Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ත්‍රස්ත ප්‍රහාර අවදානමක් හේතුවෙන් ලංකාවට යෑමෙන් වැළකී සිටින ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්?

    2021-05-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update :අද දින (ජූලි 07 ) කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට පෙර රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචරණය සඳහා පනවා තිබූ 4 වන මට

    Update :
    අද දින (ජූලි 07 ) කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට පෙර රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචරණය සඳහා පනවා තිබූ 4 වන මට්ටම (සංචාරය නොකරන්න-Level 4-Do not Travel) උපදේශනය නැවත 3 වන මට්ටම (නැවත සලකා බැලීම – Level 3 -Reconsider Travel)දක්වා ලිහිල් කර තිබෙනවා.

    Archived Link

    මෙරට කෝවිඩ් වෛරසයේ නව රැල්ලේ ව්‍යාප්තිය විශාල වශයෙන් වර්ධනය වීමත් සමග ශ්‍රී ලංකාවට සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසට (Do Not Travel) අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරට ජනතාවට පසුගිය දා (24) නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

    මෙම නිවේදනය හේතුකොට ගෙන ත්‍රස්ත ප්‍රහාරයක් මෙරට සිදු විය හැකි බවට අනවබෝධයක් ඇතිවීම හේතුවෙන් ජනතාව තුළ අනිසි බියක් ඇති වී තිබෙනු දැකගන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Sri Lankan Updates නම් ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ, 

    “නුදුරු දිනකදී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවත්, සංචාරකයන් ගැවසෙන ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, ආපන ශාලා, සුපිරි වෙළෙදසැල්, පොදු ස්ථාන, ‌හෝටල්, රෙස්ටූරන්ට්, ආගමික ස්ථාන, ගුවන්තොටුපොළවල්, විශාල සංස්කෘතික උත්සව, අධ්‍යාපන ස්ථාන, රෝහල් ආදිය ත්‍රස්ත ඉලක්ක විය හැකි බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

    මේ හේතුව මත යම් හදිසි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ලංකාවේ දුරස්ථ ප්‍රදේශවල සිටින අමෙරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අපහසුතාවක් පැන නගින් ඇති බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් දක්වා ඇත” යනුවෙනි.

    Facebook | Archived Link

    අමෙරිකාව විසින් ලංකාව තුළ  ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට සඳහන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පහතින්.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිටිමින් Shantha Sobhana Kurundankulame ස්වාමීන් වහන්සේ නම ෆේස්බුක් ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් පැවසුවේ ඉදිරියේදි ලංකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවිය හැකිබව ඇමරිකානු රජය දන්වා සිටින බවත් වෙසක් උත්සව අළලා මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ හැකි බවද එම ස්වාමීන් වහන්සේ සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම වීඩියෝව මේ වන විට 1000 කට අධික පිරිසක් අතර සංසරණය වී ඇති අතර 10,000 කට අධික ප්‍රමාණයක් මේ වන විට නරඹා තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවට සංචරණ සීමා පිලිබඳ නිවේදන ඇතුළත් කොටස පරීක්ෂා කිරීමේදී දැක ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකාව 4 වන මට්ටම (Level 4) නොහොත් එරට පුරවැසියන්ට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙස නම් කර ඇති රටවල් අතරට, ශ්‍රී ලංකාව ද නම් කර ඇති බවයි.

    මේ මස 24 වන දා යාවත්කාලීන කරන ලද කළ එම නිවේදනයේ මූලික වශයෙන් දක්වා ඇත්තේ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් එම සංචරණය කිරීමෙන් වැළකී සිටින ලෙසටයි. එම නිවේදනය පහතින්.

    Travel.state.gov | Archived Link

    එමෙන්ම මෙහි අවසන් යාවත්කාලීනය (Last Update) කර තිබෙන්නේ Covid 19 වසංගත තොරතුරු හමුවේ බවද මෙම නිවේදනයේ අවසන දක්වා තිබෙනවා.

    4 වන මට්ටම යටතට අයත් වන්නේ සෞඛ්‍ය අවධානම H (Health) අකුරෙන් සටහනින් කියවෙන අතර T (Terrorism) අකුරෙන් ත්‍රස්තවාදය හේතුවෙන් පවතින අවදානම ගැන සටහන් වේ.

    ලංකාවේ සිදු විය හැකි ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දා නිකුත් කළ නිවේදනයේ ද ලංකාව 2 වන මට්ටම  (Level 2 – සංචරණය කිරීමේ දී වැඩි ප්‍රවේශම් වන්න) යටතේ කාණ්ඩ කර තිබුණේ මෙලෙසින්.

