Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දේශපාලනික හා සමාජීය වශයෙන් නොමග යවන සුළු ප්‍රකාශ කිහිපයක්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-14
    9 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල නිල පුවත් කාඩ්පත් ආකෘති යොදා ගනිමින් ජනපති ඇතුළු රාජ්‍ය නායකයන්ගේ හා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නාමයන් භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමග යවන සුළු සටහන් කිහිපයක් හුවමාරු වී තිබේ. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කර

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල නිල පුවත් කාඩ්පත් ආකෘති යොදා ගනිමින් ජනපති ඇතුළු රාජ්‍ය නායකයන්ගේ හා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නාමයන් භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමග යවන සුළු සටහන් කිහිපයක් හුවමාරු වී තිබේ. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    Claim 1 – සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරුවීමෙන් සෞදියේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ට සවුදි අධිකරණයෙන් මරණ දඬුවම හිමිව තිබූ අතර, එම මරණ දඬුවම ඉවත් කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රිකව සහ නෛතිකමය වශයෙන් උත්සහ දැරීමට මෙරට රජය ඇතුළු දේශපාලනඥයන්, නීතීඥයන් පියවර ගෙන තිබුණා.

    මේ අතර සෞදි රජු විසින් තනි පුද්ගලයෙකුගේ නිදහස වෙනුවෙන් තමාගේ පෞද්ගලික කැමැත්තට රටේ නීතිය වෙනස් කළ නොහැකි බවට ප්‍රකාශ කළ බව දක්වමින් සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු ප්‍රකාශයක තිරරූපය (1)
    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු ප්‍රකාශයක තිරරූපය (2)

    Facebook | Archived Link Facebook | Archived Link

    සෞදි රජු විසින් සැබෑ ලෙසම මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබේද සහ අනෝජන්ගේ මරණ දඬුවම සම්බන්ධයෙන් මේ වන විට පවතින තත්ත්වය කුමක්ද යන්න සොයා බැලීමට අප විසින් කටයුතු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    කමෙන්ටුවකින් ඉස්ලාම් දහමට සහ මොහොමඩ් නබි නායකතුමාට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වූ අනෝජන් හට හිමි වූ දඬුවම ශරියා නීතිය යටතේ “මරණ දඬුවමක්” දක්වා දැඩි කිරීමට තීරණය කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදුකරමින් එම දඬුවම ඉවත් කර ගැනීමට මෙරට රජය පියවර ගන්නා ලදී. ඒ අනුව ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි, ජනාධිපති නීතිඥ උපල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරීස් ඇතුළු විශේෂ නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබිය බලා පිටත්ව ගියහ. මෙරටින් ගිය නීති කණ්ඩායම සෞදි අරාබියේ දේශීය නීතිඥයින් සමඟ එක්ව එරට නීති පද්ධතියට අනුකූලව සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    ඉහත සටහන සමාජ මාධ්‍ය හරහා නිර්මාණය වී ඇත්තේ, සිවරාසා අනෝජන් මුදාගැනීම සඳහා ලංකාව තුළ දැඩි කතාබහක් සහ දේශපාලනික මැදිහත්වීමක් සිදු වූ වටපිටාවක, පසුගිය ඔක්තෝබර් 8 වැනිදා, මහා සංඝරත්නය සමඟ පැවති සාකච්ඡාවේ දී, “රටේ නීති තිබියදී තනි තනි පුද්ගලයන් වෙනුවෙන් විශේෂ නියෝග ලබා දීමට තමන් සූදානම් නැති” බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ පසුබිම යටතේයි.

    සෞදි අරාබියේ සල්මාන් රජු විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත

    සල්මාන් බින් අබ්දුල් අසීස් රජු අනෝජන් සම්බන්ධයෙන් “රටේ නීතිය වෙනස් කරන්න බෑ” යනුවෙන් ප්‍රකාශ කර ඇත්නම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙන්ම ජාත්‍යනතරවද වාර්තා වී තිබිය යුතුය. ඒ අනුව අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ එවැනි ආකාරයේ ප්‍රකාශයක් සෞදි රජු විසින් සිදු කර නොමැති බවයි.

