Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මයිකල් ක්ලාර්ක්, වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළා ද?

    2024-07-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මයිකල් ක්ලාර්ක් සහ වනිඳු හසරංග සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සත්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ල

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මයිකල් ක්ලාර්ක් සහ වනිඳු හසරංග සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සත්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාර්ක් විසින් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළ බවට දක්වමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි සත්‍යතාවක් තිබෙනවා ද යන්න අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මයිකල් ක්ලාර්ක්ගේ ප්‍රකාශයක සාක්ෂි නැහැ

    ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාර්ක් විසින් වනිදු හසරංග සම්බන්ධයෙන් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් සිදු කළා ද යන්න පිළිබඳ අප පරීක්ෂා කළ ත්, ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කළ බව ට කිසිදු නිල තොරතුරක් කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් විසින් පළ කර නොතිබුණි.

    එමෙන් ම ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුමක හෝ වනිදු හසරංග විවේචනය කරමින් සටහනක් පළ වී නොතිබුණි.

    ලංකා ප්‍රිමිය ලීගය වෙනුවෙන් මේ වන විට ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාර්ක් විසින් මෙරටදී ඔහු විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් කළ බවට කිසිදු මාධ්‍යක දැක ගන්නට නොලැබුණි.

    මීට පෙර ද, විදේශීය ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් විසින් සිදු කළ ප්‍රකාශයන් බවට අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ප්‍රවණතාවයක් තිබූ බැවින් මෙය ද, එවැනි අවස්ථාවක් බවට පෙන්වා දිය හැක්කේ වනිදුගේ නායකත්වය පිළිබඳ ක්ලාර්ක් විසින් විවේචනයක් කළ බව ට කිසිදු සාක්ෂියක් නොමැති බැවිනි.

    Also Read : T20 ලෝක කුසලාන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ ඇෆ්ගන් නායක රශිඩ් ඛාන්, රෝහිත් ශර්මාට සහ දසුන් ශානකට ස්තුති කළාද?

    Also Read : ගෞතම් ගාම්භීර් සහ මයිකල් ක්ලාක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් පළ වන සටහන් අසත්‍යයි!

    මෙවැනි ප්‍රකාශයක් නිර්මාණය වීමට පසුබිම් වූ හේතු

    විස්සයි20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ලද පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් කණස්සල්ලෙන් පසුවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වය හමුවේය. මේ අතර විස්සයි20 ක්‍රිකට් නායක වනිඳු හසරංගවෙත දැඩි දෝෂා රෝපණයක් එල්ල වුණා.

    එමෙන් ම මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණු දේශීය ක්‍රිකට් ලීග් තරගාවලියේදී වනිදු හසරංගගේ විසින් තව ත් ක්‍රීඩකයෙකු වන පවන් රත්නායක අතින් ක්‍රීඩා කිරීමේදී සිදුවූ වැරදීමක් නිසා වනිදු විසින් සිදු කරන ප්‍රකාශයක් හේතුවෙන් නැවතත් වනිඳු හසරංග හාස්‍යට ලක් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචකයක් ද එල්ල වූයේ ඒ අවස්ථාවේ වීඩියෝව ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ගනිමින්.

    මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ප්‍රචලිත වීම ත් සමග ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ද, විවේචනයන් එල්ල වූයේ හිටපු නායක දසුන් ශානකගේ නායකත්වයේ ලක්ෂණ පෙන්වන සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් සංසරණය කර ගනිමින්. Archived Link එමෙන් ම ඔහු වෙත දිගින් දිගටම සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් චෝදනා එල්ල වූයේ දේශීය ලීග් තරඟයේ ඔහුගේ ක්‍රියාවන් හරහා ඔහුව හාස්‍යට ලක් කරමින්.

    එක්තරා සුළු පිරිසක් හසුරුවන සමාජ මාධ්‍ය බලන්නේ නැතිනම් ක්‍රිකට් ක්‍රීඩකයින්ට යහපතක් සිදුවන බවත්, එම ඇතැම් සුඵ පිරිස සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් අතර තරහක් මෙන්ම වෛරයක් ගොඬනඟන බව පෙනෙන්නට ඇති බවත් මීට පෙර වනිඳු හසරංග විස්සයි20 ලෝක කුසලානයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළ අතර මේ පිළිබඳව ද, සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු වෙත විවේචන එල්ල වී තිබුණා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාර්ක් විසින් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක වනිඳු හසරංගගේ නායකත්වය සම්බන්ධයෙන් විවේචනය කළ බවට දැක්වෙන සටහන් අසත්‍ය බවයි. මයිකල් ක්ලාර්ක් විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-07-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.