Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මන්මෝහං සිංගේ අවසන් අවස්ථාවේ ඡායාරූපයක් ද?

    2024-12-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවයෙන් පසු ඒ මහතා ඉන්දියාවට කළ සේවය පිළිබඳ නැවතත් බොහෝ දෙනා සිය මතකය ආවර්ජනය කරමින් සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරු වුණා. මේ අතර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවයෙන් පසු ඒ මහතා ඉන්දියාවට කළ සේවය පිළිබඳ නැවතත් බොහෝ දෙනා සිය මතකය ආවර්ජනය කරමින් සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරු වුණා. මේ අතර ඔහුගේ අවසන් අවස්ථාවේ ඡායාරූපයක් බව ට දක්වමින් ඡායාරූපයක් විදේශිකයන් අතර මෙන් ම මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර සංසරණය වුණා. මෙහි සත්‍ය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අවසන් ජායාරූපය බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වනු ලැබුවා. 

    Facebook | Archived Link

    මෙය සත්‍ය වශයෙන් ම මන්මෝහං සිංග් මහතාගේ අවසන් ඡායාරූපය ද, යන්න අප පරීක්ෂා කිරීසට කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන මන්මෝහං සිං මහතා පසුගිය 26 වන දා රාත්‍රියේ නවදිල්ලි රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වුණා.

    ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඡායාරූපයේ පෙන්වා දෙන පරිදි මන්මෝහං සිං මහතාගේ අවසන් ඡායාරූපය බවට කිසිදු ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් කිසිදු ඡායාරූපයන් පෙන්වා දී නොතිබුණි.

    මේ හේතුවෙන් එම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව දැක ගන්නට ලැබුණේ එම ඡායාරූපය 2021 වසරේ ඒ මහතාට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් AIIMS රෝහලට ඇතුළත් කළ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවයි. ඒ බවට 2021 වසරේ පළ වූ ඉන්දීය ප්‍රධාන පුවත් මාධ්‍ය ධාරාවක් වන Zeenews හි පළ වී තිබුණේ මෙලෙසින්.

    zeenews

    2024 මැයි 17 වන දින නවදිල්ලියේ පැවැත් වූ තැපැල් ඡන්දය සඳහා ඡන්දය භාවිත කළ හිටපු උප ජනාධිපති හමීඩ් අන්සාරි, හිටපු අගමැති මන්මෝහන් සිං සහ හිටපු මධ්‍යම අමාත්‍ය මුරලි මනෝහර් ජෝෂි සිය ඡන්දය භාවිත කිරීමෙන් පසු ඡන්දය භාවිත කළ බව ට  තීන්තවලින් සලකුණු කර ඇති ඇඟිලි පෙන්වමින් ලබා ගත් ඡායාරූපයක් ද, The Hindu පුවත් වෙබ් අඩවිය විසින් පළ කර තිබුණේ මෙලෙසින්.

    The Hindu| Archived Link

    එමෙන් ම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ සම්පූර්ණ ඡායාරූපයේ එවකට මධ්‍යම සෞඛ්‍ය අමාත්‍ය Mansukh Mandaviya හිදී මන්මෝහන් සිං මහතාගේ සුවදුක් විමසා බැලීමට AIIMS රෝහලට පැමිණි අවස්ථාව වන අතර The Tribune යූ ටියුබ් නාලිකාවේ එම අවස්ථාවේ වෙනත් කෝණයකින් ලබා ගත් ඡායාරූප කිහිපයක් ද, පළ කර තිබෙනු දක්නට ලැබෙනවා. මෙම ඡායාරූප ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍යවරයා මිය ගිය අවස්ථාවේ ඡායාරූප බවට පෙන්වා දුන් ඡායාරූප අවස්ථා බව දක්නට ලැබුණා. එම වීඩියෝව පහතින්.

    මේ වසරේ මන්මෝහං සිං මහතාගේ ලබා ගත් ඡායාරූපය හා ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය හා හොඳින් නිරීක්ෂණය කිරීමේදී 2021 වසරේ ලබා ගත් ඡායාරූපයට වඩා මෑතකදී ලබා ගත් ඡායාරූපයේ ඔහු කෙසඟව සිටින බව ත්,දැක ගන්නට ලැබෙනවා.

    මන්මෝහං සිං මහතා 2004 සිට 2014 දක්වා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කළ අධ්‍යාපන අයිතිය පිළිබඳ පනත සහ මහත්මා ගාන්ධි ජාතික ග්‍රාමීය රැකියා වැඩසටහන වැනි පරිවර්තනීය ප්‍රතිපත්ති තුළින් සමානාත්මතාව සහ මැදිහත්වීම සඳහා වන ඔහුගේ නොසැලෙන කැපවීම පිළිබිඹු වන අතර ඔහු එරට ප්‍රධාන ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවල නිර්මාණ ශිල්පියා ලෙස සැලකේ.

    ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් කැප වී කටයුතු කළ මන්මෝහන් සිං මහතා, දිගු කාලීන සහයෝගිතා සංධාන ආරම්භ කිරීමට සිය සහයෝගය දැක් වු අතර, BRICS වැනි සංවිධානයන් සඳහා ද සිය දායකත්වය සැපයීය. ඉන්දීය සහ එක්සත් ජනපද න්‍යෂ්ටික ගිවිසුම වැනි ගිවිසුම් හරහා ඔහුගේ කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රිකභාවය විද්‍යාමාන වේ. වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    මෙම කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහං සි මහතාගේ අවසන් අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය 2021 වසරේදී ඔහු රෝහල් ගත කළ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවයි. එමෙන් ම කිසිදු ඉන්දීය ප්‍රධාන මාධ්‍යක් විසින් මන්මෝහං සිං මහතාගේ අවසන් මොහොතේ රෝහලේ සිටි ඡායාරූපයක් පළ කර නොතිබුණි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-12-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.