Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

    2023-10-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් සමගින් නිරන්තරයෙන් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් නොමග යන සුළු සටහන් නිර්මාණ වෙනවා. එලෙසින් නිර්මාණය වුණු සටහන් කිහිපයක නිරවද්‍යතා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    කාලීන සිදුවීම් සමගින් නිරන්තරයෙන් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් නොමග යන සුළු සටහන් නිර්මාණ වෙනවා. එලෙසින් නිර්මාණය වුණු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Claim 1 :

    “ජනතා විමුක්ති පෙරමුණු රණවිරු සංසදයේ නියෝජිත පැළෑඳගොඩ සමන් නමැත්තා අල ගෝනියක් සොරකම් කර මාට්ටු කලින් මාළු කූරියෝ දෙන්නෙකුත් උස්සලා- අතුරුගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි” යනුවෙන් සඳහන් කර තිබූ සටහනක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    අප මේ පිළිබඳ ව විමර්ශනය කිරීම සඳහා අතුරුගිරිය පොලීසියෙන් විමසීමක් කළා. එහිදී එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තහවුරු කළේ, අල ගෝනියක් සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා වූ බව ත්, එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණ පුද්ගලයෙකු බව ට තහවුරු වීමක් නොවූ බව ත්, දේශපාලය සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවයි.

    Claim 2 :

    එමෙන් ම තව ත් සටහනක සඳහන් කර තිබුණේ, මාලිමාව විසින් බලය තහවුරු කළ කොබෙයිගනේ සමූපකාර ආපන ශාලාවේ බිත්තර රෝල් කෙටි ආහාරය රු. 75ක මිලට අලෙවි කරන බව ත්ය. එයින් පෙන්වා දීමට උත්සහ දරා තිබුණේ, සම්පූර්ණ බිත්තරයක් ඇතුළත් කර තිබූ එම කෙටි ආහාරය රු.75ක මිලට ලබා ගැනීම ලාභ දායක බවයි.

    Facebook | Archived Link

    මෙම සටහන් වල නිරවද්‍යතාවය විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් මුල්කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    මේ පිළිබඳව විමසීම සඳහා අප කුරුණෑගල, කොබෙයිගනේ සමූපකාරයෙන් විමසීමක් කළ අතර එහි කාර්ය මණ්ඩලයේ නිලධාරීණියක් සඳහන් කළේ, එහි ආපන ශාලාවක් නොමැති බවයි. ඒ හෙයින් ඉහත සඳහන් කළ ලෙස ආහාර අලෙවි කිරීමක් එම ස්ථානයේ නොවන බැවින් එය අසත්‍ය බව එම නිලධාරිනිය සඳහන් කළා.

    එමෙන් ම එම සමූපකාරය අසල සිටින නිවැසියන් කිහිප දෙනෙකුගෙන් ද, අප මේ පිළිබඳ තහවුරු කිරීමට සමූපකාරයේ ආපන ශාලාව සම්බන්ධයෙන් විමසා සිටි අතර ඔවුන් තහවුරු කළේ ද, එහි ආපන ශාලාවක් නොවන බවයි. ඒ අනුව එම සටහන් ද, අසත්‍ය බව ට පැවසිය හැක. මෙවැනි අසත්‍ය තොරතුරක් සමාජ ගත වීමට මෙවැනි කරුණු පාදක වී ඇති බව ට අනුමාන කළ හැක.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-10-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.