Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ගිනි පෙට්ටියක නව මිල රු. 40 ක් දක්වා ඉහළ දැමුවා ද ?

    2022-04-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෙරට පවතින් ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ද ඉහළ යාමක් මේ වන විට සිදු වෙමින් පවතිනවා. මේ අතර ගිනි පෙට්ටියක නව මිල රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. 

    මෙරට පවතින් ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ද ඉහළ යාමක් මේ වන විට සිදු වෙමින් පවතිනවා. මේ අතර ගිනි පෙට්ටියක නව මිල රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. 

    සමාජ මාධ්‍ය සටහන් :

    ගිනි පෙට්ටියක නව මිල රුපියල් 40ක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්. 

     Facebook | Archived Link Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ගිනි පෙට්ටියක මෙරට මිල රු.40 කින් ඉහළ දමා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් ලිපි වල හෝ සඳහන් කර ඇත්දැයි අප ප්‍රථමයෙන්ම විමර්ශනය සිදු කරනු ලැබුවා. නමුත් එලෙස කිසිදු සටහනක් පළ වී නොතිබුණි.

    ඒ අනුව අප කරුණු තහවුරු කර ගැනීමට, ගිනි පෙට්ටි සමාගම් කිහිපයකගෙන් විමසා බැලීමක් සිදු කළා.

    Soorya ගිනි පෙට්ටිය

    සමාජ මාධ්‍ය ජාලා වල පළ වී තිබූ Soorya ගිනි පෙට්ටියේ නව මිල සම්බන්ධයෙන් අප Sunmatch සමාගමෙන් විමසා සිටියා.

    ඔවුන් සඳහන් කළේ, එම පුවත අසත්‍ය බවත්, මෙතෙක් වෙළෙඳ පොළේ ඇති ගිනි පෙට්ටියක විකුණුම් මිල වන්නේ රු. 09ක් බවත් අමුද්‍රව්‍ය හිඟ වීම හේතුකොට ගෙන එහි නව මිල රු.12 දක්වා ඉහළ දැමූ බවත්, රු.40කට කිසිදු අවස්ථාවක මිල ඉහළ දමා නොමැති බවයි. ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ, එමෙන්ම ගිනි පෙට්ටියේ පිටුපස එහි මිල සඳහන් කර ඇති බැවින්. කිසිදු අවස්ථාවක එම මිලට පරිභාහිරව කිසිදු මිලකට ගිනි පෙට්ටියක් අලෙවි කිරීම සිදු නොකළ හැකි බැවින්. රු. 40ක මුදලට ඇතැමුන් ගිනි පෙට්ටියක් මිලදී ගත් බවට පැවසීම විශ්වාස කළ නොහැකි බවයි ඔවුන් සඳහන් කළේ.

    ඩෙල්මා, ස්ටාර්, සිංහ ගිනි පෙට්ටි

    කෙසේ වෙතත් අප ගිනි පෙට්ටි නව මිල සම්බන්ධයෙන් ඩෙල්මා ගිනි පටේටි සමාගමට අයත් ඩෙල්මා, ස්ටාර්, සිංහ ගිනිපෙට්ටි සම්බන්ධයෙන් ද, එම සමාගමෙන් විමසීමක් කරනු ලැබුවා.

    ඔවුන් සඳහන් කළේ, ගිනි පෙට්ටියක මේ වන විටත් වෙළඳ පළ මිල වන්නේ. රු.10ක් බවත් මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ගෙන යන බවත් මෙතෙක් එහි තීරණයක් ගෙන නොමැති බවත් ඔවුන් පවසා සිටියා. එමෙන්ම කිසිදු අයුරකින් එය රු. 40 දක්වා මිල ඉහළ දැමීමක් සිදු නොකරන අතර රු.15 හෝ ඊට අඩු මුදලකට ගිනි පෙට්ටියක මිල ඉහළ දැමීමක් සිදු කළ හැකි බවයි ඔවුන් සඳහන් කළේ.

    DIAMOND ගිනි පෙට්ටි

    Diamond Match Company Pvt Ltd ආයතනයේ නිල ෆේස්බුක් ගිණුමේ ගිනි පෙට්ටියක නව මිල සඳහන් කර තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    ඒ අනුව Diamond ගිනි පෙට්ටියක නව මිල වන්නේ රු.12 ක් බවත් එහි දැක්වේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල දැක්වෙන පරිදි ගිනි පෙට්ටියක නව මිල රු. 40 දක්වා ඉහළ දමා නොමැති බවයි. ඇතැම් ගිනි පෙට්ටි සමාගම් මේ වන විටත් එහි නිෂ්පාදන කටයුතු සඳහා භාවිත වන අමු ද්‍රව්‍ය හිඟ වීම හේතුවෙන් ගිනි පෙට්ටියක මිල ඉහළ දමා ඇති අතර ඇතැම් සමාගම් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමක පවතින අතර, එම මිල ඉහළ දැමීම් රු.12ක් වැනි මිලක නව විකුණුම් මිල පවතින අතර සාකච්ඡාමය මට්ටමේ පවතින සමාගම් ද නව මිල රු.15 සීමාව ඉක්මවා නොයන බවට අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.