Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පාප් පදවිය සඳහා සුදුසුකම් ඇත්තේ කාදිනල්වරුන් 12 දෙනෙකු පමණක් ද?

    2025-04-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අප්‍රේල් 21 වන දින සිදුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳ දැනගැනීමට ලොව පුරා සිටින කතෝලික භක්තිකයන් මෙන් ම මුළු ලොවක් ම දෑස් දල්වා බලා ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    අප්‍රේල් 21 වන දින සිදුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳ දැනගැනීමට ලොව පුරා සිටින කතෝලික භක්තිකයන් මෙන් ම මුළු ලොවක් ම දෑස් දල්වා බලා සිටිනවා.

    මේ අතර පාප් ධුරය සඳහා ඉදිරිපත් විය හැකි අපේක්ෂක ලැයිස්තුව වතිකානුව විසින් නිල වශයෙන් නිකුත් කර ඇති බවට හඟවමින්, එම තනතුර දැරීමට සුදුසු කම් ලැබූ 12 දෙනාගේ ලැයිස්තුවක් ලෙසත්, ඒ අතර  කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද, සිටින බවත් දක්වමින් සටහන් සංසරණය වූ අතර මෙහි සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “පාප් පදවිය සඳහා සුදුසුකම් ඇති අති උතුම් කාදිනල්වරුන් 12 දෙනා” යනුවෙන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ එම කාදිනල්වරුන්ගේ නම් සහ ඡායාරූප ඇතුළත් කරමින් සටහනක් සංසරණය වී තිබුණා. එමෙන් ම මෙම ලැයිස්තුවේ මෙරට අගරදරගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ද, සිටින බවට ද, බොහෝ සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-04-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.