Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනයට Beluga Xl යානයක්?

    2025-07-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රීලංකන් කාර්ගෝ විසින් නව ගුවන් යානයක් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ ඇත්ත නැත්ත සොයා Factcrescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රීලංකන් කාර්ගෝ විසින් නව ගුවන් යානයක් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ ඇත්ත නැත්ත සොයා Factcrescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ලංකාවට පිටරටින් බඩු ගේන කෙනා දැක්කම”  යනුවෙන් සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

    Facebook

    මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ, විශාල ප්‍රවාහන ගුවන් යානාවක් වන Beluga Xl වර්ගය බැවින් අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, Beluga Xl මෙරට බඩු ප්‍රවාහනය සඳහා ගෙන්වා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා හෝ වාර්තා කර ඇත්දැයි යන්නයි. 

    නමුත් එලෙසින් පුවත් වාර්තා වී නොතිබුණු බැවින් අප ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය එනම් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ නිල සමාජ මාධ්‍ය ගිණුම්, වෙබ් අඩවි හරහා ද, මෙලෙසින් Beluga Xl ප්‍රවාහන ගුවන් යානාවක් ගෙන්වා ඇති බවට තොරතුරු පරීක්ෂා කළ ත්, අපට එවැනි තොරතුරක්, පුවතක් දැක ගන්නට නොලැබුණි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව දැනට භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා එයාර් බස් SriLankan Cargo වෙබ් අඩවියේ දක්වා තිබුණා. 

    ඒ අනුව, මේ වන විට භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා එයාර් බස් පහත පරිදි වේ.

    Airbus A330-300

    Airbus A330-200

    Airbus A320 / A320 Neo

    Airbus A321 Neo / A321

    මේ අතර ද,  ඉහත වීඩියෝවේ දැක්වෙන ආකාරයේ Beluga Xl ප්‍රවාහන ගුවන් යානාවක් සම්බන්ධයෙන් දක්වා නොමැති බව දැක ගන්නට ලැබේ.

    කෙසේවෙතත් අප මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඉහත වීඩියෝව AI ඔස්සේ ජනනය කරන ලද වීඩියෝවක් බව ත්, එවැනි කාගෝ යානයක් මෙරට නොමැති බවත් ය.

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන අංශය වන ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය, එහි නවීන එයාර් බස් ඇණිය වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින අතර දැනට A330-300 7ක්, A330-200 3ක්, A320 5ක්, A321 1ක්, A320 Neo 2ක් සහ A321 Neo 4ක් ඇතුළුව ගුවන් යානා 22ක් සමඟ ක්‍රියාත්මක වේ.

    ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය (SriLankan Cargo)

    ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය, යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග, චීනය සහ ඕස්ට්‍රේලියාවේ රටවල් 21ක ගමනාන්ත 37කින් යුත් ගෝලීය ජාලයට පහසු සම්බන්ධතා සපයනු ලබනවා.

    1979 දී ගුවන් සේවය ආරම්භ කළ දා සිට, ශ්‍රීලංකන් භාණ්ඩ ප්‍රවාහනය රටේ වේගයෙන් වර්ධනය වන අපනයන කර්මාන්තයට අඛණ්ඩව සහාය වනු ලබයි.

    ලොව ඕනෑම ගමනාන්තයකට පහසු එකම ස්ථානයකින් සේවාවක්ද ලබා දෙමින්,  පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පුද්ගලික භාණ්ඩ, සාම්පල සහ තෑගි භාණ්ඩ කිලෝග්‍රෑම් 100 දක්වා භාර දීමට හැකි වන අතර, එමඟින් රේගුව ඇතුළු සියලුම කාර්ගෝ සම්බන්ධ ක්‍රියාවලිය කොළඹ පිහිටි Bag It කාර්යාලයේදී සම්පූර්ණ කරයි. ඔවුන් ගමන් කරන ගුවන් සේවය කුමක් වුවත් සහ සංචාරකයින් නොවන අයටද මෙම සේවාව ලබා ගත හැකිය.

    නවතම, සම්පූර්ණ පහසුකම්වලින් යුත් කාර්ගෝ ටර්මිනලය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටා ඇති අතර, ශ්‍රී ලංකාවට මෙහෙයවනු ලබන සියලු ගුවන්සංචාර සේවාවන් සඳහා එකම නියෝජිතයා ලෙස ක්‍රියා කරයි. මෙම ටර්මිනලය ඔස්සේ වාර්ෂිකව මෙට්‍රික් ටොන් 200,000 කට ආසන්න පරිමාවක භාන්ඩ ගමන් කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.

    එයාර්බස් බෙලූගා(Airbus Beluga)

    තල්මසෙකුට සමාන හැඩයකින් හඳුනාගත හැකි එයාර්බස් බෙලූගා යනු ලෝකයේ අද්විතීයතම කාර්ගෝ ගුවන් යානා වලින් එකකි. ලෝකය පුරා “Beluga Plane” ලෙස හඳුන්වන මෙම ප්‍රවාහන යානය, විශාල භාන්ඩ සහ ගුවන්යානා කොටස් ප්‍රවාහනය සඳහා නිමවා ඇති පුළුල් බඳකින් යුත් ගුවන් යානයකි. Airbus Beluga යානය විශේෂයෙන්ම නිපදවා ඇත්තේ සාම්ප්‍රදායික ගුවන් ප්‍රවාහන ක්‍රමයකින් ප්‍රවාහනය කළ නොහැකි විශාල භාන්ඩ පහසුවෙන් ගමන්කළ හැකි ආකාරයකින්ය.

    මෙය Airbus නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට මූලික භූමිකාවක් දරයි. කිලෝමීටර 1,650 සිට 4,000 දක්වා පරාසයකින් යුතු Beluga යානයට සම්පුර්ණ ගුවන් යානා කොටස් වැනි විශාලතම භාණ්ඩ පවා ප්‍රවාහනය කළ හැකි Beluga යානය, යුරෝපය පුරා පිහිටි Airbus නිෂ්පාදන ස්ථාන අතර තොග ප්‍රවාහන මූලිකයා බවට පත්ව ඇත.

    බහුකාර්යශීලි A330-200 ගුවන්යානයෙන් නවීකරණය කර නිපදවා ඇති BelugaXL යානය, වැඩි ධාරිතාවක් ලබාදෙමින්, ගුවන් යානයක අඩි 30ක පළලේ පියාපත් දෙකක් එක්වරම ප්‍රවාහනය කිරීමේ හැකියාවක් තිබේ. මෙය එහි විශාලත්වය සහ Airbus නිෂ්පාදන කර්මන්තානය සඳහා තිබෙන කාර්යක්ෂමතාව පෙන්වාදෙයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා Beluga Xl වර්ගයේ ගුවන් යානයක් යොදා ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව නොමග යන සුළු වේ. එම වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති අතර මෙරට එම වර්ගයේ ගුවන් යානාවක් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගෙන නොමැති බව, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක ද, තහවුරු කරනු ලබයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-07-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.