Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    <strong>ඇමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන අවස්ථාවක්?</strong>

    2023-03-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ වයස් කාණ්ඩ වල පිරිස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර සිටින හෙයින්, යම්කිසි විශේෂිත කරුණක් ඉස්තමතු කිරීමට පළකරන සටහන්, වෙනත් නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ පළකිරීම හේතුවෙන්, ඇතැම් පරිශී

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    විවිධ වයස් කාණ්ඩ වල පිරිස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර සිටින හෙයින්, යම්කිසි විශේෂිත කරුණක් ඉස්තමතු කිරීමට පළකරන සටහන්, වෙනත් නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ පළකිරීම හේතුවෙන්, ඇතැම් පරිශීලකයින් නොමඟ යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා.

    අමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන ආකාරය යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    අමෙරිකා එක්සත් ජනපදයේ නීතිමය අවසරයකින් තොරව වුවද, මිනිස් පාරිභෝජනය සඳහා මනුෂ්‍ය මස් විකුණන බවට සඳහන් කරමින් එලෙසින් විකිණීමට තිබූ අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් ෆේස්බුක් හි පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙය අසත්‍ය සිදුවීමක් නොවන බව බොහෝ දෙනා අනුමාන කර තිබුණ ද මෙම ඡායාරූපයේ පසුබිම පිළිබඳව කිහිප දෙනෙකුම විමසිලිමත් වී තිබු අතර, ඒ පිලිබඳව අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, ඇමරිකාව මුල් කරගනිමින් PETA Latino නමැති, සත්ත්ව හිමිකම් සුරැකීමේ  ගෝලීය සංවිධානයක් විසින්, සියලු සත්වයින්ට ජීවිත් වීමේ අයිතිය තහවුරු කිරීම ඉස්මතු කිරීම් සඳහා සිදු කරන ලද සත්ත්ව මස් පාරිභෝජනය පිටු දැකීමේ නිරූපණයක් මෙහි දැක්වෙන බවයි.

    මෙහිදී ඔවුන් නිරූපණය කරන්නේ, සත්ත්ව මස් විකිණීමට ඇති අයුරින් මනුෂ්‍යයින් පාරිභෝජනය සඳහා විකිණීමට ඇති අයුරුයි.

    Archived Link

    වසර ගණනාවක සිට මේ ආකාරයට PETA (People for the Ethical Treatment of Animals) මෙන්ම සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සංවිධාන කිහිපයකම සාමාජිකයින් මේ ආකරයට නිරුවත් වෙමින් සත්ව ඝාතනයට එරෙහිව සිදුකරන ලද විරෝධතා ව්‍යාපාර වලට සහභාගී වී තිබෙනවා. 2011 දී වැන්කුවර් හි දී ඒ ආකාරයට මිනිස් මස් ඇසුරුමක දැක්වෙන ආකාරයට නිරුපණය කරමින් සිදුකළ විරෝධතාවයක වාර්තාවක් මෙතනින්.

    මිනී මස් පාරිභෝජනය (cannibalism)

    Cannibalism යනු තම වර්ගයාම ආහාරයක් ලෙස පරිභෝජනයට ගැනීම වන අතර ඇතැම් සත්ව කොටස් ඇතැම් අවස්ථාවන්හි දී දක්නට ලැබෙන අතර ඇතැම් මිනිස් කොට්ඨාශ අතර ද දැකගන්නට ලැබුණු අවස්ථා පිලිබඳ සඳහන් වෙනවා

    අනෙක් පාර්ශවයේ කැමැත්තෙන් හෝ නොමැතිව, වෙනත් මිනිසෙකුගේ ශරීර කොටස් පරිභෝජනය කිරීම, මිනීමස් පරිභෝජනය ලෙස හැඳින්වෙන අතර, ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල, ශරීරයේ අවයව ලබා ගැනීමට සහ පරිභෝජනය කිරීමට නොහැකි වන පරිදි නීති පනවා තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

    ඇතැම් පිරිස් මිනී මස් පාරිභෝජනය කළ සිදුවීම් සහ ඔවුන්ට එල්ල වී ඇති දඬුවම් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

    එසේම මීට පෙර ද Human Meat Project වැනි ව්‍යාපෘති ඔස්සේ ඇමරිකාවේ මිනිස් මස් විකිණීම සිදුවන බවට නොමඟ යවන සුළු සටහන් අවස්ථා කිහිපයක දී හුවමාරු වී තිබුණි. නමුත් එහි ඇත්තට ම සිදුව තිබුනේ කලා ව්‍යාපෘතියක සංකල්පයක් මිස සැබෑ ලෙස මිනිස් සිරුරු ලබාගැනීමේ සිදුවීමක් නොවේ. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින් 

    Also Read: Fact Check :බටහිර ආසියාතික රටවල් අතර මිනිස් මාංස සඳහා ඉහළ ඉල්ලුමක් තිබේ ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ මිනී මස් පාරිභෝජනය කිරීම සඳහා විකුණන අවස්ථාවක් ලෙසට සඳහන් කරමින් පළ වූ ඡායාරූප සටහනේ දැක්වෙන ඡායාරුපයෙන් දැක්වෙන්නේ, අමෙරිකාවේ සත්ත්ව මස් පාරිභෝජනය පිටු දැකීමේ අරමුණින්, සත්ත්ව ආරක්ෂණ සංවිධානයක් විසින් සිදුකරන ලද නිරූපණයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-03-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.