    සියත නිව්ස් හි පළ වූවක් නොවේ.

    ඉහත එක් පුවත් කාඩ්පතක් සියත නිව්ස් ආකෘතියෙන් නිර්මාණය කර තිබීම නිසා අප විසින් එය සියත නිව්ස් ඔස්සේ පළකර තිබේද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා අතර එහිදී පැහැදිලි වූයේ සියත නිව්ස් මාධ්‍ය ආයතනය විසින් මෙවැනි පුවතක් පළකර නොමැති බවයි.

    අනෝජන්ගේ මරණ දඬුවම ඉවත් කර තිබේ.

    විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් තහවුරු කර තිබුණි. සටහන ඔස්සේ දක්වා ඇත්තේ, 2026 ඔක්තෝබර් 13 වන දින, සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම් තීන්දුව ඉවත දමන ලද බවයි. මෙය ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව ගෙන ගිය රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය උත්සාහයන්හි ප්‍රතිඵලයක් බවත්, සෞදි අරාබි රජය දැක්වූ සහයෝගයට කෘතඥතාව පිරිනමන බවත් එහි දක්වා තිබේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු ප්‍රකාශයක තිරරූපය (3)

    Facebook

    එසේම මේ සම්බන්ධය මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

    වැඩබලන විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

    අප විසින් මේ සම්බන්ධයෙන් වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ මාධ්‍ය ලේකම්වරියගෙන් සිදුකළ විමසීමේදී පැතිර යන සටහන් අසත්‍ය බවද, සිවරාසා අනෝජන්ගේ මරණ දඬුවම ඉවත්කර ඇති බවද තහවුරු කරමින් වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා විසින් සිදු කරන ලද මාධ්‍ය ප්‍රකාශය අප වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එය මෙතනින්.

    වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා පවසන පරිදි, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුලින් වසර පහක සිරදඬුවමක් ද පසුව අභියාචනාධිකරණය මගින් මරණ දඬුවමක් ද නියම වූ අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර ඇත.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ මඟපෙන්වීම යටතේ රාජ්‍යතාන්ත්‍රික, කොන්සියුලර් සහ නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත්, නඩුවේ සියලු නීතිමය වියදම් රජය දැරූ අතර පවුලේ සාමාජිකයන් මීට පෙර දැරූ වියදම් ද ප්‍රතිපූර්ණය කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පවසයි.

    තානාපති කාර්යාල නිලධාරීන් සෞදි බලධාරීන් සමඟ කළ සාකච්ඡා සහ විශේෂ ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමක් සෞදි නීතිඥවරුන් සමඟ එක්ව කළ මැදිහත්වීම සාර්ථක වූ බවත්, මීට සහයෝගය දුන් සෞදි අරාබි රජයට, එරට අධිකරණ ක්‍රියාදාමයට මෙන්ම ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්, අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුවට සිය හෘදයාංගම ස්තූතිය හිමිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

    Claim 2 – සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “රාජපක්ෂ හිතවාදීන්ට දැන් පුළුවන් ඥානසාරට සිවුරු වෙනුවට ජම්පර් මහලා පූජා කරන්න” යනුවෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු ප්‍රකාශයක තිරරූපය (4)

    Facebook | Archived Link

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මෑතකදී බලරහිත කරන ලදී. ජනාධිපති සමාව අවලංගු වීමත් සමඟ උන්වහන්සේව නැවත බන්ධනාගාරගත කෙරුණු අතර, වෙනත් නඩු කටයුත්තක් සඳහා උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කෙරුණේ සිවුර වෙනුවට සිරකරුවන් අඳින සුදු පැහැති ඇඳුමෙන් සැරසී සිටියදීය. ඒ සම්බන්ධයෙන් විශාල කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේද නිර්මාණය වූ අතර මෙවන් සටහනක් හුවමාරු වන්නේ එවැනි පසුබිමකදී ය.

