Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන කටයුතු වලට රනිල් වික්‍රමසිංහ බාධා කිරීමක් පිළිබඳව, එවකට හමුදාපතිවරයා පවසා නැහැ!

    2023-09-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චැනල් 4 නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පළකර තිබු වාර්තා වැඩසටහනෙන් පසුව, පාස්කු ප්‍රහාරය සහ එහි පසුබිම පිලිබදව කතිකාවතක් නැවතක් සමාජ මාධ්‍ය තුළ ඇතිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මතුව ඇති

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    චැනල් 4 නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පළකර තිබු වාර්තා වැඩසටහනෙන් පසුව, පාස්කු ප්‍රහාරය සහ එහි පසුබිම පිලිබදව කතිකාවතක් නැවතක් සමාජ මාධ්‍ය තුළ ඇතිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක වාතාවරණය තුළ විවිධ පාර්ශ්වයන් වෙත චෝදනා එල්ලවෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මතුව වැරදි තොරතුරුද බහුලයි. මේ ,එවන් වැරදි තොරතුරක් පිලිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    සමාජ ජාලා සටහන් වල දැක්වෙන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන කාලයේ සහ එහි මුලික විමර්ශන පැවැත්වෙන කාලයේ , එවකට අගමැතිවරයාව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු වලට බාධා සිදුකළ බවට, එවකට හමුදාපතිවරයාව සිටි ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පැවසූ බවක් .

    Facebook| Archived

    මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    කරුණු විමසා බැලීම ( Fact Check) 

    අප මුලින්ම විමසා බැලුවේ දෙරණ සමාජ ජාලා නාලිකාවල හෝ වෙබ් අඩවියේ මෙම සටහනේ දැක්වෙන ආකාරයේ පුවතක් වාර්තා කර ඇතිද යන කරුණයි. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ. ඉන් අනතුරුව අප Internet Archives පරික්ෂා කල අතර දෙරණ එවැනි පුවතක් වාර්තා කර ඇති බවක් එහි දක්නට ලැබුණේ නැහැ. තමන් එවන් පුවතක් වාර්තා නොකළ බව සහ මෙම සමාජ ජාලා සටහන්වල සිය නිල ලකුණ (Logo) අවභාවිතා කල බව දෙරණ ආයතනයද අප කල විමසුමේදී තහවුරු කළා 

    ඉන්පසු පසු එවකට හමුදාපතිවරයාව සිටි ජෙනරාල් මහේෂ් සේනානායකගෙන් මේ පිලිබදව විමසා සිටියා. ඔහු පැවසුවේ තමන් මෙවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි. එමෙන්ම එවකට අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකරන පරීක්ෂණ නතර කරන ලෙස හෝ පරීක්ෂණ කිරීමෙන් වළකින ලෙසට කිසිදු උපදෙසක් ලබා නොදුන් බව පැවසූ හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් පැවසුවේ රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව තමන්ට සහ ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදුන්නේ පාස්කු ප්‍රහාරය පිලිබදව පුළුල් විමර්ෂන සිදුකර , එම අපරාධයට සම්බන්ධ සියලු දෙනාම වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි යනුවෙනි.

    මීට මාස කිහිපයකට පෙරදීත් පාස්කු ප්‍රහාරයේ 4 වන අනුස්මරණයට ආසන්නව  සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ මෙම වැරදි සහ නොමගයවන සුලු සටහන් ප්‍රතික්ෂේප කරමින් ජෙනරාල් මහේෂ් සේනානායක දැක්වූ අදහස් නෙත් නිව්ස් වාර්තා කර තිබුණේ මෙලෙසින් .

    ඒ සම්බන්ධයෙන් ඔහු පසුගිය අප්‍රේල් මාසයේ ෆේස්බුක් වල තැබූ සටහන පහතින් 

    Archived

    යහපාලන ආණ්ඩුව පැවති අවසන් වසර කිහිපයේ, එනම් 2017-2019 අතර කාලයේ, යුධ හමුදාපතිවරයා ලෙස කටයුතු කලේ ජෙනරාල් මහේෂ් සේනානායකයි. 2019 අප්‍රේල් මස 21, පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවූ අතර 2019 අගෝස්තු 21 වැනිදා ඔහු යුධ හමුදාවෙන් විශ්‍රාම ලබා ගත්තා. ජෙනරාල් මහේෂ් සේනානායක සහ ඔහුගේ හමුදා ජීවිතය සම්බන්ධයෙන් විස්තර මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    පාස්කු බෝම්බ ප්‍රහාරයේ මුලික විමර්ශන කටයුතු වලට එවකට අගමැතිවරයාව සිටි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් බාධා කල බවට පාස්කු ප්‍රහාරය සිදුවූ අවධියේ යුධ හමුදාපතිවරයා ලෙස කටයතු කල ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පැවසූ බවට සමාජ ජාලා වල පළවන සටහන් සාවද්‍යයි බව ජෙනරාල් මහේෂ් සේනානායක සඳහන් කර සිටිනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-09-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.