Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහා පරිමාණ වංචා පිළිබඳ ෆයිල් රැගෙන අනුර, මහින්ද හමුවීමට ගිය අවස්ථාවක් ද? (VIDEO)

    2022-05-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දේශපාලනඥයින්ගේ අයථා වත්කම් පිළිබඳ අනාවරණය කිරීම පිළිබඳ සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. එලෙස අනාවරණය කිරීමෙන් පසු, මහින්ද රාජපක්ෂ හමුවීමට, අනුර කුමාර දිසානයක ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකය

    පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දේශපාලනඥයින්ගේ අයථා වත්කම් පිළිබඳ අනාවරණය කිරීම පිළිබඳ සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. එලෙස අනාවරණය කිරීමෙන් පසු, මහින්ද රාජපක්ෂ හමුවීමට, අනුර කුමාර දිසානයක ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින්, පසුගිය වසර කිහිපයේ මෙරට පාලනයේ සිටි දේශපාලනඥයින් සිදුකළ බව කියන, දූෂිත ගනුදෙනු රැසක් පිලිබඳ කරුණු අනාවරණය කිරීමෙන් පසුව, අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවට ගිය බව හඟවමින් වීඩියෝවක් හුවමාරු වී තිබුණා. එහි දැක්වුණේ  “ෆයිල් ටික රැගෙන අනුර මහින්ද හමුවීමට යයි ” යනුවෙන්

    Facebook 

    මේ පිළිබඳව සඳහන් වූ තවත් වීඩියෝවක් මෙතනින්. Archived Link එම වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් 2100කට වැඩි පිරිසක් අතර සංසරණය වී තිබුණා.

    කෙසේනමුත් 2021 වසරේද ඉහත සඳහන් අවස්ථාවේ ඡායාරූපයක්, ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ, ජවිපෙ ගමින් ගමට වැඩ සටහන ඇරඹීමත් සමගයි. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    මේ අනුව, 2021 වසරේ ජවිපෙ ගමින් ගමට වැඩසටහන දියත් වන කාලය තුළදී ද, ඉහත වීඩියෝවේ දැක්වෙන අවස්ථාවේ ඡායාරූපයක් හුවමාරු වී තිබුණු හෙයින්ද, එම හමුව මෑතකදී සිදු නොවූ බවට පැහැදිලි වේ.

    කෙසේ නමුත්, ඉහත වීඩියෝවේ පසුබිම් තොරතුරු විමසා බැලීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය 03 වනදා “රට වනසපු හොරු වළල්ල – තොග පිටින් හෙළිදරව්ව ” යන මැයෙන් දූෂණ විරෝධි හඬ සංවිධානය, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයකදී, මෙරට දේශපාලඥයින් සම්බන්ධ බව කියන, මහා පරිමාණ වංචාද ඇතුළත්ව ලිපිගොනු 560ක් පමණ, ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අනාවරණය කරනු ලැබුවා. 

    ඒ සම්බන්ධයෙන් පළ වූ සම්පූර්ණ වීඩියෝව මෙතනින්. මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    20 වන සංශෝධනය ගැන 2019 මාර්තු මස සකච්ඡාවක දී ලබාගත් දර්ශන පෙළක්:

    කෙසේ වෙතත්, ජවිපෙ සාමාජිකයන් මහින්ද රාජපක්ෂ මහතා හමුවන අවස්ථාවේ වීඩියෝවේ රූප රාමු අප පරීක්ෂා කළා. එහිදී අනාවරණය වූයේ මෙය  2019 වසරේ මාර්තු 06 වන දා පළවී තිබු දර්ශන පෙළක් බවයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, ජවිපෙ නායකයින් හා එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති හමුවක දී ලබා ගත් වීඩියෝවකි.

    අද දෙරණ පුවත් විකාශයේ පළ වූ එම වීඩියෝව පහතින්.

    එම අවස්ථාවේ තවත් වීඩියෝවක් මෙතනින්. කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී මෙම හමුව පවත්වා තිබුණි. 

    ජවිපෙ වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති යන අයද එක් වූ බවත්, මහින්ද රාජපක්ෂ මහතා හා එම සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන අය ද, එක් වී තිබු බවට මාධ්‍ය වාර්තාවල දැක්වුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    ජවිපෙ අදහස් දැක්වීම:

    කෙසේ වෙතත් දූෂණ විරෝධි හඬ සංවිධානය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයෙන් පසු, අනුර කුමාර දිසානායක මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූවාද යන්න අප ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ලේකම් උපුල් රංජන් මහතාගෙන් විමසීමක් සිදු කරනු ලැබුවා. 

    ඔහු සඳහන් කළේ, ජවිපෙ නායකයා හෝ ජවිපෙ සාමාජිකයන් හෝ මහින්ද රාජපක්ෂ මහතා අතර එවන් හමුවීමක් සිදු නොවූ බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ, 2019 වසරේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහින්ද මහතා හමුවූ අවස්ථාවේ වීඩියෝවක් බව ඔහු ද තහවුරු කර සිටියා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ පසුගියදා දේශපාලනඥයින් සම්බන්ධ අයථා ගනුදෙණු පිළිබඳ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් අනාවරණය කිරීමෙන් පසු, අනුර කුමාර ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ වීඩියෝව මෑතක දී ලබාගත්තක් නොවන බවයි. 2019 වසරේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහින්ද මහතා හා ජවිපෙ සාමාජිකයන් හමු වූ අවස්ථාවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.