Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    <strong>Microsoft සමාගමෙන් ලංකාවට රුපියල් බිලියන 8.5ක අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් ?</strong>

    2023-02-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් සත්‍ය සිදුවීම් වාර්තා කිරීමේ දී ද එක් වචනයක් හෝ වෙනස්වීම හේතුවෙන්  වැරදි අර්ථකතනයක් ලබාදී සමාජය නොමග යන අවස්ථාවන් බහුලය අපට දැක ගන්නට පුළුවන්. එලෙසින් ඇතැම් වචන භාවිතාවේදී සැලකිලිමත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් සත්‍ය සිදුවීම් වාර්තා කිරීමේ දී ද එක් වචනයක් හෝ වෙනස්වීම හේතුවෙන්  වැරදි අර්ථකතනයක් ලබාදී සමාජය නොමග යන අවස්ථාවන් බහුලය අපට දැක ගන්නට පුළුවන්. එලෙසින් ඇතැම් වචන භාවිතාවේදී සැලකිලිමත් විය යුතු බවට පෙන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමකට අනුව Microsoft ආයතනයෙන් රුපියල් බිලියන 8.5ක අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රධානයක්” යනුවෙන් පුවතක් පළ වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    මෙම පුවතේ නිරවද්‍යතාවය විමසමින් අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ පිළිබඳව සොයා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් මෙලෙස ප්‍රධානයක් මෙරටට ලබා දුන් බවට පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්නයි.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, පසුගිය 13 වන දා The Island සහ පසුගිය 19 වන දා Sunday Observer යන ඉංග්‍රීසි භාෂා පුවත් වෙබ් අඩවියන්හි මේ සම්න්ධයෙන් පුවත් පළ වී ඇති බවයි. Archived Link | Archived Link

    ඒ අනුව, රට තුළ පවතින ඖෂධ හිඟයට ප්‍රතිචාර දක්වමින් මයික්‍රොසොෆ්ට් සමාගම ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට (SLRCS) රුපියල් මිලියන 8.5ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කළ බව සඳහන්. 

    මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නිලධාරීන් ඉදිරියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන මහතා වෙත මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ කළමනාකාර හර්ෂ රන්දෙනි විසින් භාර දුන් බවට සඳහන් කළ තිබුණේ එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් ද, සමගින්.

    කෙසේනමුත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබුණේ, රුපියල් බිලියන 8.5ක වටිනා ඖෂධ වුවද, මෙම පුවත් වාර්තා වල පෙන්වා දී තිබුණේ, රුපියල් මිලියන 8.5ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පරිත්‍යාග කළ බවයි.

    The Island

    එමෙන් ම අපට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නිල ෆේස්බුක් පිටුවේ සටහනකින් ද, මේ සම්බන්ධයෙන් විස්තර පළ කර තිබුණා. එහි දැක්වෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම, ශ්‍රී ලංකාවේ සහ ආසියා-පැසිෆික් කලාපයේ සිය සේවකයින්ගේ දායකත්වය සමඟින්, ලංකාව තුළ පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 23,700 ක් (ලංකාවේ රුපියල් මිලියන 8.5ක් පමණ) වටිනා ඖෂධ, ‘Elixir’ නමැති වෛද්‍ය පරිත්‍යාග ලබාගැනීමේ වේදිකාව වෙත පරිත්‍යාග කර ඇති බවයි.

    මේ පිළිබඳව අප තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඒ මහතා ද, තහවුරු කළේ, මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් 23,700 ක් වටිනා ඖෂධ පරිත්‍යාග කළ බවයි. රජය විසින් නොමිලයේ ජනතාවට බෙහෙත් වර්ග සැපයීම සඳහා දැරීමට සිදුවන වාර්ෂික පිරිවැය මෙරට මුදලින් රුපියල් බිලියන 56ක් පමණ වන බව ත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

    එසේම මයික්‍රොසොෆ්ට් ආයතනයේ ශ්‍රී ලංකාවේ ශාඛාවෙන් ද මෙම ප්‍රදානය පිළිබඳ විස්තර ලබා ගෙන මෙහි පළ කිරීමට ද බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    මයික්‍රොසොෆ්ට් සමාගමෙන් රුපියල් බිලියන 8.5ක අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රධානයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු වෙයි. සත්‍ය වශයෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් සිදු කර ඇති අතර එය රුපියල් මිලියන 8.5ක වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ වේ. 

    මිලියන වෙනුවට බිලියන වචනය සිතාමතා හෝ අත්වැරදීමකින් යොදා ගැනීම මඟින් ඇති විශාල ප්‍රදානයක් අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ලංකාවට ප්‍රදානය කර තිබු බවට මෙම සටහන් ඔස්සේ නොමඟ යෑමක් සිදුවී තිබෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.