Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පාදෙණිය විහාරයේ විහාරාධිපතිගේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටන බවට පළ වූ ලිපිය ව්‍යාජ ලිපියක් නොවේ!

    2025-05-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාදෙණිය විහාර භූමියේ පසුගිය මැයි 17 වන දා පවත්වනු ලැබූ චාල්ස් පියතුමන්ගේ ‘සිහිනය’ නමැති සංගීතමය වැඩසටහන පැවැත්වීම නිසා එම විහාරයේ විහාරාධිපතිගේ පදවියක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පාදෙණිය විහාර භූමියේ පසුගිය මැයි 17 වන දා පවත්වනු ලැබූ චාල්ස් පියතුමන්ගේ ‘සිහිනය’ නමැති සංගීතමය වැඩසටහන පැවැත්වීම නිසා එම විහාරයේ විහාරාධිපතිගේ පදවියක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ලිපයක් හුවමාරු වී තිබුණා.  මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලෙස මෙම ලිපිය ව්‍යාජ ද, යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ඓතිහාසික පාදෙණිය රජමහ විහාරස්ථාන භුමියේ චාල්ස් තෝමස් දේවගැතිවරයාගේ “සිහිනය” වැඩසටහන නොපවත්වන ලෙස මල්වතු මහා විහාරයේ කාරක මහා සංඝ සභාව මගින් දන්වා තිබියදී පාදෙණිය විහාරයේ කටුමුළුවේ සුමනරතන ස්ථවිරයන් වහන්සේ විසින් එම වැඩසටහන පැවැත්වීම හේතුවෙන් හිමිනම වෙත පත් කර ඇති දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිට වූ බවට මත්වතු විහාරය විසින් නිකුත් කරන ලද ලිපය ව්‍යාජ ලිපියක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් WhatsApp ඔස්සේ ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Facebook

    මෙහි නිරවද්‍යතාවය අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පසුගිය මැයි 17 වන දා සවස 6.30 ට ඓතිහාසික පාදෙනිය රජමහා විහාරස්ථාන භූමියේදී චාල්ස් තෝමස් පියතුමන් විසින් මෙහෙයවන “ සිහිනය” සංගීත වැඩසටහන පැවැත් වීමට කටයුතු යොදා තිබෙණු දැක ගන්නට ලැබුණා.

    මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න පරීක්ෂා කිරීමේදී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය මැයි 14 වන දින මෙම වැඩසටහන නැවැත්වීමට නියෝග කර ඇති බවට ත්, අදාළ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අප්‍රසාදය පළකර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයක් මාධ්‍ය විසින්වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    මේ අතර දකුණු ආසියාවේ විශාලම සමාධි බුද්ධ ප‍්‍රතිමාව ඉදිකිරීමට සමගාමීව, චාල්ස් තෝමස් පියතුමා විසින් ‘සිහිනය’ සර්වාගමික වැඩසටහන අවලංගු කිරීමට මල්වතු මහානායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් විසින් නිවේදනයක් නිකුත් කරමින් මල්වතු මහා නාහිමියන් පවසා ඇත්තේ බෞද්ධ ජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන ඉල්ලීම් සලකා බලා මෙම වැඩසටහන සංවිධානය කිරීමෙන් වළකින ලෙසට පාදෙණිය පුරාණ විහාරයේ නායක කටුමුළුවේ සුමනරතන ස්ථවිරයන් වහන්සේ වෙත දන්වා තිබුණේ මෙලෙසින්.

    කෙසේ වෙතත් මෙම ඉල්ලීම් නොතකමින් එම සංගීතමය වැඩ සටහන පසුගිය මැයි 17 වන දා පවත්වා තිබුණේ මෙලෙසින්.

    මෙම වැඩසටහන් නැවැත්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේඛම්වරයාගේ අත්සනින් නිකුත්කල ලිපිය පාදෙණිය රජමහා විහාරයේ නායක ස්වාමින්වහන්සේ අතට පත්වී නොමැති බවට සටහනක් තබමින් මෙම වැඩසටහන පැවැත්වෙන බවට චාල්ස් තෝමස් පියතුමන්ගේ ෆේස්බුක් පිටුවේ මීට පෙර සටහනක් ද, පළ වී තිබුණේ මෙලෙසින්.

    සමාජ මාධ්‍යයේ පළ වන ලිපිය ව්‍යාජ ලිපියක් නෙමෙයි – මල්වතු පාර්ශවය

    කෙසේ වෙතත් මල්වතු මහා විහාරයේ කාරක මහා සංඝ සභාව මගින් දන්වා තිබියදී මහාසංඝ සභාවේ නියමයන් උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස චිරාගතශාසන සම්ප්‍රදායයන්ට විරුද්ධව එම වැඩසහටන පැවැත්වීම පිළිබඳව පාදෙණිය විහාරයේ කටුමුළුවේ සුමනරතන ස්ථවිරයන් වහන්සේ වෙත පත් කර ඇති දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිට වූ බවට සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට සත්‍ය වශයෙන් ම ලිපියක් යොමු කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලිපිය ව්‍යාජ ලිපියක් නොව සත්‍ය ලිපියක් බව ත්, මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛාධිකාරී දර්ශනපති පූජ්‍ය මහවෙල රත්නපාල හිමියන් අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා.

    එමනේ ම එම ලිපියේ සඳහන් ලෙස පාදෙණිය විහාරයේ කටුමුළුවේ සුමනරතන හිමියන් දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් ඉවත් කළ බව ද, උන්වහන්සේ තව දුරටත් තහවුරු කරනු ලැබුවා.

    එම ලිපිය පහතින්.

    කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහනේ මෙම ලිපිය ව්‍යාජ බවට දක්වා තිබුණේ ‘සමාධි බුදුරුව සංවිධානයේ’ සටහනක් බවට දක්වා තිබූ බැවින් එම සංවිධානයෙන් මේ පිළිබඳව විමසීමට දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළත්, ඔවුන් මේ සඳහා පිළිතුරු දීමෙන් වැළකී දුරකතනය විසන්ධි කරනු ලැබුවා.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ඓතිහාසික පාදෙණිය රජමහ විහාරස්ථාන භුමියේ චාල්ස් තෝමස් දේවගැතිවරයාගේ “සිහිනය” වැඩසටහන නොපවත්වන ලෙස මල්වතු මහා විහාරයේ කාරක මහා සංඝ සභාව මගින් දන්වා තිබියදී පාදෙණිය විහාරයේ කටුමුළුවේ සුමනරතන ස්ථවිරයන් වහන්සේ විසින් එම වැඩසටහන පැවැත්වීම හේතුවෙන් හිමිනම වෙත පත් කර ඇති දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිට වූ බවට මත්වතු විහාරය විසින් නිකුත් කරන ලද ලිපය ව්‍යාජ ලිපියක් බවට සමාජ මාධ්‍ය සටහන් පෙන්වා දී තිබුණත් එම ලිපිය සත්‍ය බව ත් එහි සඳහන් ලෙස පාදෙණිය විහාරයේ විහාරාධිපති එම පදවියෙන් ඉවත් කළ බව ත්, මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛාධිකාරී දර්ශනපති පූජ්‍ය මහවෙල රත්නපාල හිමියන් තහවුරු කරනු ලබයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-05-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.