Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    “වැඩ බැරි ගොඩක් ඇමතිවරු මගේ පහනින් එළිය බලනවා ” – නි. ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්? 

    2025-08-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිදු කළ බව කියමින් ඔවුන්ගේ ඡායාරූප ද යොදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් පළ වන ආකාරයක් නිරන්තරව දැකගත හැකියි. ඒ අනුව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිදු කළ බව කියමින් ඔවුන්ගේ ඡායාරූප ද යොදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් පළ වන ආකාරයක් නිරන්තරව දැකගත හැකියි. ඒ අනුව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදුකළ කරුණු විමසා බැලීම්ක් මේ.   

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ඡායාරූපයක් ද සහිතව “වැඩ බැරි ගොඩක් ඇමතිවරු මගේ පහනින් එළිය බලනවා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගෙන් සැර කතාවක් ”  යනුවෙන් සඳහන් කරමින්  මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත. මෙම ෆේස්බුක් සටහනට අනුව අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, කවදා කොතැනකදී ද යන්න පිළිබඳව වැඩි විස්තරයක් සඳහන්ව නොමැති අතර මෙය පළ කර ඇත්තේ, Newshub.lk ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතියට අනුව බව  ද දැකගත හැකියි.   

    Facebook | Archived Link

    ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා සත්‍ය ලෙසම මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබේ ද යන්න පිළිබඳව අප කරුණු සොයා බැලීමට පියවර ගත්තේ ය. 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ බව කියන මෙම ප්‍රකාශයේ සත්‍යතාව පරීක්ෂා කිරීමේදී අප මූලිකව අවධානය යොමු කරනු ලැබුවේ, Newshub.lk ‍ෆේස්බුක් පිටුව වෙතයි. ඒ මෙම සමාජ මාධ්‍ය සටහන Newshub.lk වෙබ් අඩවිය සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතියට සමාන ආකෘතියකින් පළ කර ඇති බැවිනි. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙවැන්නක් ප්‍රකාශ කළ බවට සටහනක්  පළ කර තිබේදැයි, Newshub.lk ෆේස්බුක් පිටුව පරීක්ෂා කර බැලී ය. එහෙත් එම ෆේස්බුක් පිටුවේ සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ සටහනක් දැකගත නොහැකි විය. 

    ඉන් පසුව අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා වෙත අවධානය යොමු කළේ ය. මන්ද තම ආණ්ඩුවේ ම අනෙකුත් ඇමතිවරු වැඩ බැරි ඇමතිවරු ලෙස හඳුන්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කිසියම් හෝ ස්ථානයකදී එවැනි ආන්දෝලාන්තමක ප්‍රකාශයක් සිදු කර තිබුණේ නම්, එය අනිවාර්යයෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ වාර්තා කරන ප්‍රවෘත්තියකි.  එහෙත් ඒ ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට පළ කරන ලද හෝ විකාශය කරන ලද හෝ මාධ්‍ය වාර්තා කිසිවක් හමු නොවී ය.  

    පසුව අප නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂාවට ලක් කළ අතර එහිදී සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන සඳහා යොදා ගෙන ඇති අමාත්‍යවරයාගේ ඡයාරූපයට සමාන ඡායාරූපයක් ඉකුත් 13 වැනිදා නියෝජ්‍ය අමත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනු දැකගත හැකි විය. ඒ අනුව  සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන සඳහා යොදා ගෙන ඇත්තේ,  නියෝජ්‍ය අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා වැඩභාරගත් අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේ ඡායාරූපයක් බව පැහැදිලි විය.  

    Facebook

    ඒ අනුව එදින නියෝජ්‍ය අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් සිදු කළ බවට මාධ්‍ය වාර්තා කර තිබේ දැයි අප සොයා බැලීය. දුම්රිය නව සාමාන්‍යාධිකාරීවරයාට පත්වීම් ප්‍රදානයට අදාළව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම් ද සහිතව පුවත් වාර්තා රැසක් මෙලෙස සහ මෙලෙස මාධ්‍ය වාර්තා කර තිබුණ ද සමාජ  මධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබූ බවට කිසිදු මාධ්‍ය වාර්තාවක් හමු නොවී ය.  

    නි. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් 

    ඒ අනුව අප ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සමාජ මාධ්‍යයේ සංසරණය වන  ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබේ දැයි, යන්න පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන් විමසා සිටියේ ය. ලේකම්වරයා පැවසුවේ, නියෝජ්‍ය අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. තවද සමාජ මාධ්‍ය ධාරාවල සංසරණය වන එම සටහනේ අඩංගු ප්‍රකාශය සම්පූර්ණයෙන් පදනම් විරහිත අසත්‍ය එකක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. 

    කෙසේ වෙතත් පසුගිය දා රටේ උද්ධමය සම්බනධව සිදු කළ බව කියූ ප්‍රකාශයක් සමග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ වේදිකාවල කතාබහට ලක්වූ දේශපාලන චරිතයක් බවට පත්වුණා. සමාජ මාධ්‍ය ඔස්සේ නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ බව කියන එම ප්‍රකාශය සංසරණය වී තිබූ අතර ඒ පිළිබඳව factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාව මේ. 

    මුදල් අච්චු ගැහුවාට උද්ධමනය වැඩිවෙන්නේ නෑ නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩ බැරි ගොඩක් ඇමතිවරු මගේ පහනින් එළිය බලනවා යනුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ෆේස්බුක් ඔස්සේ  සංසරණය වන මෙම සටහන Newshub.lk ෆේස්බුක් සටහන් ආකෘතිය ව්‍යාජව යොදා ගනිමින් සකස් කරන ලද අසත්‍ය සමාජ මාධ්‍ය සටහනක් බවයි. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-08-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.