දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා විසින් මෑතකදී දෙහිවල සිදුවූ බෝම්බ ප්රහාරයෙන් මියගිය පාසල් සිසුන් දෙදෙනා පාතාලයට සම්බන්ධ බව විමර්ශනවලින් හෙළි වී ඇති බවට ප්රකාශයක් කළ බව දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සටහනක් හුවහාරු වී තිබුණා.
සමාජ මාධ්ය සටහන (Social Media Post):


Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා විසින් මෙවැනි ප්රකාශයක් කර තිබුණේ නම්, එය ප්රධාන මාධ්ය ධාරා විසින් වාර්තා කළ යුතු අතර නමුත් මෙවැනි පුවතක් වාර්තා වී ඇති බව දැක ගන්නට නොලැබේ.
එමෙන් ම ඉහත පෙන්වා ඇති පරිදි “TOP NEWS” ෆේස්බුක් පිටුවේ ද, මෙවැනි පුවතක් පළ කර නොමැති බව අප කළ පරීක්ෂාවේදී ද, දැක ගන්නට නොලැබේ.
මහජන ආරක්ෂක අමාත්ය
මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා මාධ්ය ලේකම් විසින් අප කළ විමසීමේදී ද, තහවුරු කළේ, අමාත්යවරයා විසින් මෙවැනි කිසිදු ප්රකාශයක් සිදුකර නොමැති බවයි.
දෙහිවල සිදුවීම සහ පොලිස් විමර්ශන
2026 සැප්තැම්බර් 11 වන දින පාන්දර 3:20 ට පමණ දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල විය. මෙයින් වයස අවුරුදු 11 සහ 17 ක පසුවන පාසල් සිසුන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගේ පියා තුවාල ලැබීය.
පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්රකාශ කළේ, ප්රහාරකයින් විසින් ඉලක්කය වැරදීමකින් මෙම පවුල පදිංචි නිවසට බෝම්බ ප්රහාරය එල්ල කර ඇති බවයි.
මෙම ප්රහාරයේ සැබෑ ඉලක්කය වී ඇත්තේ මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ සහ “බැදෝවිට අසංක” නමැති සංවිධානාත්මක අපරාධකරුට සම්බන්ධ පුද්ගලයෙකුගේ අසල පිහිටි නිවසකි. එය “බැදෝවිට අසංක” සහ “කොස් මල්ලි” යන පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින පළිගැනීමේ ගැටුමක ප්රතිඵලයක් බවයි පොලීසිය වැඩි දුරටත් අනාවරණය කළේ. එමෙන් ම දෙහිවල අදාළ නිවසේ අත්බෝම්බ ප්රහාරයට ලක්වූ පුද්ගලයා ද මාස 04 කට පෙර මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වූ අයෙක් බවද අනාවරණ වී තිබෙනවා.
මියගිය පාසල් සිසුන්ට හෝ ඔවුන්ගේ පවුලේ අයට කිසිදු පාතාල කණ්ඩායමකට හෝ අපරාධ ක්රියාවලට සම්බන්ධතාවක් නොමැති බව පොලීසිය ද, පැහැදිලිවම තහවුරු කර තිබුණා. මේ සම්බන්ධ ප්රධාන මාධ්ය ධාරා ලිපි මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
පොලිස් මාධ්ය කොට්ඨාශය
මෙම දරුවන් පාතාලයට සම්බන්ධ බවට අනාවරණය වී ඇත්දැයි යන්න පිළිබඳ පොලිස් මාධ්ය කොට්ඨාශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, මෙතෙක් පැවැත්වූ විමර්ශන වලදී එවැනි තොරතුරක් අනාවරණය වී නොමැති බවයි. අප මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පොලිස් මාධ්ය ප්රකාශකගෙන් ද, විමසීමක් කළ අතර, ඔහුගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
දෙහිවල ප්රහාරයෙන් මියගිය පාසල් සිසුන් පාතාලයට සම්බන්ධ බවට මහජන ආරක්ෂක අමාත්යවරයා පැවසූ බවට පළ වන සටහන් අසත්ය වේ. අමාත්යවරයා විසින් එවැනි ප්රකාශයක් සිදු කර නොමැති අතර, මියගිය දරුවන් පාතාලයට හෝ අපරාධ වලට සම්බන්ධ බවට හෝ විර්ශන වලදී අනාවරණ වී නොමැත. ප්රහාරකයින් විසින් ඉලක්කය වැරදීමකින් මෙම පවුල පදිංචි නිවසට බෝම්බ ප්රහාරය එල්ල කර ඇති බවයි පොලිසීය සඳහන් කරන්නේ.



