Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකයේ දූෂිතම ජනාධිපතිවරු 5 දෙනා අතරට?

    2022-02-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෙරට මෙන්ම විදේශීය රාජ්‍යන්හි දේශපාලනයේ නියැලෙන පුද්ගලයන් ගේ නම් නොයෙකුත් වංචාවන් සහ අල්ලස් දූෂණ වලට ඇතුළත් වීම් දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තර සංවිධාන විසින්ද ලෝක බලවතුන්ගේ අයථා වත්කම් පිළිබඳවද වරින් වර සමාජයට හෙළි කරනු ලබනවා. මේ හේතුවෙන්

    මෙරට මෙන්ම විදේශීය රාජ්‍යන්හි දේශපාලනයේ නියැලෙන පුද්ගලයන් ගේ නම් නොයෙකුත් වංචාවන් සහ අල්ලස් දූෂණ වලට ඇතුළත් වීම් දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තර සංවිධාන විසින්ද ලෝක බලවතුන්ගේ අයථා වත්කම් පිළිබඳවද වරින් වර සමාජයට හෙළි කරනු ලබනවා. මේ හේතුවෙන් එවන් නම් ලැයිස්තුවල සඳහන් නොවන පුද්ගලයන්ගේ නම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් පළ වනවා අපට දැක ගන්නට පුළුවන්. එවන් සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    ලෝකයේ දූෂිතම ජනාධිපතිවරු 5 දෙනා අතර ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ මහතා බවට පවසමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වුණා.

    Facebook | Archived Link

    මෙම සටහන 2300ක් පමණ ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වුණා. 

    එමෙන්ම 2019 වර්ෂයේදීත් මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මේ වනවිට මෙම සටහන බහුලව ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබූ අයුරු පහතින්.

    Also Read : රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ දූෂිතම අගමැතිවරුන් අතර 05 වන ස්ථානයේ?

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ලෝකයේ දූෂිත ජනාධිපතිවරුන් ලෙස නම් කළ නිල දර්ශකයක් පිළිබඳ අප විමර්ශනයක් සිදු කළ අතර එවැනි දර්ශකයක් සම්බන්ධයෙන් හෝ ලොව දූෂිත ජනාධිපතිවරුන් ලැයිස්තුවක් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක හෝ සඳහන් වී නොතිබුණි.

    නමුත් 2017 වර්ෂයේදී ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) දේශපාලනඥයන් 140 කගේ අයථා වත්කම් හෙළි කළ පැනමා ලේඛන වල සඳහන් වී තිබූ ජනාධිපතිවරුන් වූයේ ආජන්ටිනාවේ ජනාධිපති Mauricio Macri, සවුදි අරාබි රජු Salman bin Abdulaziz bin Abdulrahman Al Saud, මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Khalifa bin Zayed bin Sultan Al Nahyan,යුක්රේනයේ ජනාධිපති Petro Poroshenko යන අයයි.  එම ලේඛනයේ හෝ මෙරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී නොතිබුණි.

    ICIJ | Archived Link

    නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ රාජපක්ෂ පවුලේ ඥාතිවරියක් වන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම පසුගිය වසරේ හෙළි කළ පැන්ඩෝරා පත්‍රිකා තුළ සඳහන් වී තිබුණේ මෙලෙසින්. Archived Link

    එසේම දූෂණයට එරෙහි ගෝලීය සන්ධානයක් වන Transparency International සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයෙන් ද තොරතුරු විමසා ඇති අතර පිළිතුරු ලැබුණු වහාම එම තොරතුරු ඇතුළත් කොට මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    Also Read : Forbes සඟරාව ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් හෙළි කළාද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ලෝකයේ දූෂිතම ජනාධිපතිවරු 5 දෙනා අතර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළත්ව බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් නොමග යවන සුළු බවයි. එවැනි නිල දර්ශකයක් සම්බන්ධයෙන් හෝ ලොව දූෂිත ජනාධිපතිවරුන් ලැයිස්තුවක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවකින් හෝ  පිළිගත් ජාත්‍යන්තර සංවිධානයකින් හෝ ඉදිරිපත් කර නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.