Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ දිවයිනේ ප්‍රථමයා ලෙස නැවත වරක් හුවමාරු වන ව්‍යාජ සටහන්!

    2020-01-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 දෙසැම්බර් මස 1 වැනිදා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම වෙනත් වසරවලදී මෙන්ම හුවමාරු වූ පහත පරිදි සටහන් පෙළකින් දක්වා තිබුණේ විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් දැරියකගේ සේයා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    2023 දෙසැම්බර් මස 1 වැනිදා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම වෙනත් වසරවලදී මෙන්ම හුවමාරු වූ පහත පරිදි සටහන් පෙළකින් දක්වා තිබුණේ විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් දැරියකගේ සේයාරුවක් බවයි.

    නමුත් එම ඡායාරූපයේ දැක්වෙන්නේ මීට පසුගිය වසරේ 2021(22) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A – 9 සාමාර්ථ ලබාගත් බදුල්ල මධ්‍ය මහා විදුහලේ ශිෂ්‍යාවකගේ සේයාරුවක් Archived සඳහා මියා කලිෆාගේගේ මුහුණ යොදා ගනිමින් සිදුකළ සංස්කරණයක්.

    2022(23) අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහලේ සමාධි රණවක සිසුවිය සමත් වී තිබුණි.

    ඒ ආකාරයෙන්ම උසස් පෙළ විභාගයේ ප්‍රථමයා යනුවෙන් ද ව්‍යාජ සටහන් පෙළක් හුවමාරු වී තිබු අතර එහි දක්වා තිබුනේ ද මියා කලීෆා ගේ ඡායාරුපයක්. එම සටහන පහතින්.

    Facebook | Archived

    පහතින් දක්වා ඇත්තේ මේ ආකාරයෙන්ම මීට පෙර වසරවලදී ද ඇයගේ ඡායාරුප යොදාගනිමින් හුවමාරු වූ පළකිරීම් පෙළක්..

    2019 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමග සමාජ මාධ්‍ය ජාලා තුල මෙම විභාගයෙන් දක්ෂතා දැක්වූ සිසුන් සිසු සිසුවියන් පිළිබඳ සටහන් ඉදිරිපත්  වෙනු දක්නට ලැබුණි.

    අ.පො.ස. උසස් පෙළ කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා බවට පත්වූ ෆාතිමා නෆ්ලා නම් දැරියක් බොහොමයක්ම ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ලැබූ ජයග්‍රහණයට උණුසුම් සුභ පැතුම්!! යන කථාංශය ද සේයාරුවේ අන්තර්ගත කර තිබුණේය. මෙම සටහන ප්‍රතිචාර රැසක් සමගින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වී තිබුණේය. 

    Facebook LinkArchived Link

    මෙම සටහනට ලැබුණු ප්‍රතිචාර අතර එම සටහන අසත්‍ය බව දන්වන සටහන් බොහොමයක්ම තිබූණේය. අප මෙම සටහනේ වූ සේයාරුව Google Reverse Image සෙවීමකට යොමු කළෙමු. එම ඡායාරූපය රැගත් සමාජ මාධ්‍ය ජාලා සටහන් රැසක් එහිදී දක්නට ලැබුණු අතර එම සටහන් සියල්ල මෙම ඡායාරූපය ලොව සුප්‍රකට මියා කලිෆා (Mia Khalifa)  හා සම්බන්ධ බව පැහැදිලි විය. 

    එමෙන්ම පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ පසුවද මෙවැනිම ප්‍රවෘත්ති සටහන් සමාජ මාධ්‍ය ජාලා තුල ඉදිරිපත් වීම හේතුවෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමර්ශනයකදී පැහැදිලි වුයේ එම සටහන් සඳහා යොදාගෙන තිබුණේ අන්තර්ජාලයේ පලව තිබු මියා කලීෆා (Mia Khalifa) හා සබැඳි (මෙමෙ ඡායරූප- Meme) සටහන් බවයි.

    අ.පො.ස. උසස් පෙළ විභාගයේ වල පිළිබඳව කරුණු සනාථ කර ගනු වස් අප ප්‍රධාන මාධ්‍ය ජාලා තුල වූ වාර්තා පරීක්ෂාවට ලක් කළෙමු. 2019 දෙසැම්බර් මස 28 දින සියත රූපවාහිණි නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ විභාග ප්‍රතිඵල පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතාගේ කරුණු පැහැදිලි කිරීමක් නිරීක්ෂණය විය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත සිසුන් දිවයිනේ මට්ටමෙන් ලබා ගත් ස්ථානය පිළිබඳව නිවේදනයක් නිකුත් නොකරන බව ඔහු කරුණු පැහැදිලි කළේය. එහෙත් සිසුවා ලබාගත් ප්‍රතිඵල සටහන තුළ ඔහුගේ දිස්ත්‍රික් මට්ටම සහ දිවයිනේ මට්ටම සඳහන් කර ඇති බවට ඔහු පැහැදිලි කළේය. Siyatha News Youtube Link

    දිවයිනේ ප්‍රථම ස්ථාන මෙසේ නිල වශයෙන් දැනුම් දීමක් සිදුනොකළ ද බොහෝ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ එක් එක් අංශයේ ප්‍රථම ස්ථාන ලබා ගත් සිසුන් පිළිබඳ වාර්තා රැසක් පළවී තිබෙනු අපට දැකගන්නට ලැබුණි. පහත දැක්වෙන්නේ දිනමිණ පුවත්පත මඟින් සිදුකරන ලද දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා ගත් සිසුන් පිළිබඳ වාර්තාවක්

    Dinamina.lkArchived Link

    මේ අනුව කලා අංශයේ පැරණි සහ නව විෂය දේශයන්හි ප්‍රථම ස්ථාන පිළිවෙලින් නිපුණ විරාජ් හෙට්ටිආරච්චි සහ තෙෂානි මිලින්දි වැලිගමගේ යන සිසුන් හට හිමි වී ඇති බව ද පැහැදිලි විය

    අවසාන නිගමනය

    අප කළ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ අ.පො.ස. උසස පෙල විභාගයේ ප්‍රතිඵල හි විභාග අපේක්ෂකයාගේ දිවයිනේ ස්ථානය පිළිබඳ නිල ප්‍රකාශයක් නොමැති අතර ඉන්දික බණ්ඩාර නමැත්තා  ඉදිරිපත් කර ඇති සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යය සාවද්‍ය සටහනක් වන අතර ඡායාරූපයේ දැක්වෙන්නේ මියා කලීෆා (Mia Khalifa) හා සබැඳි (මෙමෙ ඡායරූප- Meme) සටහනක් බවයි. 

    Also Read: අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා ලෙස උපහාසත්මක කෝණයකින් පළකරන ලද සටහන් පෙළක්!

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.