දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
දූෂණ විරෝධී පනත යටතේ ජනාධිපති, අගමැති, සහ කැබිනට් අමාත්යවරුන් මෙන් ම නියෝජ්ය අමාත්යවරුන් මෙන් ම රජයේ ප්රධාන තනතුරු දරන්නන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට වාර්ෂිකව සිය වත්කම් පිළිබඳ ප්රකාශනයක් ඉදිරිපත් කළ යුතු වනවා. මෙහිදී වැඩි වශයෙන් කතා බහ වූයේ වත්මන් ආණ්ඩුවේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහගේ වත්කම් බැරකම් ප්රකාශය පිළිබඳවයි. මොහුගේ වත්කම් සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු වූ අතර ඔහු සතුව ඇති ඩිජටල් මුදල් පිළිබඳව ද, කතා බහක් ඇති වී තිබූ අතර ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
අමාත්ය වසන්ත සමරසිංහ මහතාට බිට්කොයින් 2,000 ක හිමිකාරිත්වය ඇති බව ත්, බිට්කොයින් 1 ක මෙරට මුදල් වටිනාකම කෝටි තුනාමාරක් වන බව ත්, ගෝලීය වෙළඳපොලේ බිට්කොයින් වල ඉහළ වටිනාකම සැලකිල්ලට ගෙන, එවැනි හිමිකාරිත්වයක් ඇති අමාත්යවරයා දැවැන්ත ධනයක් උපයා ඇති බව ඔහු පවසයි. එමෙන් ම ඔහු සතුව බිට්කොයින් 10ක් ඇති බව ත්, එය ලබා ගැනීම සඳහා තමාගේ මුර පදය අමතක වී ඇති බැවින් ඒ සඳහා සහය දක්වන අයෙකුට මුදල් ද, ලබා දෙන පවසමින් එම සමාජ මාධ්ය පරිශීලකයා විසින් වීඩියෝවක් ද, පළ කර තිබුණේ මේ අයුරින්.
එමෙන් ම මෙම වීඩියෝව සඳහා ඇතැම් සමාජ මාධ්ය පරිශීලකයින් දක්වා තිබූ ප්රතිචාර වූයේ අමාත්යවරයා සතුව ඇත්තේ Bit coin නොව USDT බව ට දක්වා ඇති බවයි.
ඉහත වීඩියෝවේ සඳහන් කරුණු සත්යය ද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂා කරනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අප මේ ගැන පරීක්ෂා කිරීම සඳහා ප්රථමයෙන් ම දුෂණ විමර්ශන කොමිෂන් සභාවට අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ නිල වත්කම් ප්රකාශය පරීක්ෂා කරනු ලැබුවා. මෙහිදී ඔහු සතුව ඇති ඩිජිටල් මුදල් ඩොලර් 3,000ක් ලෙස දක්වා ඇති බව දැක ගන්නට ලැබුණා.


