
රුසියාව, යුක්රේනයේ යුද මෙහයුම් දියත් කිරීම හේතුවෙන් පසුගියදා රුසියාවේ ක්රියාත්මක වන මැක්ඩොනල්ඩ්ස් අවන්හල් තාවකාලිකව වසා දැමීමට මැක්ඩොනල්ඩ්ස් නිලධාරීන් කටයුතු කළා. මේ හේතුවෙන් රුසියාව ද, මැක්ඩොනල්ඩ්ස් ලාංඡනයට සමාන ලාංඡනයක් ඉදිරිපත් කරමින් රුසියාවේ ද ‘Uncle Vanya’ අවන්හල් ආරම්භ කර ක්රියාත්මක වන බවට සමාජ මාධ්ය ඔස්සේ පළ වන සටහන් වල නිරවද්යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්ය සටහන් :
“ යුක්රේනය ආක්රමණය කිරීම නිසා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු යුරෝපා රටවල් බොහෝමයක් රුසියාවට එරෙහිව සම්බාධක දැමුවා. ඒ හේතුවෙන් සුප්රසිද්ධ මැක්ඩොනල්ඩ්ස් ආයතනයද රුසියාවේ තිබූ ඔවුන්ගේ අවන්හල් 847ක් වසා දැමීමට තීරණය කළා.
ඉන් පසුබට නොවුනු රුසියානුවන් මැක්ඩොනල්ස් ලාංඡනයම අංශක 90ක් හරවා නව ලාංඡනයක් නිර්මාණය කළා. එය අංකල් වන්යා ලෙස කළා..
‘Welcome to Uncle Vanya’
වසා දැමුණු සියලුම අවන්හල් දැන් යලිත් ක්රියාත්මකයි.. රුසියානු අමුද්රව්ය පමණක් යොදා ගනිමින් රසවත් බර්ගර්, ෆ්රයිස් සහ තවත් බොහෝ දේ අඩු මිලට අලෙවි කරනවා.
ඒ තමයි ව්ලැඩිමීර් පුටින්.. ඒ තමයි රුසියාව.. ”

මෙම සටහන් වලින් පෙන්වා දී තිබුණේ, රුසියාවේ වසා දැමුණු මැක්ඩොනල්ඩ් අවන්හලවල් වෙනුවට මේ වන විට ‘Uncle Vanya’ අවන්හල් එම ස්ථානවල විවෘත කර ඇති බවයි. රසවත් බර්ගර්, ෆ්රයිස් තවත් බොහෝ දේ අඩු මිලට එහි අලෙවි වන බවයි.
මෙලෙස සඳහන් කළ ෆේස්බුක් සටහන් පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

‘Uncle Vanya’ ප්රථම අවන්හල රුසියාවේ මොස්කොව් හි ආරම්භ කළ බවට සඳහන් කරමින් එම අවන්හලේ වීඩියෝවක් ලෙසට ට්විටර් පණිඩිඩයක ද පළ වී තිබුණේ මේ අයුරින්.
JUST IN: First 'Uncle Vanya' restaurant opens in Moscow pic.twitter.com/Kc7CjMuMgS
— Sputnik (@Sputnik_Not) March 24, 2022
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් බොහෝ රටවල් රුසියාවට විරුද්ධව සම්බාධක පනවනු ලැබුවා.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට එල්ල කළ ප්රහාරයට ප්රතිචාර වශයෙන් රුසියාවේ ක්රියාත්මක වන මැක්ඩොනල්ඩ් අවන්හල් 850ක් තාවකාලිකව වසා දමා සියලුම මෙහෙයුම් නවත්වන බව මැක්ඩොනල්ඩ්ස් ප්රධාන විධායක නිලධාරී Chris Kempczinski නිවේදනය කර තිබුණා. ඒ බවට පසුගිය මාර්තු 08 වන දා පළ වූ ජාත්යන්තර මාධ්ය වාර්තාවක් මෙතනින්. Archived Link
මේ හේතුවෙන් රුසියාවේ සියලුම මැක්ඩොනල්ඩ්ස් අවන්හල් වෙනුවට “Uncle Vanya’ නමින් අවන්හල් ආදේශ කරන බවට රුසියානු රාජ්ය ඩූමා කලින් යෝජනා කර තිබුණ බවට වෙළඳ ලකුණු නීතිඥ Josh Gerben පසුගිය මාර්තු 06 වන දා ට්විටර් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර තිබුණේ, මෙලෙසින්.
Trademark squatting has begun in Russia.
— Josh Gerben (@JoshGerben) March 16, 2022
On March 12th, a trademark application was filed for the McDonald's logo with the words "Uncle Vanya."
The Russian State Duma had earlier suggested that Russia would replace all McDonald's with "Uncle Vanya's."
h/t @Oh_89 #McDonalds pic.twitter.com/JlUfkLK67J
මාර්තු 12 වන දින, මැක්ඩොනල්ඩ්ස් ලාංඡනය සඳහා “අන්කල් වන්යා” යන වචන සමඟ වෙළඳ ලකුණු අයදුම්පතක් ගොනු කරන ලදී.
