Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමි‍ටු සභාපති ලෙස පත්වීද?

    2021-01-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක දිගට ලැබූ පරාජයන් සමඟ විවිධාකාරයේ විවේචන රැසකට ලක්වෙමින් පවතියි. ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසයන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයින් අලලා ද විවේචන ඉදිරිපත් කරන අයුරු අපට පසුගිය දින වලදී දැකගන්නට ලැබුණු අතර අප ඒ සම්බන්ධයෙ

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක දිගට ලැබූ පරාජයන් සමඟ විවිධාකාරයේ විවේචන රැසකට ලක්වෙමින් පවතියි. ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසයන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයින් අලලා ද විවේචන ඉදිරිපත් කරන අයුරු අපට පසුගිය දින වලදී දැකගන්නට ලැබුණු අතර අප ඒ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සටහන් පිලිබඳ විමර්ෂණ ද අප සිදුකළා. 

    මේ අතර පුද්ගලික හේතුන් මත ක්‍රිකට් තේරීම් කමි‍ටු සභාපති අසන්ත ද මෙල් මහතා තනතුරින් ඉවත් වීමත් සමඟ පුරප්පාඩු වූ එම තනතුරට, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වූ මහේල ජයවර්ධන මහතා පත්කර ඇති බවට සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම මේ වන තෙක් තේරීම් කමිටුවේ සභාපති සඳහා කිසිඳු නිල පත්කිරීමක් හෝ නිල වශයෙන් නම් නිර්දේශ කිරීමක් සිදුකර නොමැති බව අපට තහවුරු විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    “මහේල ජයවර්ධන නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට.. රටට වටිනා සේවයක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා❤️❤️❤️🙏” යනුවෙන් Best cricket moments නම් ෆේස්බුක් පිටුවක් විසින් සටහනක් ඉදිරිපත් කර තිබුනේ මෙලෙසින්. 

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\36 Mahela Cricket Selection\මහේල-ජයවර්ධන-නව-ක්_රිකට්-තේරීම්-කමිටු-Best-cricket-moments-Facebook.png

    Facebook | Archived   Facebook | Archived

    මේ ආකාරයටම පුවත් බොහොමයක් අපට ෆේස්බුක් තුල දකින්නට ලැබුණු අතර බොහෝ සටහන් මේ වන විට ඉවත් කරගෙන තිබු බවක් ද නිරීක්ෂණය වුණා.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\36 Mahela Cricket Selection\0d1f0208-216e-40f3-bc7d-07f7b3d242ab.png

    Facebook | Archived  Facebook | Archived  

    Facebook | Archived  Facebook | Archived

    ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ දෙනෙකු මෙම පුවත පිලිබඳ අවදානය යොමු කර තිබු අතර මෙහි සත්‍යතාවය කිහිපදෙනෙකුම අපගෙන් විමසා ද සිටියා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙහි සත්‍යතාවය තහවුරු කර ගැනීමට අප ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය අංශයේ ප්‍රධාන නිලධාරියෙකු සම්බන්ධ කර ගත්තා. ඔහු පවසා සිටියේ තවමත් ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමි‍ටුවට සභාපති වරයෙකු පත් කර නොමැති බවයි. 

    ශ්‍රී ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තේරීම් කමි‍ටු සභාපතිවරයෙකු පත් කිරීම ක්‍රිකට් පාලක මණ්ඩලයේ (Sri Lanka Cricket) තීරණයක් වන අතර එසේ යෝජිත නම හෝ නම් කිහිපය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා අමාත්‍යංශයේ තහවුරු කිරීමෙන් පසුව පමණක් මෙම තනතුරට නව පුද්ගලයෙකු පත් කිරීම සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කර සිටියා. තවමත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කිසිවෙකුගේවත් නමක් යෝජනා කර ක්‍රීඩා ඇමතිවරයාට යවා නොමැති බව ද අපට දැනගන්නට ලැබුණා.

    මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිලධාරීන්, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් යන මහත්වරුන් එකතුවී ක්‍රිකට් කීඩාවට අදාලව තීන්දු කිහිපයක් ගෙන ඇති අතර නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම; තරඟකාරී දේශීය හා පළාත් ක්‍රිකට් තරඟාවලි ක්‍රීඩා කිරීම; ක්‍රීඩකයන්ගේ විනය හා යෝග්‍යතාවය සඳහා ප්‍රමුඛතාවය ලබා දීම; ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු කාර්ය සාධනය මත පදනම් වන අතර ප්‍රධාන පුහුණුකරුට සහාය වීම සඳහා අධ්‍යක්ෂවරයෙකු සහ උපදේශකයෙකු පත්කිරිම එම ප්‍රධාන කාරණා වේ.

    මෑත කාලයේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වූ අවස්ථාව එය වන අතර මේ පිලිබඳව වෙබ් අඩවි සටහනක් පහතින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\36 Mahela Cricket Selection\a4224c0d-9873-4f4f-9441-d9bee44ab5ae.png

    Ft.lk | Namal Rajapaksa

    මහේල ට අමතර ව හිටපු ක්‍රිකට් තරු රැසක ගේ නම් මෙසේ තේරීම් කමිටුවේ සභාපති තනතුර සඳහා තේරී පත් වී ඇතැයි සටහන් රැසක් පළ වී තිබු අතර ඒ අතර ප්‍රමෝද්‍ය දිසානායක මහතාගේ නම ද බොහෝ දෙනෙකු විසින් හුවමාරු කරගෙන තිබුණා.

    පසුගිය දෙසැම්බර් මස අවසන් වරට ජාතික ක්‍රිකට් තේරීම කමිටුවේ සභපති ඇතුළු පත්වීම් පිළිබඳ පුවත් මෙසේ පලවී  තිබුණි.

    මහේල ජයවර්ධන මහතා ද මෙම පුවතේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පැවසූ බවට මාධ්‍ය වාර්තාවක් මෙතනින්

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු සලකා බලන කල අපට තහවුරු වන්නේ මහේල ජයවර්ධන මහතාව, නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි‍ටුවේ සභාපති ලෙස මෙතෙක් පත් කර ගෙන නැති බවයි.

    තවමත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මහේල හෝ වෙනත් කිසිවෙකුගේ හෝ නමක් හෝ තේරීම් කමිටු සභාපති ධුරය සඳහා යෝජනා කර ක්‍රීඩා අමාතයවරයා වෙත යවා නොමැත. එසේ යෝජිත නම් යැවීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යංශයේ නිර්දේශ මත නව සභාපති වරයා පත් කරගනු ලැබේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.