Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    නිදහස් සැමරුම උත්සවය දින ජනාධිපති උත්තමාචාරය පුද කළ හමුදා නිලධාරියා සිර ගත කළ බවට අසත්‍ය සටහන් පෙළක්!

    2023-06-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 පෙබරවාරි 04 වන දිනට යෙදී තිබූ මෙරට 75 වන නිදහස් සැමරුම උත්සවය දින හමුදා අචාරය පුද කළ හමුදා නිලධාරියා සිර ගත කළ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    2023 පෙබරවාරි 04 වන දිනට යෙදී තිබූ මෙරට 75 වන නිදහස් සැමරුම උත්සවය දින හමුදා අචාරය පුද කළ හමුදා නිලධාරියා සිර ගත කළ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    මෙරට 75 වන නිදහස් සැමරුම දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය විසින් ජනාධිපති උත්තමාචාරය පුද කළා. එහිදී හමුදා නිලධාරියෙකු විසින් සිය උත්තමාචාර පුදකළ අවස්ථාවේ දී, එම ආචාර දැක්වීමේ කොටසක් ලෙස, සිය කඩුව ජනපති දෙසට එසවූ අවස්ථාවේ දී, ජනාධිපතිගේ මද තිගැස්මක් දැක ගන්නට ලැබෙනවා. එම හේතුව මත අදාළ හමුදා නිලධාරියාට සිර දඬුවම් ලබා දී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පසුගිය දින කිහිපයෙහි සංසරණය වුණා.

    Facebook | Archived Link FB | Archived

    මෙම සටහන සංසරණය වී තිබූ තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ එම හමුදා නිලධාරියා ට සිර දඬුවම් ලබා දුන් බවට බොහෝ දෙනා විශ්වාස කර ඇති බවයි.

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය, පෙබරවාරි 04 වන දා පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වුණේ “නමෝ නමෝ මාතා සියවසට පියවරක්” තේමාව යටතේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. 

    මෙහිදී ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදා සම්මාන මුරය සම්පූර්ණ බවටත්, එහි ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසරය ලබා ගැනීම සනිටුහන් කිරීමට, එම ප්‍රකාශය සිදු කරන හමුදා නිලධාරියා විසින්, ඔහු අත රැඳි කඩුව ජනාධිපතිවරයා දෙසට යොමු කොට පහතට හෙළනු ලබන්නේ, එම ආචාරය පුදකරන සාමාන්‍ය ක්‍රමය පරිද්දෙනි. එම අවස්ථාව මෙතනින්. මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා තිගැස්මකට ලක් වූ අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ එම දිනවල බොහෝ සේ කතා බහට ලක් වූයේ මෙලෙසින් සහ මෙලෙසින්.

    කෙසේ වෙතත් මෙම සිදුවීමට සම්බන්ධ හමුදා නිලධාරියාට යුධ හමුදා පොලීසියෙන් සිර දඬුවම් ලබා දීමට කටයුතු කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ ආකාරයේ හේතුවකට හමුදා නිලධාරියෙකුට දඬුවම් පැනවීම වැනි කටයුතු කිසි විටෙකත් සිදු නොකරන බවත් යුද හමුදා නිලධාරීන් සම්බන්ධ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පැවරී ඇති බවයි. 

    අප මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් රවී හේරත් මහතාගෙන් විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, නිදහස් දිනයේ දී ජනපතිට හමුදා ආචාර පිරිනැමීමේ අවස්ථාවේ කටයුතු කළේ, මේජර් යහන් සිල්වා බවත්, ඔහු සේවයේ නියුක්ත හොඳ හමුදා නිලධාරියෙකු බවයි.

    එමෙන්ම මේජර් යහන් සිල්වා මේ වන විටත් හමුදා සේවයේ යෙදෙනෙ බවත්, ඔහුට විරුද්ධ කිසිදු විනය විරෝධි කටයුතු නොමැති බවත්, එම හමුදා නිලධාරියාට සිර දඬුවම් ලබා දුන් බවට පැවසෙන සටහන් සියල්ල අසත්‍ය බවත්, බ්‍රිගේඩියර් රවී හේරත් මහතා තව දුරටත් පැවසුවා.

    එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් කිහිපයක් හැර මේ ආකාරයේ ජනපතිට හමුදා උත්තමාචාරය දැක්වූ හමුදා නිලධරයෙකුට විනය ක්‍රියාමාර්ග ගත් බවට පුවතක් ද අපට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබුණේ ද නැත.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රවී හේරත් මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු තහවුරු කර සිටින්නේ ජනපතිට නිදහස් දිනයේ දී උත්තමාචාරය පුද කළ මේජර් යහන් සිල්වා සිර භාරයට ගෙන තබා හෝ ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග හෝ කිසිවක් නොමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ සම්පුර්ණයෙන් ව්‍යාජ සටහන් පෙළක් බවත්, ඔහු දිගටම හමුදා සේවයේ අදටත් නිරත වෙන බවයි. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-06-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.