    Travel.state.gov | Archived Link

    එසේම ඊට දින කිහිපයකට පසුව එනම් අප්‍රේල් මස 26 වැනිදා  Level 3 – Reconsider Travel (ශ්‍රී ලංකාවට සංචාරය කිරීම නැවත සලකා බලන්න ) යනුවෙන් උපදේශනයක් ද මෙසේ නිකුත් කර තිබුණා. 

    එම උපදේශන සියල්ල ම නිකුත් කර තිබුනේ ඊට දින කිහිපයකට පෙර එල්ල වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර හමුවේ බව අනුමාන කළ හැක.

    මේ අනුව බැලූ බැල්මට පෙනී යන්නේ ඇතිවිය හැකි ත්‍රස්තවාදි ප්‍රහාර අවදානම හේතුකොට ගෙන ඇමරිකානු පුරවැසියන්ට ලංකාවේ සංචාර කිරීමේ දී සැලකිලිමත් වන ලෙස දක්වා තිබු නිවේදන කාණ්ඩ තිබිය දී සෞඛ්‍ය අවධානම (කොවිඩ් වසංගතය තත්වය) හේතුවෙන් යාවත්කාලීන කිරීම් පසුව සිදුකර ඇති බවයි.

    එම නිවේදන සංසදනය පහතින්.

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන සංචාරක උපදේශන වර්ගීකරණය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පැහැදිලි කිරීමක් පහතින්.

     Q & A on Travel Advisory (Issued on April 19th)

    එහි දැක්වෙන්නේ එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය ඒජන්සිය ලෙස කටයුතු කරන CDC (Center for Disease Control and Prevention) හි තක්සේරුව මත මෙසේ Level 4 (Do Not Travel : සංචාරක කිරීමෙන් වැළකෙන්න) වර්ගීකරණ ලබාදෙන බවයි.

    මේ අනුව අප CDC හි වර්ගීකරණයේ මැයි 24 වැනිදා ලංකාව ට Level 4 : High Level of COVID-19 in Sri Lanka (ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ COVID-19 අවදානම) වර්ගීකරණයකට ලක් කර ඇත. එම නිවේදනය පහතින්.

    CDC

    කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අමෙරිකාව විසින් පසුගිය මැයි 24 වනදා ශ්‍රී ලංකාවට මෙන්ම ජපානයටද සංචරණය කිරීමෙන් වැළකී සිටින බවට නිවේදනයක් නිකුත් කළ බවට විදෙස්  පුවත් වාර්තා වල දැක්වුණේ මෙලෙසින්.

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේද කෝවිඩ් හේතුවෙන් එකම දින නිකුත් කළ සංචරණ තහනම් සම්බන්ධයෙන් දැක්වුණේ මෙලෙසින්. 

    Travel.state.gov | Archived Link

    එහි දැක්වෙන ජපානයට ද මැයි මස 24 වැනිදා ම ලංකාවට මෙන් CDC ආයතනය විසින් Level 4 : High Level of COVID-19 in Japan (ජපානයේ ඉහළ මට්ටමේ COVID-19 අවදානම)  යනුවෙන් වර්ගීකරණ කර තිබුණා

    කලාපයේ අනෙකුත් රටවල් වලට නිකුත් කර තිබෙන නිවේදන පිලිබඳ පරීක්ෂා කිරීමේ දී පසුගිය අප්‍රේල් මාසයේ දී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කෝව්ඩ් තත්ත්වය හමුවේ සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස නිවේදනයක් (Level 4 : Do Not Travel) ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයිනට පනවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැක්වෙන පුවත් වාර්තාවක් මෙතනින්.  CDC ආයතනය විසින් ද Level 4 : High Level of COVID-19 යනුවෙන් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය ආදී රටවල ද වර්ගීකරණ කර තිබෙනවා. 

    මේ අනුව එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය ඒජන්සිය ලෙස කටයුතු කරන CDC හි තක්සේරුව මත කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙසේ Level 4 (Do Not Travel : සංචාරක කිරීමෙන් වැළකෙන්න) වර්ගීකරණය අදාළ රටවලට නිකුත් කරන බව පෙනී යනවා.

