Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    “සජිත් ජනපති – පාඨලී අගමැති” ලෙසින් පාඨලීගේ මාධ්‍ය ලේකම්ගෙන් ෆේස්බුක් සටහනක්?

    2024-08-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන සටහන් වලින් ජනතාව නොමග යන අයුරින් කටයුතු කිරීමට හැකි වන අතර ඇතැම් අවස්ථා වලදී පළ නොකරන ලද සටහන් පළ කර බව ට දක්විමන් අසත්‍ය තොරතුරුද සමාජ ගත කිරීම ද, සිදු කරනු ලබන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන සටහන් වලින් ජනතාව නොමග යන අයුරින් කටයුතු කිරීමට හැකි වන අතර ඇතැම් අවස්ථා වලදී පළ නොකරන ලද සටහන් පළ කර බව ට දක්විමන් අසත්‍ය තොරතුරුද සමාජ ගත කිරීම ද, සිදු කරනු ලබනවා. එලෙසින් පළ වූ සටහන් පිළිබඳ අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පාඨලීගේ මාධ්‍ය ලේකම්වරයා විසින් “සජිත් ජනපති – පාඨලී අගමැති” යනුවෙන් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය සටහනක් තබා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ඒ සම්බන්ධයෙන් Lanka Truth වෙබ් අඩවියේ ලිපියක් ද, පළ වී තිබුණා. එම ලිපිය මෙතනින්. Archived Link

    සත්‍ය වශයෙන් ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ලේකම් වරයා විසින් මෙවැනි සටහනක් තබා ඇත් ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Explainer (කරුණු පැහැදිලි කිරීම) :

    මේ සඳහා අප ප්‍රථමයෙන් ම පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙශාන් ප්‍රබෝධ විදානගමාච්චි විසින් මෙවන් ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය ධාරාවක සිදු කර ඇත්දැයි යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළා. එවැනි ලිපියක් හෝ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර නොමැති බව ට තහවුරු වුණා.

    අප මේ හේතුවෙන් ලෙශාන් ප්‍රබෝධ විදානගමාච්චිගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් ඇතුළු අනෙක් සමාජ මාධ්‍ය ගිණුම් වලත්, ඔහු විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පරීක්ෂා කළ අතර, “සජිත් ජනපති – පාඨලී අගමැති” යනුවෙන් සඳහන් කළ සටහනක් දැක ගන්නට නොලැබුණි.

    නමුත් ඉහත සමාජ මාධ්‍ය සටහන දක්වා තිබූ ‘නජිත් ඉන්දික’ නම් පුද්ගලයා විසින් මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් වීඩියෝවක් YouTube වෙත එක් කර තිබූ අතර එහි ලෙෂාන් ප්‍රබෝධ විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහන බව ට ඡායාරූපයක් දක්වා තිබුණේ මෙලෙසින්.

    එමෙන් ම ඉහත පුද්ගලයාගේ ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දක්වා තිබූ පුද්ගලයෙක් සඳහන් කර තිබුණේ, පාඨලී චම්පික මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ විසින් එවැනි සටහනක් පළ කර පසුව ඉවත් කර ඇති බවක්.

    මේ හේතුවෙන් අප මේ පිළිබඳව විමසීමට ලෙශාන් ප්‍රබෝධගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක එවැනි සටහනක් පළ කර නොමැති බව ත්, තමන් පළ කර සටහනක් ලෙසට ඡායාරූපයක් සංස්කරණය කරමින් අසත්‍ය තොරතුරු පතුරුවන බව ත්, තමන් මේ පිළිබඳව නීතිමය පියවර ගන්නා බව ත් සඳහන් කළා.

    ලෙශාන් විසින් ෆේස්බුක් හි එවැනි සටහනක් පළ කරා ද, නැද්ද යන්න විමර්ශනය කිරීම සඳහා අප ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පරික්ෂාවක් ද සිදුකළ අතර එමගින් ද, ඒ ඔස්සේ ද එවැන්නක් පළකර නොමැති බව ට තහවුරු වු අතර මෙම සටහන් නිර්මාණය වීමට හේතු වී තිබු බවට කියවෙන සටහන පිලිබඳ නජිත් ගෙන් ද විමසීමක් කළ ද මෙතෙක් ඒ සඳහා පිළිතුරක් ලැබුනේ නැහැ.

    එමෙන් ම ලෙශාන් විසින් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදු කර තිබු අතර ඒ ගැන සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    සැ.යු : අප මෙහිදි සජිත් ප්‍රේමදාස මහතා ජනපති වීම හෝ චම්පික රණවක මහතා අගමැති වන බවට යන කරුණු සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කර නොමැත

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.