Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: සිරස ලක්ෂ්පති වැඩසටහනේ ජයග්‍රහණය ලැබූ ශුක්‍රා මුනව්වර් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

    2021-01-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2021 ජනවාරි මස 23වැනි දින පැවැත්වු බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිරස ලක්ෂපති ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහිකාව වුයේ ගාල්ල ප්‍රදේශයේ පාසැල් දැරියක වන ෂුක්රා මුනව්වර්ය. ඇය සම්බන්ධයෙන් සටහන් රැසක් පසුගිය දින කිහිපය පුරාම හුවමාරු වෙමින් පවතිනවා. බොහෝ දෙන

    2021 ජනවාරි මස 23වැනි දින පැවැත්වු බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිරස ලක්ෂපති ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහිකාව වුයේ ගාල්ල ප්‍රදේශයේ පාසැල් දැරියක වන ෂුක්රා මුනව්වර්ය. ඇය සම්බන්ධයෙන් සටහන් රැසක් පසුගිය දින කිහිපය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.

    බොහෝ දෙනා මෙම දැරිය පිලිබඳ විස්තර සොයන අවධියක සිරස ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහිකාව වු ෂුක්රා මුනව්වර්ගේ සේයාරුවක් ලෙස කාමුක රංගනයන් සඳහා දායක වූ ලෝක ප්‍රකට නිරූපිකාවක් වන මියා කාලිෆාගේ සේයාරුවක්. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත රතු තරුව බලකාය විසින් ඇයට නිවසක් ඉදිකර දෙන බවට ෆේස්බුක් ජාලයේ හුවමාරු වෙන්නේ ද අසත්‍ය සටහනක්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “Congratulations SHUKRA Sirasa Lakshapathi” (ශුභ පැතුම් ෂුක්රා සිරස ලක්ෂපති) තේමාවෙන් “К є у . කී” නම් ෆේස්බුක් පිටුවක සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබු සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකටත් අධික සංඛ්‍යාවක් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර කිහිපයක්ම පවසා තිබුණේ සේයාරුවේ දැක්වෙන්නේ ෂුක්රා මුනව්වර් දැරියගේ ජායාරූපයක් නොවන බවයි

    Facebook | Archived

    එවැනිම ඡායාරුපයක් හුවමාරු කරගෙන තිබු තවත් අවස්ථාවක් පහතින්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\27 Sirasa Lakshapathi\55944082-aaf1-4121-a2a9-690f4852cb93.png

    Facebook | Archived

    එසේම “ශූක්රා මුමව්වර් මුස්ලම් දැරියට රතු තරුව බලකායෙන් නව නිවසක්. ආදරෙයි පැලෙන්න රතු තරුව” වදන රෝපණයරන ලද සටහනක් Wageesha Muhandiram නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්වී තිබුණි.

    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    “К є у . කී” නම් ෆේස්බුක් පිටුවේ සේයාරුවේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට  අප සිරස ලක්ෂපති වැඩ සටහනේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. එම තරඟයේ ජයග්‍රාහණය කළ ෂුක්රා මුනව්වර්ගේ සේයාරුව එහි නිරීක්ෂණය විය.

    Facebook | Archived Link

    එම ඡායරූප දෙකෙහි සංසන්දනයක් පහතින්.

    අනතුරුව “К є у . කී” නම් ෆේස්බුක් පිටුවේ සේයාරුව google reverse image සෙවීමකට යොමු කළෙමු. එම සෙවීමෙන් තහවුරු වුයේ කාලයක් තිස්සේ හුවමාරු වෙමින් පැවති අන්තර්ජාලයේ සැරිසන මියා කාලිෆාගේ ඡායාරූපයක් බවය. මෙය බොහෝ අවස්ථාවල මිමේ (meme) සටහන් නිර්මාණය කිරීම සඳහා ද යොදාගෙන තිබුණි.

    මියා කලීෆා බුර්කාවෙන් සිටින ඡායාරුප පරීක්ෂා කිරීමේ දී සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඡායරුපය දැක ගන්නට ලැබුණි.

    Fact Check: ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් දැරියක් ලෙස හුවමාරු වූ මියා කලීෆාගේ ඡායාරුපයක්!

    Wageesha Muhandiram ෆේස්බුක් පිටුවේ දක්වා තිබූ අන්දමට ෂුක්රා මුනව්වර් දැරියට නිවසක් සාදා දීමට ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජ සත්කාර මෙහෙවර සඳහා දායක වන රතු බලකාය ඉදිරිපත් වී ඇද්දැයි දැන ගැනීම පිණිස මෙම සටහන අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය වෙත යොමු කළෙමු. එම සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, Wageesha Muhandiram ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව දිගින් දිගටම මඩ ප්‍රචාර ඉදිරිපත් කරන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් බවත් අප හා සම්බන්ධවූ ජනතා විමුක්ති පෙරමුණේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධිකරන නිලධාරියා පැවසීය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සිරස ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහිකාව වු ෂුක්රා මුනව්වර්ගේ සේයාරුව ලෙස හුවමාරු වී තිබුනේ කාමුක රංගන සඳහා දායක වූ ලෝක ප්‍රකට නිරූපිකාවක් වන මියා කාලිෆාගේ සේයාරුවක් බවයි. 

    එසේම ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජ සත්කාර සඳහා කටයුතු කරන රතු බලකාය විසින් ෂුක්රා මුනව්වර් සඳහා නිවසක් සාදා දැමීමට තීරණය කර ඇති බවට ද හුවමාරු වී තිබුනේ ව්‍යාජ සටහනක්.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:සිරස ලක්ෂ්පති වැඩසටහනේ ජයග්‍රහණය ලැබූ ශුක්‍රා මුනව්වර් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

    Fact Check By: Nelson Mani 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.