්මාණයක් බව පුරවැසි අරගලයට සම්බන්ධ කිහිපදෙනෙකු විසින් ම පෙන්වා දී තිබිණි. “ගෝටාගෝගමට එන කෑම බීම නවත්තන්න ගෝටාගෝගම සප්ලයි නම්බර් කරන දාලා jaඩ වැඩ !!” යන තේමාවෙන් හුවමාරු වූ එවැනි එක් සටහනක් මෙතනින්. තවත් සටහනක් මෙතනින්.

    ඒ හා සමඟම ව්‍යාජ සටහන් බොහොමයක් ඉවත් කරගෙන තිබු ආකාරයක් ද අපට දැක ගන්නට ලැබුණි.

    Also Read:

    තෙල් පෝලිම් වලට විසදුමක් ලෙස මාර්ගගත (Online) ටෝකන් ක්‍රමයක් ? 

    පිරවුම්හල් වෙත ඉන්ධන සංචිත ළඟා වූ බවට කෙටි පණවිඩයකින් දැන්වීමට ලියාපදිංචි විය යුතු  අංක පිළිබඳව ලංකා IOC සමාගමෙන් නිවේදනයක් ?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ඉන්ධන ලබාගැනීමට සඳහා ලංකා IOC පාරිභෝගිකයන් සිය හැඳුනුම්පත , ඉන්ධන වර්ගය , වාහන ලියාපදිංචිය ඇතුළු විස්තර යම්කිසි ජංගම දුරකථන අංක වෙත ලබාදෙන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පැවති  සටහන් සම්පුර්ණයෙන්ම ව්‍යාජ බව, ලංකා IOC කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා තහවුරු කර සිටින බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-07-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.