    තව ද ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල T සහ H මඟින් දැක්වෙන ත්‍රස්ත සහ සෞඛ්‍යම අවදානමට අමතරව අපරාධ (C), පැහැර ගැනීම (K)  ආදීය පිලිබඳ අවදානම සම්බන්දයෙන් ද උපදේශන ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන බව පෙනී යනවා. මාලදිවයිනට, ලංකාව හා සමාන ලෙස රටවල T සහ H මඟින් දැක්වෙන ත්‍රස්ත සහ සෞඛ්‍යම (කොවිඩ්) අවදානම පිළිබඳ උපදේශනයක් දක්වා තිබෙනවා. එසේම මේ සෑම කලාපීය රටක් ම Level 4 (Do Not Travel : සංචාරක කිරීමෙන් වැළකෙන්න) වර්ගීකරණයට ලක්වී තිබෙන්නේ ද ලංකාව එම වර්ගීකරණයට අයත් වන්නට පෙරය.

    කෙසේවෙතත් මෙසේ ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් හේතුවෙන් සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස නිවේදනයක් (Level 4 : Do Not Travel) ලංකාවට නිකුත් කළ බවට නොමඟ යවන සුළු අර්ථකථනයකින් හුවමාරු වන සටහන් හමුවේ  කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ද Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව සඳහා සංචාරක උපදේශනය 3 වන මට්ටමේ සිට (නැවත සලකා බැලීම – Level 3 – Reconsider Travel) සිට 4 වන මට්ටම දක්වා (සංචාරය නොකරන්න) යනුවෙන් යාවත්කාලීන කර ඇත්තේ රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් පමණක් බවත් පනවා තිබූ ත‍්‍රස්ත තර්ජන මට්ටමේ කිසිදු වෙනසක් නොමැති බවයි. එම පණිවිඩය පහතින්.

    Twitter | Archived Link

    මීට පෙර ද CDC නිර්දේශ මත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විසින් ලංකාවට සංචරණ උපදේශන නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද පසුගිය දිනවල කතාබහට ලක් වූ අතර එසේ පසුගිය අප්‍රේල් මස නිකුත් වූ උපදේශන පිළිබඳ වාර්තාවක් මෙතනින්. එහිදී CDC මඟින් ලංකාව Level 2 කාණ්ඩයෙහි දක්වා තිබුණා.

    මේ පිළිබඳව අප ඇමෙරිකානු තනාපති කාර්යාලයෙන් ද විමසීමක් සිදුකළ අතර ඉහත Twitter පණිවුඩයේ පරිදි සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස (Level 4 : Do Not Travel) උපදේශනයක් ලංකාවට නිකුත් කළේ මෙරට පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බවත් ත‍්‍රස්ත තර්ජන මට්ටමේ කිසිදු වෙනසක් නොමැති බවත් තහවුරු කර සිටියා.

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව පෙනී යන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට කාලයකට පෙර සිට ත්‍රස්ත ප්‍රහාර අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම සම්බන්ධයෙන් දක්වා තිබු උපදේශනවල වෙනසක් පසුගිය දා නිකුත් කරන ලද නව උපදේශන මඟින් සිදුව නැති බවත් ඒවා නොවෙනස් ව පවතින බවත්ය.

    ඇමරිකාවේ CDC ආයතන විසින් එක් එක් රටවලට ලබාදෙන නිර්දේශ මත පදනම් ව සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස (Level 4 : Do Not Travel) උපදේශනයක් ලංකාවට ද නිකුත් කර තිබෙනවා.

    මෙය කොවිඩ් ව්‍යාප්තිය මුල් කරගනිමින් සිදුකරන ලද උපදේශනයක් වන අතර දකුණු ආසියානු කලාපයේ බොහෝ රටවලට ද මෙසේ මීට පෙර සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස (Level 4 : Do Not Travel) උපදේශනයක් නිකුත් කර තිබෙනවා. ඒ සෑම රටකම වාගේ ද ත්‍රස්ත අවදානම සම්බන්ධයෙන් උපදේශන ද දැක්වෙනවා.

    මේ අනුව ත්‍රස්ත ප්‍රහාර පිලිබඳ අවදානම පිලිබඳ කරුණු නොවෙනස්ව තිබියදී මෙසේ සෞඛ්‍ය නිර්දේශ මත (කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්) සිදුකරනු ලැබූ සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස උපදේශනයට මෙසේ වැරදි අර්ථකතනයක් සහිතව සටහන් හුවමාරු වී තිබෙන බව පෙනී යනවා.

    මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ද පැහැදිලි කළේ, නව සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස (Level 4 : Do Not Travel) උපදේශනය ලබා දී ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් බවත් මීට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් තිබෙන අවදානම් තත්වය පිලිබඳ නිවේදනයේ කිසිදු වෙනසක් නොමැතිව එලෙසම පවතින බවත්ය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.