දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මෑතකදී ශ්රී ලාංකීය සමාජ මාධ්ය ජාලාවන් ඔස්සේ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් යුරෝපයේ සංචාරයක නිරත වන බව දක්වමින් ඡායාරූපයක් සංසරණය වෙමින් පවතී. එම ඡායාරූපයේ කාදිනල් හිමිපාණන් අසලින් සිටින තරුණයා ශ්රී ලංකාවේ 49 වන අගවිනිසුරු ලෙස 2025 ජූලි මස 31 වන දින වැඩභාරගත් ප්රීති පද්මන් සූරසේන මහතාගේ පුත්රයා ලෙස බවට හඟවමින් සමාජ මාධ්ය පරිශීලකයින් අතර ඡායාරූප සටහනක් හුවමාරු වී තිබුණා. මෙහි නිර්වද්යතාව සොයා බැලීමට අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේනගේ පුත්රයන්
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතාගේ පවුලේ සැබෑ සාමාජිකයන්ගේ ඡායාරූප මාධ්ය විසින් ශ්රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී ඔහු අගවිනිසුරු ලෙස පත් කිරීමේ නිල උත්සවය පිළිබඳ වාර්තා කිරීමේදී අගවිනිසුරුගේ පවුලේ ඡායාරූපයක් ද, පළ කළ අතර, එම ඡායාරූප පරීක්ෂා කිරීමේදී ද, ඉහත කාදිනල් හිමිපාණන් සමගින් ප්රීති පද්මන් සුරසේන මහතාගේ පුතා සිටින බවට පෙන්වා ඇති ඡායාරූපයේ සිටින පුද්ගලයා ද, ඔහුගේ සැබෑ පුතුන් දෙදෙනා වෙනස් බව පැහැදිලිව දැක ගන්නට ලැබේ.

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සමග සිටින්නේ කවුරුන්ද?
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කොළඹ අගරදගුරු පදවියේ සේවයේ නියුතු පූජා ප්රසදින්වහසේලා 50ක පිරිසක් පසුගිය සැප්තැම්බර් 16 වන දා වතිකානය බලා සංචාරය කරනු ලැබීය.
සංචාරයේ නියුතු පිරිස සති දෙකක කාලයක් වතිකානයේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ශුද්ධෝත්තම පියාණන් හමුවීමටද නියමිතයි.
එමෙන්ම අගරදගුරු කාදිනල් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් වතිකානය, රෝමය සහ ඉතාලි නගර වල ශ්රී ලාංකික ජනතාව සමඟ දිව්ය පූජා යාගයන් කිහිපයක්ද මෙම කාලය තුල සංවිධානය කර තිබුණා.
ලීසියේ ශාන්ත තෙරේසා මුනිශ්වරියට කැපකර ඇති බැසිලිකාවට කාදිනල් රංජිත් හිමිපාණන් සහ කොළඹ අගරදගුරු පදවියේ පූජා ප්රසාදීන් වහන්සේලා පැමිණ තිබූ අතර පූජා ප්රසාදීන් වහන්සේලා අගරදගුරු හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් දිව්ය පූජා යාගය පවත්වා ඇති අතර ප්රංශයේ ලීසියේ හි ශාන්ත තෙරේසා බැසිලිකාවේ තැන්පත් කර ඇති ශාන්ත තෙරේසා මුනිශ්වරියගේ ශුද්ධ වූ ධාතුව දැකගැනීමට ද කටයුතු කර තිබුණි. සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් වේ. එම ඡායාරූපයේ සිටින කතෝලික පියතුමන් සමග කාදිනල් හිමිපාණන් සිටින තව ත් අවස්ථාවක් පහතින්.

කොළඹ අගරදගුරු පදවිය
අප මේ පිළිබඳව වැඩි දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්යක්ෂවරයා ලෙස සහ මාධ්ය ප්රකාශකවරයා ලෙස කටයුතු කළ ජූඩ් ක්රිශාන්ත ප්රනාන්දු පියතුමන් දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.
පියතුමන් සඳහන් කළේ, කාදිනල් හිමිපාණන් මේ දිනවල පදවියේ පූජා ප්රසාදීන් වහන්සේලා සමගින් රෝමයේ වන්දනාගමනක නිරත වන බව ත්, එහිදී කාදිනල් හිමි පාණන්ගේ ලේකම් වන ශෂික මනෝජ් රොද්රිගු පියතුමන් කාදිනල් සමගින් ලබා ගත් ඡායාරූපයක් මෙලෙසින් අගවිනිසුරුවෙකුගේ පුතෙකු ලෙස සඳහන් කරමින් ව්යාජ තොරතුරක් සමාජ ගත කරන බවයි.

සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ සිටින පියතුමන් වන ශෂික රොද්රිගු පියතුමන් ප්රංශයේ සීස් රදගුරු පදවියේ (Seez) නෝමැන්ඩි නුවර (Normandy) මොන්ට්ලිජන්හි අපගේ ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී දිව්ය පූජා යාගය සිදුකරන අවස්ථාවක ඡායාරූපයක් ද, දැක ගන්න ලැබූ අතර එම ඡායාරුපය ද, සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ කාදිනල් සමග සිටින පියතුමන් එක් කෙනෙකු බව පැහැදිලිව දැක ගන්නට ලැබේ.

සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය සහ ශෂික රොද්රිගු පියතුමන්ගේ වෙනත් ඡායාරූප අතර සංසන්දයක් පහතින්.