රුසියානු අවන්හල් ජාලයක් වන ‘Uncle Vanya’ විසින් රුසියානු රජය වෙත වෙළඳ ලකුණක් ගොනු කිරීම මෑතකදී සිදු කරන ලදී. එය මැක්ඩොනල්ඩ්ගේ සංකේතාත්මක රන් ආරුක්කු වලට ප්රබල සමානකමක් දක්වන ලාංඡනයක් වන අතර. යෝජිත ලාංඡනය “බී” ශෛලීගත අකුරක් වන අතර එයට යටින් ” Uncle Vanya ” යන වචන රුසියානු භාෂාවෙන් ලියා ඇත. අංකල් වන්යා නම් රුසියානු ක්ෂණික ආහාර දාමයකට මැක්ඩොනල්ඩ්ගේ රන් ආරුක්කුවලට සමාන ලාංඡනයක් වෙළඳ ලකුණු කිරීමට අවශ්ය බවට පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.
The Washington Post මාධ්ය වාර්තාවක සඳහන් වූයේ, මෙම නව අවන්හල් කිසිවක් තවමත් විවෘත කර නොමැති බවයි. එම වෙබ් පුවත් වාර්තාව මෙතනින්.
කෙසේ වෙතත් රුසියාවේ “Uncle Vanya” අවන්හල්හි මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇත්දැයි පරීක්ෂා කිරීමට අපි මූල පද සෙවුමක් (keyword search) ක්රියාත්මක කළෙමු. නමුත් මෙතෙක් රුසියාවේ “Uncle Vanya” අවන්හල් ආරම්භ කළ බවට කිසිදු නිල ඡායාරූපය හෝ වීඩියෝ පුවතක් පළ වී නොතිබිණි.
“Uncle Vanya”අවන්හලේ “බී” ලාංඡනය ඉහළින් ඇති අවන්හලක් දෙස තරුණයෙකු බලා සිටින අයුරු දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් අප පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී අනාවරණය වුණේ, යුක්රේන සහ රුසියානු මාධ්ය විසින් බෙදාගත් “Uncle Vanya”අවන්හලේ සමාරම්භක උත්සවයේ දර්ශන ත්රිමාණ කලාකරුවෙකු වන යුක්රේන ජාතික Gleb Mazur විසින් මැක්ඩොනල්ඩ්ස් අලෙවිසැලක් තිබූ ස්ථානයේ රුසියානු අවන්හල පෙනෙන්නේ කෙසේද යන්න නිරූපණය කිරීමට ඔහු විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.
Gleb Mazur ගේ Instagram ගිණුමේ මෙම වීඩියෝව 2022 මාර්තු 24 වැනි දින උඩුගත කර තිබුණේ මේ අයුරින්.
View this post on Instagram
එම වීඩියෝව සැබෑවක් නොව ඔහුගේ කලාත්මක නිර්මාණයක් බව Gleb අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා.
වීඩියෝව රූගත කර ඇත්තේ ශාන්ත පීටර්ස්බර්ග් හි බවත් ඔහු ආපන ශාලාව විවෘත කිරීම උපකල්පනය කර එලෙසින් ත්රිමාණ ග්රැෆික්ස් භාවිතා කළ බවත් එය සිතින් සිතුවම් කළ ආකාරයටම නිර්මාණය කිරීමට හැකි වූ බවත්. සත්ය වශයෙන්ම, “Uncle Vanya”අවන්හලක් තවමත් රුසියාවේ නොමැති බවත් Gleb Mazur Instagram හරහා අප කළ විමසීමේදී පවසා සිටියා.
“මට බොරු ප්රවෘත්ති නිර්මාණය කරන්න අදහසක් තිබුණේ නැහැ. සමහර මාධ්ය මගේ වැඩ අවසරයකින් තොරව අරගෙන මගේ නම කිසිම තැනක සඳහන් නොකර සත්ය සිදුවීමක් ලෙස බෙදා ගත්තා,” ඔහු වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් පවසා සිටියා.
මේ පිළිබඳව තවත් කරුණු පරීක්ෂණ වාර්තාවන් මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ රුසියාවේ වසා දැමුණු මැක්ඩොනල්ඩ් අවන්හලවල් වෙනුවට මේ වන විට ‘Uncle Vanya’ අවන්හල් එම ස්ථානවල විවෘත කර ඇති බවත් රසවත් බර්ගර්, ෆ්රයිස් තවත් බොහෝ දේ අඩු මිලට එහි අලෙවි වන බවටත් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු බවයි. මෙතෙක් ‘Uncle Vanya’ අවන්හල් රුසියාවේ ආරම්භ කර නොමැති බවට කිසිදු නිල තොරතුරක් හෝ ඡායාරූපයක් නොමැති අතර Uncle Vanya’ අවන්හල් ආරම්භ කර ඇති බවට ජාත්යන්තර වශයෙන්ද, බොහෝ පිරිස් නොමග ගොස් තිබුණේ, “Uncle Vanya”අවන්හලේ සමාරම්භක උත්සවයේ දර්ශන ත්රිමාණ කලාකරුවෙකු වන Gleb Mazur විසින් මැක්ඩොනල්ඩ්ස් අලෙවිසැලක් තිබූ ස්ථානයේ රුසියානු අවන්හල පෙනෙන්නේ කෙසේද යන්න නිරූපණය කිරීමට ඔහු විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් හේතුවෙනි.