    මෙම සිදුවීම මුල් කරගනිමින්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා “රාජපක්ෂ හිතවාදීන්ට දැන් පුළුවන් ඥානසාරට සිවුරු වෙනුවට ජම්පර් මහලා පූජා කරන්න” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබේද ? යන්න අප විසින් පරීක්ෂා කළ අතර, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාගේ අදහස් දැක්වීම් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වූයේ තරිඳු ජයවර්ධන මහතා විසින් මෙවැන්නක් ප්‍රකාශ කර නොමැති බවයි.

    මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

    තමා විසින් සිදු නොකළ ප්‍රකාශයක් දක්වමින් අසත්‍ය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බවට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් සිය ෆේස්බුක් ගිණුමෙහිද සටහනක් තබා තිබේ. එසේම අප විසින් සිදු කළ විමසීමේදීද මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් තහවුරු කළේ තමා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් හුවමාරු වන සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්ය.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු ප්‍රකාශයක තිරරූපය (5)

    Facebook

    ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මහා සංඝරත්නයේ අදහස් සැලකිල්ලට ගනිමින්, අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශ මත ක්‍රියාත්මක විය හැකි නව රෙගුලාසි මාලාවක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමේ විශේෂ කමිටු වාර්තාව, අද දින ජනාධිපති ලේකම්වරයාට භාර දී තිබුනේ මෙලෙසින්.

    Claim 3 – සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    සෑම පළාතකම ජාත්‍යන්තර වරායක් පිහිටුවන බවට ජනාධිපතිවරයා 2026.10.11 දින නිකවැරටිය ප්‍රදේශයේ ජන හමුවකදී ප්‍රකාශ කර ඇති බව හඟවමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකාවක ආකෘතියකින් යුත් සටහනක් උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු ප්‍රකාශයක තිරරූපය (6)

    Facebook | Archived Link

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    හිරු News මෙවැන්නක් වාර්තාකර නොමැත

    ඉහත පුවත් කාඩ්පත හිරු News ආකෘතියෙන් නිර්මාණය කර තිබීම නිසා අප විසින් එය හිරු News ඔසේ පළකර තිබේද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා අතර එහිදී පැහැදිලි වූයේ හිරු News මාධ්‍ය ආයතනය විසින් මෙවැනි පුවතක් පළකර නොමැති බවයි.

    නිකවැරටියේ පැවති ජන හමුවේදී ජනපතිවරයා විසින් පැවසුවේ මොනවාද

    ඉහත පුවත් කාඩ් පතෙහි ජනපතිවරයා විසින් 2026.10.11 දින නිකවැරටිය ප්‍රදේශයේදී මෙලෙස ප්‍රකාශ කර ඇති බව දක්වා තිබීම නිසා අප විසින් එදින නිකවැරටිය ප්‍රදේශයේ ජන හමුවක් පවත්වා තිබේද ? එසේ පවත්වා තිබේ නම් එහිදී ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ මොනවාද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා.

    2026 ඔක්තෝබර් 11 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේ ජන හමුවක් පවත්වා තිබේ. මෙය ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කරන ලද දිවයින පුරා පැවැත්වෙන ජන රැලි මාලාවක එක් ප්‍රධාන අදියරකි.

    කෙසේ නමුත් සෑම පළාතකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක් ඇති කරන බවට ජනපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

    නිකවැරටිය ජන රැළියේදී ජනපතිවරයා විසින් සිදු කරන ලද සම්පූර්ණ කතාව පහතින්.

    YouTube

    එම ජන රැළියේ සම්පූර්ණ සජීවී විකාශය මෙතනින්.

