Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මංජු නිශ්ශංක, SL VLOG කණ්ඩායම් එකමුතුවෙන් පොසොන් දන්සලක් පවත්වන්නේ නැහැ!

    2023-06-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ ක්‍රියාකාරිකයෙක් වන මංජු නිශ්ශංක සහ මෑත කාලයේ මහත් කතාබහට ලක්වූ ලක් සංවිධාන දෙකක් වන SL Vlog සහ Colombo Comedy Central ඒකාබද්ධව  පොසොන් පොහෝ දිනය වෙනුවෙන් දුන්තෙල් බත් දන්සැලක් සංවිධ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ ක්‍රියාකාරිකයෙක් වන මංජු නිශ්ශංක සහ මෑත කාලයේ මහත් කතාබහට ලක්වූ ලක් සංවිධාන දෙකක් වන SL Vlog සහ Colombo Comedy Central ඒකාබද්ධව  පොසොන් පොහෝ දිනය වෙනුවෙන් දුන්තෙල් බත් දන්සැලක් සංවිධානය කරන බවට සමාජ ජාලා සටහන් පැතිරුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීම පහතින්.

    සමාජ ජාලා සටහන් 

    මංජු නිශ්ශංක ,SL Vlog සහ Colombo Comedy Central විසින් පොසොන් පොහෝ දිනයේ දී Access Tower ඉදිරිපිට දී දුන්තෙල් බත් දන්සැලක් සංවිධානය කරන බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived

    මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මෙම සටහන් ෆෙස්බුක් තුළ බහුලව පැතිර තිබුණු ආකාරයක් දක්නට ලැබුණා.

    මේ පිලිබදව කරුණු විමසා බැලීමට අප සිදුකළා.

    Fact Check (කරුණු විමසා බැලීම)

    අප මුලින්ම විමසා බැලුවේ මංජු නිශ්ශංකගේ හෝ SL Vlog හි නිල සමාජ ජාලා ගිණුම් වල මෙවන් දන්සැලක් පිලිබඳ තොරතුරු ඔවුන් නිවේදනය කර ඇතිද පිළිබඳවයි. නමුත් එවැන්නක් අපට දක්නට ලැබුණේ නැහැ.

    ඉන් අනතුරුව අප මංජු නිශ්ශංකගෙන් විමසා සිටියේ පොසොන් පොහෝදින ඔහු විසින් සමාජ ජාලාවල සදහන් ආකාරයේ දන්සැලක් සංවිධානය කරනවාද යන කාරණයයි. එහිදී ඔහු පවසා සිටියේ තමන් මෙවන් කිසිදු දන්සැලක් සංවිධානය නොකරන බව සහ මෙම සමාජ ජාලා සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

    SL Vlog ,මංජු නිශ්ශංක සහ Colombo Comedy Central

    පසුගිය සමයේ SL Vlog සහ Colombo Comedy Central වෙත බෞද්ධ විශ්වාසයන්ට අපහාස කරන ලද බවට, විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවූ අතර, බොහෝ දෙනා පැවසුවේ මෙම සන්නාම දෙකේම හිමිකාරිත්වය දරන්නේ සහ ඔවුනට අරමුදල් සපයන්නේ මංජු නිශ්ශංක බවයි.

    කෙසේ වෙතත් මංජු නිශ්ශංක මෙන්ම , මෙම SL Vlog සහ Colombo Comedy Central කණඩායම් දිගින් දිගටම පවසන්නේ මේවායෙහි හිමිකාරිත්වය දරන්නේ මංජු නිශ්ශංක බවට වන සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි.

    පසුගියදා පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ,මංජු නිශ්ශංක පැවසුවේ තමන් සහ SL Vlog අතර පවතින්නේ උපායමාර්ගික සහයෝගිතාවයක් (Strategic Partnership)  පමණක් බවයි. තමන් එහි හිමිකරු නොවන බවත් ඔහු එහිදී පවසනවා. 

    එසේම එම සාකච්චාවට සම්බන්ධවූ සමාජ ජාල ක්‍රියාකාරිකයෙක් වන , මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන බෘනෝ දිවාකර පැවසුවේ, SL Vlog හි සම්පුර්ණ හිමිකාරිත්වය පවතින්නේ තමන් සතුව වන අතර, මංජු නිශ්ශංකට සිය කණ්ඩායම සහාය ලබා දෙන්නේ ඔහුගේ දේශාපාලන ප්‍රතිපත්තිනට සහ දර්ශනයට තමන් එකග නිසා බවයි.

    එම මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්.

    කෙසේ වෙතත් මෙම ආයතන හිමිකාරිත්වය සම්බන්ධව, දැනට වාර්තා වී ඇති තොරතුරු මත පමණක් පදනම්ව, කරුණු ස්වාධීනව සත්‍යාපනය කිරීම අපට සිදුකිරීමට අපහසු කරුණකි.

    Also Read: මංජු නිශ්ශංක, නාලක ගොඩහේවා සහ X-Press Pearl ගැන හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුයේ, සමාජ ක්‍රියාකාරික මංජු නිශ්ශංක විසින් පොසොන් පොහෝ දින සවස Access Tower ඉදිරිපිට දුන්තෙල් බත් දන්සැලක් සංවිධානය කර ඇති බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-06-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.