Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    භාතියට නිදහසේ මැරෙන්න දෙන්න. ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්?

    2025-07-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන දේශපාලනික චරිත අළලා, ඔවුන් විසින් සිදුකළ ප්‍රකාශ බව ඒත්තු ගන්වමින්  විවිධ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කිරීම වර්තමානයේ සුලබව දැකගත හැකියි. මේ, එලෙස හුවමාරු වන අස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ප්‍රධාන දේශපාලනික චරිත අළලා, ඔවුන් විසින් සිදුකළ ප්‍රකාශ බව ඒත්තු ගන්වමින්  විවිධ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කිරීම වර්තමානයේ සුලබව දැකගත හැකියි. මේ, එලෙස හුවමාරු වන අසත්‍ය පුවතක් පිළිබඳ සිදු කළ සොයා බැලීමක්. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Claim 1:

    රෝගීව තත්තත්වයෙන් පසුවන භාතිය හස්තියා සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බව කියන මෙම සටහන WhatsApp ඔස්සේ සංසරණය වෙමින් පවතී.  මෙහි සඳහන්ව ඇත්තේ, “මාධ්‍ය සංදර්ශන නොදමා භාතිය ඇතාට නිදහසේ මැරෙන්න දෙන්න..” යනුවෙන් ලාල්කාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි. තවද මෙම සටහන  Newshub.lk නිල ෆේස්බුක් පිටුවේ පළකිරීම් ආකෘතියට සමානකමක් දක්වන නමුත් මෙය කවදා, කොතැනකදී සිදුකළ ප්‍රකාශයක් ද යන්න පිළිබඳව එහි කිසිදු සඳහනක් නොමැත. 

    Claim 2:

    එමෙන් ම “අලි ගහනය අධික වෙලා. 2000ක් ඉන්න පුළුවන් තැන 6000ක් ඉන්නවා.” කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත හෙළි කරයි යනුවෙන් පසුගිය මාර්තු 25 වන දා දසත ෆේස්බුක් පිටුවේ පළ වී ඇති බවට හැඟවෙන පුවතක් මේ දිනවල නැවත හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ඒ අනුව ලාල්කාන්ත අමාත්‍යවරයා ඉහත සඳහන් කරන ලද මෙවැනි ප්‍රකාශයන් සිදු කර තිබේ ද යන්න පිළිබඳව, කරුණු සොයා බැලීමට අප පියවර ගත්තා. 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    Claim 1:

    ඒ අනුව බැලූ බැල්මට අදාළ සමාජ මාධ්‍ය සටහන Newshub.lk නිල ෆේස්බුක් පිටුවේ පළකිරීම් ආකෘතියට සමාන බැවින් අප එම ෆේස්බුක් පිටුවේ මෙවැන්නක් පළ කර තිබේ ද යන්න පිළිබඳව අප මූලිකව සොයා බැලීමක් සිදු කළා. කෙසේ වෙතත් අදාළ ෆේස්බුක් පිටුවේ එවැනි සඳහනක් සහිත පුවතක් පළ කර ඇති බවක් අපට හමුනොවීය. 

    තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේ අරමුණින් අප මීට අදාළ පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් හෝ පළ කර තිබේ ද යන්න පිළිබඳව විමසා බැලීමක් සිදු කළ අතර කිසිදු පිළිගත් මාධ්‍යක් විසින් එවැන්නක් වාර්තා කර තිබෙනු දැකගත නොහැකි විය. 

    ඒ අනුව අප මේ සම්බන්ධව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමක් සිදු කළේ ය. ඔහු සඳහන් කළේ, භාතිය හස්තියා පිළිබඳව අමාත්‍යවරයා කිසිදු තැනකදී මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙය අසත්‍ය ප්‍රකාශයක් බවයි.

    කෙසේ වෙතත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා 2024 දෙසැම්බර් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසූ වගා භූමියේදී වගාවට වන වෙනත් හානි සම්බන්ධයෙන් කටයුතු කරනවා සේම සිය වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ද ඉඩම තුළදී ගොවිපොළ තුළදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවි ජනතාවට කිසිම නීතිමය බාධාවක් නොමැති බවට සදහන් කළ ප්‍රකාශය මේ දිනවල භාතිය ඇතා සම්බන්ධයෙන් ඈදා ගනිමන් සමාජමාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා. මේ හේතුවෙන් මෙවැනි නොමග යන සුළු සටහන් නිර්මාණය වී ඇති බවට පැවසිය හැක.

    භාතිය හස්තියාගේ අලුත්ම තත්ත්වය 

    රෝගාතුර වී බරපතල තත්ත්වයෙන් පසුවන භාතිය හස්තියාගේ වත්මන් තත්ත්වය පිළිබඳව අප ප්‍රදේශීය වාර්තාකරුගෙන් විමසීමක් සිදු කළ අතර ඔහු පැවසුවේ, පශු වෛද්‍යවරුන් විසින් තවදුරටත් හස්තියාට ප්‍රතිකාර සිදු කරන බවයි. භාතිය හස්තියාගේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ පශු වෛද්‍ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසන්නේ, ප්‍රතිකාර ආරම්භ කළ මුල් දිනයට වඩා ලේවල යම් යහපත් තත්ත්වයක් දක්නට ඇති බවයි. කෙසේ වෙතත් හස්තියාගේ අතේ මාංශපේශි දියවීම තරමක් වැඩිවී ඇති බව ද මහාචාර්යවරයා පවසයි. වැඩි විස්තර මෙතැනින් 

    Also Read : භාතිය හස්තියා අවසන් ගමන් ගියා ද?

    Claim 2:

    2025 මැයි 25 වන දා දසත පුවත් වල පළ කර ඇති බව කියන මෙම සටහන සම්බන්ධයෙන් අප එම ෆේස්බුක් පිටුව හරහා ද, පරීක්ෂා කළ ත්, එදින ඔවුන් විසින් එවැනි සටහනක් පළ කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

    එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ද, අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් කර තිබුණේද, යන්න පරීක්ෂා කළ ත්, ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබුණි.

    තව ද, අමාත්‍යවරයාගේ ලේකම්වරයාගෙන් අප කළ විමසීමේදී ඔහු විසින් තහවුරු කළේ ද, අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කර නොමැති බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, භාතිය හස්තියා සම්බන්ධව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදුකළ බව කියන මෙම ප්‍රකාශය සත්‍යයක් නොවන බවයි. තව ද Newshub.lk සිය නිල ෆේස්බුක් පිටුවේ ප්‍රවෘත්ති පළ කිරීම සඳහා යොදා ගන්නා ආකෘතිය ව්‍යාජ ලෙස යොදා ගනිමින් මේ දිනවල සමාජයේ අවධානය යොමුව ඇති භාතිය හස්තියා ද සම්බන්ධ කරගනිමින් මෙම සටහන ව්‍යාජව සකසා ඇති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-07-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.