Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට මිලාන් රත්නායක ඇතුළත් ද?

    2023-08-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන තරඟාවලියේ ප්‍රථම තරඟය ආරම්භ කිරීමට දිනයක් තිබියදී ත් ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කිරීමට ප්‍රමාද වීම පිළිබඳ ක්‍රීඩාලෝලීන් අතර කතාබහක් නිර්මාණය වී තිබුණා. මේ අතර එම සංචි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ආසියානු කුසලාන තරඟාවලියේ ප්‍රථම තරඟය ආරම්භ කිරීමට දිනයක් තිබියදී ත් ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කිරීමට ප්‍රමාද වීම පිළිබඳ ක්‍රීඩාලෝලීන් අතර කතාබහක් නිර්මාණය වී තිබුණා. මේ අතර එම සංචිතය සඳහා, ප්‍රමෝද් මධුෂාන් වෙනුවට මිලාන් රත්නායක ඇතුළත් කර ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුව නොවූ Pramod Madushan වෙනුවට Milan Rathnayake සංචිතයට යනුවෙන් Milan Rathnayake නමැති ෆේස්බුක් පිටුවකින් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    මිලාන් රත්නායකගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමකින් මෙම සටහන පළ වී තිබීම හේතුවෙන් බොහෝ දෙනෙකු ඔහුට සුබ පතමින් එම සටහනට ප්‍රතිචාර දක්වා තිබුණේ මෙය සත්‍යයක් බව ට උපකල්පනය කරමින්.

    මෙහි නිරවද්‍යතාව විමසීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප මේ පිළිබඳව වේගපන්දු ක්‍රිකට් ක්‍රීඩක මිලාන් රත්නායකගෙන් විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ, තමන්ගේ නිල ෆේස්බුක් පිටුව පසුගිය දෙසැම්බර් මස හැක් වී ඇති බවත්, එම පිටුව හරහා වෙනත් අයෙකු විසින් මෙලෙසින් ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සඳහා තමන් තේරී ඇති බවට අසත්‍ය තොරතුරු පළ කර ඇති බවත් සඳහන් කළා.

    එමෙන් ම වර්තමානයේදී මිලාන් රත්නායක විසින් භාවිත කරන ෆේස්බුක් පිටුවෙන් මේ සම්බන්ධයෙන් පළ කර ඇති සටහන ද, අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රොද්‍රිගෝ පැවසුවේ, ආසියානු කුසලානය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකොට ඇති බවත්, එම අනුමැතිය ලද විගස සංචිතය නිල වශයෙන් නිවේදනය කරන බවයි.

    මේ වන විට ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය හා ඇෆ්ඝනිස්ථානය ඔවුන්ගේ සංචිතයන් නම් කර තිබේ.

    වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයින්ට ද ආසියානු කුසලානය අහිමි වන බව වාර්තා වන්නේ පසුගිය දා නිමා වූ 2023 LPL තරගාවලියේ දී ඇති වූ ආබාධ තත්වයන් කිහිපයක් හේතුවෙනි.

    ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නිල වශයෙන් නම් කිරීමෙන් පසුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    Update : (August 29 සවස)

    ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද(29) සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනය විසින් නිවේදයන් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. එහිද මිලාන්ගේ නම සඳහන් වන්නේ නැහැ. එම නිවේදනය ඇතුළත් පුවත් වාර්තාවක් මෙතනින්

    ඒ අනුව, දසුන් ශානක (නායක),පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුෂාන්, කසුන් රාජිත, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ අගෝස්තු 30 වන දා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචියට ඇතුළත්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සඳහා ප්‍රමෝද් මධුෂාන් වෙනුවට මිලාන් රත්නායක එම සංචිතයට ඇතුළත් කර ඇති බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවත්, තමන්ගේ හැක් වී ඇති ගිණුම මඟින් වෙනත් අයෙකු විසින් එම සටහන් පළකර ඇති බවත් මිලාන් රත්නායක තහවුරු කර සිටින බවයි.

    Avatar

    Title:ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට මිලාන් රත්නායක ඇතුළත් ද?

    Fact Check By: Pavithra Sandamali 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-08-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.