    ජනපතිවරයා විසින් සිය කතාව තුළ කතාව තුළ කිසිඳු වරාය ඉදිකිරීමක් හෝ වරාය සංවර්ධනයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කර නොමැත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජනරැලියේදී අවධාරණය කර ඇත්තේ, වංචා සහ දූෂණයෙන් තොර පාලනයක්, නීතියේ ආධිපත්‍යය, ශක්තිමත් රාජ්‍ය සේවයක්, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් සහ ජාතික සමගිය යන මූලික කුළුණු පහ මත පදනම්ව රටේ අත්තිවාරම නැවත ගොඩනඟන බවයි.

    තරාතිරම නොබලා සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම තුරන් කිරීමට කටයුතු කරන අතරම, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව තරඟ විභාග හරහා රාජ්‍ය සේවයට බඳවාගැනීම් සිදුකරමින් සහ වැටුප් වැඩි කරමින් රාජ්‍ය යන්ත්‍රණය සක්‍රීය කරන බව ද පවසා තිබේ. තවද, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය පහසුකම් සංවර්ධනය සහ යටිතල පහසුකම් නංවාලීම හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව කීර්තිමත්, සාමකාමී සහ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය

    මේ සම්බන්ධයෙන් තහවුරු කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද සඳහන් කළේ, ඉහත දැක්වෙන සමාජ මාධ්‍ය සටහන සම්පූර්ණයෙන්ම සත්‍යය බවයි. එවැනි ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍යංශය විසින් තහවුරු කර තිබේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත අදාළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමග යවන සුළු බවයි.

    ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෑම පළාතකම ජාත්‍යන්තර වරායක් පිහිටුවන බවට ප්‍රකාශ කළ බවට ‘හිරු News’ ආකෘතියෙන් පළ වූ පුවත අසත්‍ය වන අතර, නිකවැරටිය ජන හමුවේදී එතුමා සැබෑ ලෙසම ප්‍රකාශ කළේ සෑම පළාතකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක් පිහිටුවන බවයි.

    එමෙන්ම, සිවරාසා අනෝජන්ගේ මරණ දඬුවම වෙනුවෙන් රටේ නීතිය වෙනස් කළ නොහැකි බවට සෞදි රජු ප්‍රකාශ කළ බවට වූ සටහන අසත්‍ය වන අතර, ශ්‍රී ලංකා රජයේ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම් හමුවේ සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහුගේ මරණ දඬුවම අවලංගු කර තිබේ. මීට අමතරව, ඥානසාර හිමියන්ට සිවුරු වෙනුවට ජම්පර් පූජා කරන ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ප්‍රකාශ කළ බවට වන සටහන ද සම්පූර්ණයෙන්ම අසත්‍ය ලෙස නිර්මාණය කරන ලද සටහනකි.හෝ දූෂණ කොමිෂන් සභාවක් පිහිටුවන බවයි. එමෙන්ම, සිවරාසා අනෝජන්ගේ මරණ දඬුවම වෙනුවෙන් රටේ නීතිය වෙනස් කළ නොහැකි බවට සෞදි රජු ප්‍රකාශ කළ බවට වූ සටහන අසත්‍ය වන අතර, ශ්‍රී ලංකා රජයේ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම් හමුවේ සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහුගේ මරණ දඬුවම අවලංගු කර තිබේ. මීට අමතරව, ඥානසාර හිමියන්ට සිවුරු වෙනුවට ජම්පර් පූජා කරන ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ප්‍රකාශ කළ බවට වන සටහන ද සම්පූර්ණයෙන්ම අසත්‍ය ලෙස නිර්මාණය කරන ලද සටහනකි.

    කරුණු විමර්ශන ප්‍රතිඵල මුද්‍රාව

    Title: සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දේශපාලනික හා සමාජීය වශයෙන් නොමග යවන සුළු ප්‍රකාශ කිහිපයක සත්‍යතාව

    Written By: B.P Hansani

    Result: False

    ලේඛකයාගේ ඡායාරූපය
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.