Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මතීෂ පන්දු යැවීමට පෙර දෝණිට වැඳ ආශිර්වාද ලබා ගත් අවස්ථාවක් ද?

    2024-03-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගැනීමට හැකි වී තිබෙනවා. එම ආදරය තව තවත් වර්ධනය කරමින් ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගැනීමට හැකි වී තිබෙනවා. එම ආදරය තව තවත් වර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද, මතීෂ සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ, ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට වැඳ ගෞරව කරන බවට දන්වමින් වීඩියෝවක් සංසරණය වීමත් සමඟයි. මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ, සැබෑවක් ද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මතීෂ බෝල් දාන්න කලින් දෝණිට වදිනවා” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම වීඩියෝව Twitter ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    Twitter 

    මෙම වීඩයෝවේ දැක්වෙන්නේ සත්‍යයක් ද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ මේ දිනවල පැවැත්වෙන 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින අතර ඔහු මේවර IPL තරඟාවලියේ සිය පළමු තරගය ලෙස පසුගිය  26 වන දා ගුජරාට් ටයිටන්ස් සමග පැවති තරගයට ක්‍රීඩා කරනු ලැබුවා.

    මෙම අවස්ථාවේදී පන්දු යැවීමට පෙර, මතීෂ පතිරණ, චෙන්නායි සුපර් කිංග්ස් පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි අසලට ගොස් වැඳ ආශිර්වාද ලබා ගන්නා බවට පවසමින් ඉහත වීඩියෝව විදේශීය රටවල ද, අවධානය යොමු වී තිබුණා. 

    නමුත් එම දර්ශන හොඳින් නිරීක්ෂණය කිරීමේදී මතීෂ විසින් සත්‍ය වශයෙන් ම කුමක් ද, කරන්න යන්නේ පැහැදිලි නොවන්නේ එම අවස්ථාවේ තව ත් කැමරාවක් එම රූප දර්ශන වලට බාධා කරන බැවිනි.

    කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන Zee News පෙන්වා දෙන්නේ, 

    දෝනිගේ පාදය අසල තිබූ පන්දු යවන්නන් සිය දුර සලකුණු කිරීමට භාවිත කරන මාර්කර් එක ඇහිඳ ගැනීමට මතීෂ පතිරණ,  බිමට නැමී ඇති බව යි. මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබූ ලිපිය මෙතනින්, තවත් වාර්තාවක් මෙතනින්.

    මේ බව එම අවස්ථාවේම වෙනත් කැමරා කෝණයකින් ලබාගත් දර්ශන පරික්ෂා කිරීමේ දී වඩාත් පැහැදිලි වෙනවා. එම අවස්ථාව මෙතනින්

    මෙම අවස්ථාව ඇතුළත් වූ 21 හැවිරිදි මතීෂ සහභාගී වූ මෙවර IPL තරගයෙන් Chennai Super Kings කණ්ඩායමට පහසු ජයක් ලබාගැනීමට හැකි වූ අතර ඔවුන් දැනට IPL ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින්නේ සහභාගී වූ තරග දෙකම ජයගනිමින්. ගුජරාට් සමඟ පැවති තරඟයේදී මතීෂ, පන්දු වාර 4ක් යවමින් ලකුණු 29කට එක් කඩුල්ලක් බිඳ හෙළී ය. මතිෂට අමතරව චෙන්නායි සංචිතයේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන මහිෂ් තීක්ෂණ ද ඇතුළත්.

    කෙසේවෙතත් මතීෂ සුපිරි දස්කම් දැක්වමින් 2023 IPL කිරුළ චෙන්නායි කණ්ඩායමට අත්පත් කරගැනීමට ප්‍රබල සාධකයක් වූ අතර ඔහුගේ ඉක්මන් වර්ධනයට හිටපු නායක දෝනි ප්‍රධාන සාධකයක් වුණා. මතිෂ ද සිය නායකයා පිලිබඳ ගුණ වර්ණනා කළ අවස්ථා කිහිපයක්ම මෙසේ වාර්තා වන අතර 2023 වසරේ මතිෂගේ පවුලේ සාමාජිකයින් ද ඉන්දියාවේ සංචාරයක නිරත වුයේ දෝනිගේ ආරාධනයෙන්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මහේන්ද්‍ර සිං දෝනිට වැඳ ආශිර්වාද ලබා ගත් බවට පළ වන වාර්තා අසත්‍ය  බවයි. එහි දැක්වෙන්නේ, දෝනිගේ පාදය අසල තිබූ පන්දු යවන්නන් සිය දුර සලකුණු කිරීමට භාවිත කරන මාර්කර් එක ඇහිඳ ගැනීමට මතීෂ පතිරණ,  බිමට නැමී ඇති බව යි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-03-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.