Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වත්තල ළමුන් පැහැර ගැනීමේ පණිවිඩයේ ඇත්ත කතාව !

    2024-03-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ආරක්ෂාකාරී පිළිවෙත් වැනි දැනුවත් කිරීම් පණිවිඩ තුළ බොහෝමයක් නොමග යවන සුළු කරුණු ඇතුළත් වනවා. මේ ඔස්සේ සමාජයේ ඇතැම් පිරිස් අනිසි බියක් ඇති කර ගන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ආරක්ෂාකාරී පිළිවෙත් වැනි දැනුවත් කිරීම් පණිවිඩ තුළ බොහෝමයක් නොමග යවන සුළු කරුණු ඇතුළත් වනවා. මේ ඔස්සේ සමාජයේ ඇතැම් පිරිස් අනිසි බියක් ඇති කර ගන්නවා. ආරක්ෂාව සම්බන්ධ සමාජ මාධ්‍ය පණිවිඩ දැනුවත් කිරීම් හොඳ වූවද,ඒ ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරීම සිදු වන බැවින් එවැනි තොරතුරක් සම්බන්ධයෙන් අප සිදු කළ අනාවරණයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    Claim 01: 

    WhatsApp ඔස්සේ හඬ පටයක් සංසරණය වූයේ, මව්වරුන් ට තමන්ගේ දරුවන් ප්‍රවේශම් කර ගන්නා ලෙස සඳහන් කරමින් දරුවන් පැහැර ගැනීමේ සිදුවීමක් පිළිබඳ දැනුවත් කිරීමක් ලෙසින්.

    එම හඬ පටය මෙසේය.

    වත්තල හැඳල ප්‍රදේශයේ දී මවක් PickMe ත්‍රී රෝද රථයකින් සිය පෙර පාසල් දරුවා නැවත නිවස කරා රැගෙන යන අතර මගදී කඩයක් අසල ත්‍රී රෝද රථය නතර කොට දරුවා එහි රැඳී සිටියදී ඉන් බැස කඩයට ගොස් තිබේ. එම මොහොතේ ත්‍රී රෝද රථ රියැදුරු දරුවත් රැගෙන පළා ගොස් ඇති බව ත්, කලබලයට පත් වූ මව පසුව එම ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් කළ පසු එහි ස්ථානාධිපති විසින් කඩිනමින් ක්‍රියාත්මක වීමෙන් අනතුරුව වත්තල පසු කරද්දී පෑලියගොඩ ප්‍රදේශයේ දී එම ත්‍රී රෝද රථ රියදුරු අත්අඩංගුව ට ගත් බව ත්, සඳහන් කරයි. එමෙන් ම එම රියැදුරු පවසා තිබුණේ, දරුවන් විකිණීම සඳහා මෙලෙසින් පැහැර ගෙන ගිය බව ට එම හඬ පටයේ සඳහන් කර තිබුණා.

    මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීම ට අප කටයුතු කළා.

    Fact Check :

    හැඳල ප්‍රදේශයේ දරුවෙකු පැහැර ගත් බව ට සිදුවීමක් මෑතකදී ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කළ අතර එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණු අතර අප ඒ පිළිබඳව හැඳල ප්‍රදේශය අයත් වත්තල පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයෙන් විමසීමක් කළ අතර එහි ඉහළ පොලිස් නිලධාරියෙකු තහවුරු කළේ, දරුවෙකු පැහැර ගැනීම ට තැත් කළ බව ට කිසිදු පැමිණිල්ලක් හෝ සිදුවීමක් වූ බව ට වාර්තා වී නොමැති බව යි. නමුත් දරුවෙකු පැහැර ගැනීමක් නොව මේ ආකාරයෙන්  ත්‍රී රෝද රථයකින් පැමිණි කාන්තාවක් කඩයක ට ගිය අවස්ථාවේ ඇයගේ බඩු බාහිරදිය රැගෙන ත්‍රී රෝද රථයක් පළා ගිය බව ත්, එම ත්‍රී රෝද රථ රියැදුරු වත්තල දී අත්අඩංගුවට ගෙන තිබූ බව ත් එම පොලිස් නිලධාරියා සඳහන් කරනු ලැබුවා.

    Claim 02: 

    එමෙන් ම දෙමළ බසින් පළ වූ ෆේස්බුක් සටහනක පළ වී තිබුණේ, විදෙස් රටවලි පැමිණි 400ක් පමණ පිරිසක් ළමුන් පැහැර ගැනීමට ලංකාවට පැමිණි බව ත්, මේ වන විට බොහෝ දරුවන් පැහැරගෙන ගොස් ඇති බව ත්, 400 ක් පමණ දෙනාගෙන් එක්කෙනෙක් අත්අඩංගුවට පත් වී ඇති අතර ඔහු විසින් මෙම තොරතුරු නිර්භීතව ලබා දුන් බව ත්, තව ත් 399 දෙනෙක් සිටින බව ත්, කාන්තාවන් විදියට වෙස්වලාගෙන ළමුන් පැහැර ගැනීම ඔවුන් විසින් තව දුරට ත් සිදු කරන බව ට දක්වමින් එලෙසින් ළමුන් පැහැර ගන්නා අවස්ථාවක් බවට දක්වමින් වීඩියෝවක් ද, සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook

    Fact Check :

    ඉහත සඳහන් ලෙස පැහැර ගැනීමක් සම්බන්ධයෙන් වීඩියෝවක් රැගත් පුවත් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා නොකර තිබූ අතර කිසිදු ජාතික පුවත්පතක හෝ පුවතක් වාර්තා කර නොතිබුණි. අප මෙම වීඩියෝව පිළිබඳ හා ළමුන් පැහැර ගැනීම සම්බන්ධයෙන් විදේශීකයින් පැමිණි බව ට හෝ ඒ අතරින් පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වූ බව සත්‍යයක් ද, යන්න පිළිබඳ ව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, එය අසත්‍ය තොරතුරක් බව ත්, මෑතකදී ළමුන් පැහැර ගැනීමක් හෝ පැහැර ගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් කිසිදු පොලිස් ස්ථානයකින් වාර්තා නොවූ බව යි. එමෙන් ම ඒ හා සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු හෝ අත්අඩංගුවට ගෙන නොමැති බව ත්, තහුවරු කළා.

    ඒ අනුව අප ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී අනාවරණය වූයේ එම වීඩියෝවේ ඊජිප්තු තරුණයින් 4 දෙනෙකු විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.

    alhadath.net Link 

    2022 වසරේ පළ වී තිබූ එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, එම වීඩියෝ පටයේ නිර්මාණය කළ පුද්ගලයන් 4 දෙනා ඊජිප්තු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුව එම වීඩියෝව ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කර ඇති අයුරු දැකගත හැකි වුණේ මෙලෙසින්.

    Also Read :

    ශ්‍රී ලංකාව තුළ සුවඳ විලවුන් ගැල්වූ කඩදාසි ආශ්‍රිතව සිදුවන සංවිධානාත්මක පැහැරගැනීම් පිළිබඳව කිසිඳු සාක්ෂියක් නැහැ!

    මෙරට පැහැර ගත් ළමුන්ව ගනුදෙනු සිදුකරන අයුරු බවට දැක්වෙන වීඩියෝවේ ඇත්ත, නැත්ත!!

    ගාල්ල අක්මීමන පාසල් ළමුන් පැහැර ගැනීමක් සිදුව ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok|WhatsApp

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-03-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.