නමුත් අගවිනිසුරු ප්රීති පද්මන්ගේ පුතුන් දෙදෙනා ම ඉහත සමාජ මාධ්ය ඔස්සේ කාදිනල් හිමිපාණන් සමග සිටින පියතුමන් ට කිසිදු සමානකමක් දක්නට නොලැබේ.

මනෝජ් රොද්රිගු පියතුමන්
අප තවදුරටත් තොරතුරු සනාථ කිරීම සඳහා තවමත් විදෙස්ගතව සිටින ශෂික මනෝජ් රොද්රිගු පියතුමන් WhatsApp ඇමතුමක් ඔස්සේ සම්බන්ධකර ගත් අතර පියතුමන් සඳහන් කළේ, මෙම ඡායාරූපයේ සිටින්නේ තමන් බව ත්, මෙම අවස්ථාවේ පසුපසින් දැක්වෙන්නේ ප්රංශයේ ලුර්දු දේවස්ථානය බව ත්, තමන් කතෝලික පියතුමෙකු බව ත්, තමන් හා අගවිනිසුරු ප්රීති පද්මන් සුරසේන සමතා සමග කිසිදු ඥාතීත්වයක් නොමැති බව ත්ය. තමන්ගේ පියා විශ්රාමික ව්යාපාරිකයෙකු බව ත්, ඔහු නමින් බී.කේ. ඇන්තනි රොද්රිගු බව ත්, සඳහන් කරනු ලැබීය.
පියතුමන් අප වෙත කොළඹ අගරදගුරු පදවියේ හැඳුනුම්පත ද, යොමු කරනු ලැබීය.

අප අගවිනිසුරු ප්රීතිපද්මන් සුරසේන මහතාගේ පාර්ශවයෙන් ද, මේ පිළිබඳ විමසීමක් කිරීමට බලාපොරොත්තු වන අතර ඊට ලැබුණු ප්රතිචාරය සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
අගවිනිසුරු ප්රීති පද්මන් සුරසේන කතෝලික භක්තිකයෙකු නොවේ
ප්රීති පද්මන් සූරසේන මහතා ශ්රී ලංකාවේ 49 වන අගවිනිසුරු ලෙස පත්වීමට පෙර සිටම ඇතැම් සමාජ මාධ්ය සහ වෙබ් අඩවි හරහා එතුමාගේ ආගමික පසුබිම “Born Again” ක්රිස්තියානි භක්තිකයෙකු බව පවසමින් ඒ පිළිබඳ දැඩි විවේචන එක් කර තිබුණි.
මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් යනු මෙරට රෝමානු කතෝලික සභාවේ නායකයායි. කතෝලික සභාවට සියවස් ගණනාවක ඓතිහාසික සම්ප්රදායක්, ව්යුහයක් සහ වතිකානුවේ ශුද්ධෝත්තම පාප්වහන්සේගේ නායකත්වයක් පවතී. බෝර්න් අගේන් යනු සාම්ප්රදායික කතෝලික හෝ ප්රොතෙස්තන්ත්ර සභාවලට අයත් නොවන, මෑතකදී බිහි වූ පෙන්තකොස්ත/එවැන්ජලිකල් (Pentecostal/Evangelical Christian) නිකායන්ට අයත් ස්වාධීන ක්රිස්තියානි කණ්ඩායමකි.
වතිකානුව හෝ කතෝලික සභාව පිළිගන්නා මරියා මව්තුමිය ඇදහීම, සාන්තුවරයන් පිදීම හෝ සක්රමේන්තු වැනි මූලික කතෝලික විශ්වාසයන් බෝර්න් අගේන් කණ්ඩායම් විසින් පිළිගනු ලබන්නේ නැත. මෙම පටලැවිල්ල ව්යාජ සටහන තුළින් මතු වන ආකාරය අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා “බෝර්න් අගේන්” ක්රිස්තියානි භක්තිකයෙකු බව පවසමින් විවේචනය කරන පිරිස්, ඔහුගේ පුත්රයා ප්රංශයේ ලූර්දු කතෝලික සිද්ධස්ථානය ඉදිරිපිට කතෝලික කාදිනල් හිමිපාණන් සමඟ සිටින බව ඇඟවීමට ඡායාරූප මවාපෑම උත්ප්රාසාත්මකය. ලූර්දු සිද්ධස්ථානය යනු කතෝලික භක්තිකයන්ගේ අතිශය පූජනීය මරිය සෙවණක් වන අතර, බෝර්න් අගේන් විශ්වාසයන් අදහන අයෙකු එහි වන්දනා චාරිකාවක නිරත වීමට ඇති ඉඩකඩ ද, ප්රායෝගිකව ඉතා අඩුය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉහත සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සමග ශ්රී ලංකාවේ අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතාගේ පුත්රයා යුරෝපයේ සංචාරයක නිරත වන බව දක්වමින් සංසරණය වන ඡායාරූපයේ සිටින්නේ අගවිනිසුරුගේ පුත්රයන් නොව කාදිනල් හිමිපාණන්ගේ ලේකම් වන ශෂික මනෝජ් රොද්රිගු කතෝලික පියතුමන් වේ. ප්රීති පද්මන් සුරසේන මහතා “Born Again” ක්රිස්තියානි භක්තිකයෙකු වන අතර කතෝලික ආගම ක්රිස්තියානි Born Again අතර වෙනසක් පවතී.



