Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: රම්මලේ රක්ෂිතයේ සිදුවූ වන සංහාරයේ සිතියමක් ද?

    2021-03-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොව විවිධ ප්‍රදේශවල වන විනාශයන් පිලිබඳ ඡායාරූප යොදා ගනිමින් ලංකාවේ සිදුවන වන සංහාරයන් බව පෙන්වීමට සටහන් රැසක්ම පසුගිය දින කිහිපයේ දී ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව අපට දැකගනන්ට ලැබුණා. මෙවැනි සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ශනයක් මෙතනින් මේ ආකාරයෙන්ම

    ලොව විවිධ ප්‍රදේශවල වන විනාශයන් පිලිබඳ ඡායාරූප යොදා ගනිමින් ලංකාවේ සිදුවන වන සංහාරයන් බව පෙන්වීමට සටහන් රැසක්ම පසුගිය දින කිහිපයේ දී ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව අපට දැකගනන්ට ලැබුණා. මෙවැනි සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ශනයක් මෙතනින්

    මේ ආකාරයෙන්ම හුවමාරු වූ තවත් සටහන් පෙළක ගූගල් සිතියම් සන්සන්දනය කරමින් පෙන්වීමට උත්සාහ ගෙන තිබුනේ දකුණු ලක කටුවන ප්‍රදේශයේ රම්මල් කන්ද රක්ෂිතයේ සිදු වූ වන සංහාරයක් පිළිබඳවයි. නමුත් අපගේ විමර්ශණයෙන් පැහැදිලි වූයේ මෙම සිතියම් සංසන්දනය ඉන්දියාවේ සිදු වන සංහාරයක් පිළිබඳ පළ වූ පැරණි වාර්තාවක පළවූ ඡායාරූපයක් බවයි

    සමාජ මාධ්‍ය සටහන්:

    “කැළෑවට කතා කරන්න පුලුවන් නම් කෑ ගහලා කියාවි රාජපක්ෂලාගෙන් අපිව බේරා දෙන්න කියලා 😢😥”යන තේමාවෙන් හුවමාරු වී තිබු සටහනක 2020 සහ 2021 වසරේ සිතියමක් සංසන්දනය කරමින් යම් ප්‍රදේශයක් සිදුවූ වන විනාශයක් පෙන්වා දී තිබුණා. එම ස්ථානය “අවසන් හුස්ම හෙලන රම්මල කන්ද”  යනුවෙන් ද Anurudda Hettiarachchi නම් ෆේස්බුක් ගිණුමක් විසින් පළකර තිබු සටහනේ දක්වා තිබු අතර  දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ 1300 ට අධික පිරිසක් අතර මෙම සටහන හුවමාරු වූ බවද අපට දැකගන්නට ලැබුණා.

    Facebook | Archived  Facebook | Archived

    ඉහත සමාජ මාධ්‍ය සටහන් සාවද්‍ය බව සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබූ අතර එය නිවැරදි කර දෙන ලෙස ඉල්ලීම් කිහිපයක් ද අපට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අපට මෙන්ම ඉහත සටහන දක්වා තිබූ ඡායාරූපය google reverse image එකට ලක්කළෙමු. අපට ඉහත ඡායාරූපය දක්වමින් Times of India වෙබ් අඩවියේ 2019 වසරේ පළ වූ පුවත් වාර්තාවක් පහත පරිදි දැක ගන්නට ලැබුණා.

    TOI | Archived

    මම වාර්තාවෙන් දැක්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා-කර්නාටක ප්‍රාන්ත හරහා දිවෙන වන රක්ෂිතයේ සවන්ට්වාඩී – දොඩමාර්ග් වනජීවී කොරිඩෝවේ 2014 සිට සහ 2018 වසර දක්වා සිදු වන විනාශයන් පිළිබඳ සංසන්දනාත්මක සිතියමකි. එම ඡායාරූපයේ දක්වා ඇති ප්‍රදේශය සහ ලංකාවේ රන්මල් කන්ද රක්ෂිතයේ සිදුවන වන විනාශය යනුවෙන් සටහන් වල දක්වා ඇති ප්‍රදේශය එක හා සමාන බව පහත සංසන්දනයෙන් ද පෙනී යයි.

    එසේම අපට රන්මල් කන්ද ප්‍රදේශයේ ගූගල් සිතියමක් ද පහත පරිදි දැකගනන්ට ලැබුණු අතර එහි රම්මල් කන්ද යනුවෙන් දක්වා ඇති ප්‍රදේශයේ මේ ආකාරයේ සිතියමක් දැක ගන්නට ලැබෙන්නේ ද නැත.

    Google Maps

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ රන්මල් කන්ද ප්‍රදේශයේ පසුගිය වසර තුළදී සිදුව ඇති වන සංහාරයක් පිළිබඳව පෙන්වීම සඳහා යොදාගෙන ඇත්තේ 2014 සිට 2018 වසර දක්වා ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා-කර්නාටක ප්‍රාන්ත හරහා දිවෙන වන රක්ෂිතයේ සවන්ට්වාඩී – දොඩමාර්ග් වනජීවී කොරිඩෝවේ සිදුව තිබු වන විනාශයක සිතියම් වල සංසන්දනයක් බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:රම්මලේ කන්ද රක්ෂිතයේ සිදුව වන සංහාරයේ සිතියමක් ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.