Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ගලගොඩ අත්තේ ඥානසාර හිමිව සසුනෙන් නෙරපීමට මහානායක හිමිවරුන්ගෙන් තීරණයක් ?

    2021-12-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබදව සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වෙනවා.මේ උන්වහන්සේ පිළිබදව සමාජ මාධ්‍යවල පළවූ අසත්‍ය පුවතක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ඡායාරූපයක් අන්තර්ජ

    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබදව සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වෙනවා.මේ උන්වහන්සේ පිළිබදව සමාජ මාධ්‍යවල පළවූ අසත්‍ය පුවතක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහන්ද සමගින්.

    “බුදුදහම බේරගන්න ඕනනම් අනිවාර්‍යයෙන් මේ දේ කලයුතුයි.මහානායක හිමිවරුන්ගෙන් හොද තීරණයක්.”

    “බුදු දහම විනාශ කරලා සිංහලයින්ට ලැජ්ජ කරන ඥානසාර සාදුව වහාම ශාසනයෙන් නෙරපිය යුතුයි.”-මහනායක හිමිවරුන් පවසයි.

    Facebook | Archived

    මෙම පෝස්ටුවට ලැබී ඇති ප්‍රතිචාර කිහිපයකුයි මේ .

    මෙම සටහනේ කාලීන වශයෙන් ඇති වැදගත් බව නිසා මේ පිළිබදව  ගවේෂණයක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check : සත්‍ය තොරතුරු විමසා බැලීම

    අප විසින් මුලින්ම සිදුකලේ මේ පිළිබදව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් වාර්තා කර ඇද්දැයිසොයා බැලීමයි. කිසිදු පිළිගත් මාධ්‍යයක් මෙවැනි පුවතක් වාර්තා කර නොමැති බව අප නිරීක්ෂණය කළා.එමෙන්ම මෙම ඡායාරූපයේ දැක්වෙන ආකාරයට හිරු මාධ්‍ය ජාලය විසින්ද මෙවැනි පුවතක් වාර්තා කර තිබුණේ නැහැ.අප විසින් සිදු කල විමසා බැලීමේදීද ඔවුන් ඒ බව තහවුරු කළා .

    මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ ඡායාරූපද මෙම සමාජ ජාලා සටහනේ යොදාගෙන තිබුණු නිසා අප අස්ගිරි මහා විහාරයෙන්ද මේ පිළිබදව විමසා බැලුවා.එහි ප්‍රකාශකයෙක් අප හා පැවසුවේ මෙවැනි තීරණයක් පිළිබදව තමන් නොදන්නා බවයි.

    බොදු බල සේනා මාධ්‍ය අංශයෙන් මේ පිළිබදව විමසූ විට ඔවුන් පැවසුයේ මෙවැනි තීරණයක් පිළිබදව මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ව දැනුවත් කර නොමැති බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදුකල ගවේෂණයේදී තහවුරු වූයේ ඥානසාර හිමියන්ව සාසනයෙන් නෙරපා හැරීමේ තීරණයක් මේ වනතුරු මහානායක හිමිවරුන් විසින් ගෙන නොමැති බවයි.ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා සටහනේ ඇති ආකාරයේ සටහනක් හිරු ප්‍රවෘත්ති වලද පළකර නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.