Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: අනුර කුමාරට ඡන්දය ලබා දෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලීමක්?

    2021-11-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මේ වන විටත් ඇතැම් ප්‍රචාරණ කටයුතු දියත් කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය සහ එහි ප්‍රධානීන් අළලා විවිධාකාරයේ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පළවෙනු දැක ගන්

    ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මේ වන විටත් ඇතැම් ප්‍රචාරණ කටයුතු දියත් කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය සහ එහි ප්‍රධානීන් අළලා විවිධාකාරයේ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පළවෙනු දැක ගන්නට ලැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මෙසේ පළ වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මම හොඳ නැත්නම් සජිත්ට දෙන්න එපා අනුර කුමාරට දෙන්න. ජනාධිපති ඉල්ලයි. ” යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් සමූහයක වීඩියෝ සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook

    මෙම සටහන මේ වන විට 3400ක් පමණ ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණා.

    එමෙන්ම මේ ඇසුරින් ඡායාරූප සටහන් ද මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙලෙස ප්‍රකාශයක් සිදු කළාද යන්න විමර්ශනය සඳහා අප ඊයේ (10) දිනයේ පැවැත් වූ ජනාධිපති සහභාගී වූ වැඩසටහන් වෙත අවධානය යොමු කරනු ලැබුවා.

    ඒ අනුව, ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (නොවැම්බර් 10) පෙරවරුවේ පැවති උත්සවයේදී පළ කළ ප්‍රකාශයක් සඳහා වෙනත් අර්ථකථනයක් ලබාදීම මෙලෙස නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වීමට හේතු වී ඇති බව පෙනී ගියා.

    තම රජය තුළින් බලාපොරොත්තු වූ අරමුණ ඉටු නොවන්නේ නම් අලුත් කණ්ඩායමක් සොයා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නැවත පරණ කණ්ඩායම ම බලයට ගෙන ඒමේ ක්‍රමය දැන් වෙනස් කළයුතු බවය.

    https://www.facebook.com/NewsfirstSL/videos/284235053598233

    නමුත් කිසි විටෙකත් ඒ කාටද යන්න වග හෝ ඡන්දය නොදී සිටිය යුත්තේ කාටද යන්න සඳහන් කර නොතිබුණි. එනම් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා නොදිය යුතු බවට හෝ අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය ලබා දිය යුතු බවට එහි ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කර නොමැත.

    විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි වැඩි දුරටත් පැවසීය. එම අවස්ථාව පිළිබඳ සිය නිල ෆේස්බුක් ගිණුමේ පළවූ සටහන මෙතනින්. 

    එම අවස්ථාවේ ජනපතිගේ සම්පුර්ණ කතාව මෙම වීඩියෝවෙන් (පැය 1 විනාඩි 11 සිට පැය 1 විනාඩි 47 දක්වා) එහිදී ද කිසිඳු ස්ථානයක නිශ්චිත වශයෙන් යම්කිසි පුද්ගල නාමයක් සඳහන් කරමින් ඔහු හෝ ඇය වෙන ජනතා ඡන්දය ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටින්නේ නැත.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව පෙන්වා දෙනු ලබන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරි මැතිවරණයකදී, තමන් හොඳ නැත්නම් සජිත් ප්‍රේමදාස මහතා නොව අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය ලබා දිය යුතු බවට ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යවන සුළු බවයි. 

    ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් පැවති උත්සවයේ දී ජනාධිපතිවරයා පවසා සිටියේ, නැවත පරණ කණ්ඩායම ම බලයට ගෙන ඒමේ ක්‍රමය දැන් වෙනස් කළයුතු බවත් සිය රජය තුළින් බලාපොරොත්තු වූ අරමුණ ජනතාවට ඉටු නොවන්නේ නම් අලුත් කණ්ඩායමක් සොයා ගැනීමට කටයුතු කළ යුතු බවයි. නමුත් මෙහිදී කිසිඳු කණ්ඩායමක නාමයක් හෝ පුද්ගල නාමයක් ජනපති සඳහන් කර තිබුනේ නැහැ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.