Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මේ ඉන්නේ පානම් පත්තුවේ සුදු අලි ජෝඩුවක් ද? 

    2025-08-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ සාමාජීය, සංස්කෘතික මෙන්ම පාරිසරික හර පද්ධතීන් සහ අලි – ඇතුන් අතර ඇත්තේ, සුවිශේෂි සබැඳියාවක්. ඒවගේම දෙපාර්ශවයම පීඩාවට පත් කරන අලි – මිනිස් ගැටුමට ද  මේ දක්වා නිසි විසඳුමක් ලැබ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ සාමාජීය, සංස්කෘතික මෙන්ම පාරිසරික හර පද්ධතීන් සහ අලි – ඇතුන් අතර ඇත්තේ, සුවිශේෂි සබැඳියාවක්. ඒවගේම දෙපාර්ශවයම පීඩාවට පත් කරන අලි – මිනිස් ගැටුමට ද  මේ දක්වා නිසි විසඳුමක් ලැබී නැහැ. රටට වටිනා සම්පතක් වන අලින් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ, නිරන්තරව දර්ශන, ඡායාරූප හුවමාරු වනු දැකගත හැකියි.  ඒ අතර සමාජය නොමග යවන සුළු අකාරයේ දර්ශන හා ඡායාරූප ද බහුලව දැකගත හැකියි.  

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    දේශීය විදේශීය සංචාරකයින් පුදුමයට පත් කරන පානම් පත්තුවේ සුදු අලි ජෝඩුව.. යනුවෙන් සඳහන් කරමින් පසුගිය ජුලි 28 වැනිදා සුදු පැහැති අලින් දෙදෙනකු ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් SL – Breaking News ෆේස්බුක් පිටුවේ මෙලෙස පළ කර තිබිණ.  

    Facebook | Archived Link

    ඉහත ෆේස්බුක් සටහනේ මෙම අලි දෙදෙනා පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන ලෙස  Link දෙකක් ලබා දී තිබුණ ද එම ප්‍රවේශයන් දෙකෙන් කිසිවක මෙම  ඡායාරූපයේ දැක්වෙන අලි දෙදෙනා පිළිබඳ වැඩි විස්තර කිසිවක් සඳහන්ව නොමැත. 

    ඒ අනුව සත්‍ය ලෙසම මෙම ඡායාරූපයේ සිටින්නේ, සුදු අලි ජෝඩුවක් ද යන්න සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදු කළා.  

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ වන අලින් පිළිබඳ පුවත් සඳහා නිරන්තරව ඉඩකඩ වෙන් කරනු දක්නට ලැබේ. ඒ අනුව මෙවැනි වෙනස්ම ආකාරයේ අලින් දෙදෙනකු හමුවී තිබුණේ නම්, නිසැකවම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ එ් සඳහා ප්‍රචාරණයක් ලබා දෙනු ලැබේ.  ඒ අනුව අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ  මෙවැනි සුදු පැහැති වන අලි දෙදෙනෙකු පිළිබඳ මෑතකාලීනව තොරතුරු වාර්තා කර තිබේදැයි, සොයා බැලී ය. එහෙත් කිසිදු මාධ්‍යක් එවැනි පුවතක් වාර්තා කර තිබෙනු දැකගත නොහැකි විය. 

    ඒ අනුව තවදුරටත් මේ පිළිබඳව තොරතුරු සොයා බැලූ අතර එහිදී නිරීක්ෂණය වූයේ, Lifetrackerz නම් ෆේස්බුක් පිටුවේ පසුගිය ජූලි 24 වනදා සහ 28 වනදා දා මෙම ඡායාරූපයේ දැක්වෙන අලි දෙදෙනාට සමාන වන අලි දෙදෙනකුගේ වීඩියෝ සහ ඡායාරූප පළකර ඇති ආකාරයයි. 

    ඒ අනුව ඉහත ඡායාරූප සහ වීඩියෝව මුල් හිමිකරු වන Lifetrackerz ෆේස්බුක් පිටුවේ සඳහන්ව ඇත්තේ, වන අලි දෙදෙනා පානම පීනට් ෆාර්ම් බීච්  අවට සැරි සරණ සද්දන්තයන් දෙදෙනකු බවත් එහි වැලි සහිත සුදු පාට මඩ පස් ඇඟට ගසාගැනීමෙන් මොවුන් සුදු අලි දෙදෙනකු සේ පෙනෙන බවත් ය.   

    ඒ අනුව අප Lifetrackerz පිටුවේ පළ කර ඇති වීඩියෝව සමීපව නිරීක්ෂ කිරීමේදී අලි දෙදෙනා ගැවසෙන ප්‍රදේශයේ වැලි සහිත සුදු පැහැති පසක් සහිත ප්‍රදේශයක් බවත්, ඔවුන් දෙදෙනාගේ සමේ සැබෑ වර්ණය ද කොන්ද ප්‍රදේශයේ තැනින් තැන දැක ගත හැකි බවත් නිරීක්ෂණය විය.  

    මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේ අරමුණින් අප පානම ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන් ද මේ පිළිබඳව විමසා සිටියේ ය. ඔවුන් පැවසුවේ, මෙම අලි දෙදෙනා සුදු පැහැති අලින් දෙදෙනකු නොවන බවත් ,  ප්‍රදේශයේ වැලි සහිත සුදු පස් මත පෙරළී සිටීමෙන් සහ පස් ඇගට ගසා ගැනීමෙන් මොවුන් සුදු අලින් සේ පෙනෙන බවයි. 

    මේ අතර පරිසර ක්‍රියාකාරී  ජයන්ත විජේසිංහ මහතාගෙන් ද විමසීමක් කළ අතර  ඔහු ද පැවසුවේ, සුදු පැහැති වැලි සහිත පස් මත පෙරළීමෙන් මොවුන් සුදු අලි සේ පෙනන බවයි. තව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ,  මෙතෙක් ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් සුදු අලින් සිටිනා බවට තොරතුරු වාර්තා වී නොමැති බවයි. 

    Also Read : සුදු පැහැති අලියකු පිළිබඳව පළවූ නොමඟ යවන සුළු සටහනක්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, සැබෑම සුදු අලින් දෙදෙනකු හමුවී ඇති බව හඟවමින් දේශීය විදේශීය සංචාරකයන් පුදුමයට පත් කරන පානම් පත්තුවේ සුදු අලි ජෝඩුව.. යනුවෙන් සඳහන් මෙම සමාජ මාධ්‍ය සටහනේ පළ කර ඇති වන අලි දෙදෙනා සැබෑ ලෙසම  සුදු අලින් නොවන බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යවන සුළු ආකාරයෙන් අදාළ සටහන පළ කර ඇති බවයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-08-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.