Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනාධිපති අනුර කුමාර යාපනයට ගියේ හෙලිකොප්ටරයෙන් ද ?

    2025-02-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපති අනුර කුමාර බලයට පත් වීමට පෙර පැවසූ ප්‍රකාශයන් ඔස්සේ බොහෝ පිරිස් ඔහු ඇතුළු නව ආණ්ඩුව විවේචනය කරන අතර ඒ පිළිබඳව ඇතැම් පිරිස් හොඳ අවධානයෙන් ද, පසු වනවා. මේ හේතුවෙන් ම ඒ හා සම්බන්ධ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එ

    ජනාධිපති අනුර කුමාර බලයට පත් වීමට පෙර පැවසූ ප්‍රකාශයන් ඔස්සේ බොහෝ පිරිස් ඔහු ඇතුළු නව ආණ්ඩුව විවේචනය කරන අතර ඒ පිළිබඳව ඇතැම් පිරිස් හොඳ අවධානයෙන් ද, පසු වනවා. මේ හේතුවෙන් ම ඒ හා සම්බන්ධ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් නොමග යන අන්දමින් පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(31) දින යාපනයට ගියේ හෙලිකොප්ටර් යානා 3කින් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook 

    එම තේමාවෙන් පළ වූ TikTok වීඩියෝවක් පහතින්.

    @nafaizhisam

    පච්ඡා#marketing #foryou #foru #vairal #srilankan_tik_tok🇱🇰 #trending #fypシ #fyp #for #npp#jvp #prasident #anurakumaradissanayaka @anurarakumaradisanayake

    ♬ Sad Music – Max-Music

    Archived Link

    මෙම වීඩියෝවේ ගුවන් යානයේ සිටින්නේ කවුරුද යන්න පිළිබඳ නොපෙනන උඩු ගුවනේ පියාසර කරන මෙම යානාවේ සිටින්නේ ජනාධිපති ද, නැද්ද යන්න පැවසිය නොහැකි බැවින් මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස බොහෝ දෙනෙකු අප වෙත කළ ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කල අතර මෙහි මුල් වීඩියෝව අපට සොය ගත නොහැකි වූ බැවින් සහ ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ හෙලිකොප්ටර යානා 3ක් ගුවනේ යන අවස්ථාවක් පමණක් බැවින් අප අදාළ පාර්ශවයන් කිහිපයකින් මේ පිළිබඳ විමසීමක් කරනු ලැබුවා.

    ආරක්ෂක අමාත්‍යාංශය

    ආරක්ෂක අමාත්‍යාංයෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ(31) දින යාපනයට යෑම සඳහා එකදු හෝ හෙලිකොප්ටර් ගුවන් යානයක් භාවිත නොකළ බවයි. ඔහු මෝටර් රථයකින් යාපනය බලා පිටත් වූ බවයි ඔවුන් සදහන් කළේ.

    ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

    ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා ද, අප කළ විමසීමේදී තහවුරු කළේ, ජනාධිපති යාපනයේ ගමන සඳහා කිසිදු ගුවන් යානාවක් භාවිත නොකළ බවයි. ඉහත වීඩියෝවේ දැක්වෙන MI 17 වර්ගයේ සහ 412 ගුවන් යානා බව ත්, MI 17 වර්ගය ජාතික නිදහස් දිනය සඳහා යොදා නොගන්නා බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. මෙරට ද, මෙවැනි ගුවන්යානා පියාසර කරන බව ත් මෙම වීඩියෝව මෙරට වීඩියෝවක් ද, නැත් ද, යන්න පිළිබඳ තහවුරු කිරීම අසීරු බව ද, ඒ මහතා අප කළ විමසීමේදී පවසා සිටියා.

    ජනාධිපති මාධ්‍ය අංශය 

    ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, ජනාධිපති අනුර කුමාර මහතාගේ යාපනය සංචාරය පිළිබඳ අප විමසා සිටි අතර, ඔවුන් සඳහන් කළේ, ජනාධිපති ගුවන් යානා භාවිත නොකළ බව ත්, ඔහු යාපනය ගමන සඳහා භාවිතා කළේ වාහන 3ක් පමණක් බවයි.

    යාපනය පොලීසිය

    යාපනය පොලීසිය පවසා සිටියේ ඊයේ(31) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයට පැමිණියේ මෝටර් රථ වලින් බවයි.

    එමෙන් ම මේ පිළිබඳ එම ප්‍රදේශයේ මාධ්‍යවේදීන් ද, තහවුරු කරනු ලැබුවා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ ද, යාපනයේ ගමන සම්බන්ධයෙන් වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්. 

    අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීම සඳහා කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

    එමෙන් ම යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ද, සුහද හමු දෙකක් සඳහා ද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූ තිබුණා.

    Also Read : ජනපති අනුර කුමාර දිසානායක දළදා වදින්න ගිය විදිය ?

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(31) දින යාපනය ගමන සඳහා හෙලිකොප්ටර් යානා 3ක් භාවිත කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව අසත්‍ය වන අතර ඔහු එම ගමන සඳහා මෝටර් රථ පමණක් භාවිත කර ඇති බව අදාළ අංශ තහවුරු කරයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-02-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.