Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: 2013 වසරෙන් පසුව දෙස්, විදෙස් කිරිපිටි කිසිවක ඩයිසයිනමයිඩ් (DCD) සම්බන්ධයෙන් ගැටළු පැනනැඟී නොමැත!

    2020-12-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය වසර කිහිපය පුරාවටම විශේෂයෙන්ම කිරි ආශ්‍රිත ආහාරයන්හි ගුණාත්මක භාවය පිළිබඳව සමාජ මාධ්‍යයන්හි සටහන් ඉදිරිපත්ව තිබෙණු දක්නට ලදි. 2008 වසරේ චීන කිරිපිටි වල මෙලමයින් ඇති බවට වාර්තාවීම සහ ෆොන්ටෙරා සමාගම විසින් 2013 වසරේදී අපනයනය කරන ලද පිටි කිරි තොග ගෝලී

    පසුගිය වසර කිහිපය පුරාවටම විශේෂයෙන්ම කිරි ආශ්‍රිත ආහාරයන්හි ගුණාත්මක භාවය පිළිබඳව සමාජ මාධ්‍යයන්හි සටහන් ඉදිරිපත්ව තිබෙණු දක්නට ලදි. 2008 වසරේ චීන කිරිපිටි වල මෙලමයින් ඇති බවට වාර්තාවීම සහ ෆොන්ටෙරා සමාගම විසින් 2013 වසරේදී අපනයනය කරන ලද පිටි කිරි තොග ගෝලීය වශයෙන් කැඳවීම වැනි සිදුවීම් මෙම සටහන් වලට පාදක වී තිබුණි

    මේ ආකාරයෙන් පසුගිය දිනවලදී ආනයනික කිරිපිටිවල ඩයිසයිනමයිඩ් (DCD) සාන්ද්‍රණය   ඉහළ මට්ටමක පවතින බව හැඟවෙන පරිදි පළවූ සටහන් පිලිබඳ අපගේ විමර්ශනයේදී අනාවරණය වුයේ 2013 වසරේ හුවමාරු වූ ලිපියක් යොදා ගනිමින් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවයි. 2013 වසරේ මැද භාගයේ සිදුකළ පරීක්ෂණයකදී ලංකාවට ආනයනය කළ කිරිපිටි වර්ග කිහිපයක DCD සාන්ද්‍රණය වැඩි බවක් වාර්තා වුවද, එම පර්යේෂණ ක්‍රම සහ උපකරණ පිලිබඳව, ආනයනික කිරිපිටි සමාගම්  එම අවදියේ ප්‍රශ්න කර තිබුණි. කෙසේ වෙතත් එම වසරේම අග භාගයේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආනයනික කිරිපිටිවල DCD සාන්ද්‍රණය හිතකර මට්ටමේ ඇති බව තහවුරු කර ඇත. තවද 2013 වසරෙන් පසුව ද නිරන්තරයෙන්ම ලංකාවේ දේශීය මෙන්ම විදේශීය කිරිපිටි සාම්පල අහඹු ලෙස පරීක්ෂා කෙරෙන අතර මේ දක්වා කිසිඳු පරීක්ෂාවක දී DCD පිලිබඳ ප්‍රශ්නයක් ඇතිවී නැහැ. 

    සාමජ මාධ්‍ය සටහන්:

    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය ශිෂ්‍ය සංගමය නම්වු ලිපි ශීර්ෂයක, 2013 වසරේ දාතමක සහිතව මාධ්‍ය අධ්‍යක්ෂක කෙනෙකු වෙත (නම සඳහන් නොමැති) “ඔබේ දරුවාට ඔබේ අතින්ම වස පොවන්න එපා” යන තේමාවෙන් ඉදිරිපත් කර තිබු ලිපියක් සමාජ මාධ්‍ය තුල විටින් විට සංසරණය වන බවක් දක්නට ලැබුණා.

    මෙම ලිපියෙන් පැවසුනේ මැලිබන්, ඩයමන්ඩ් සහ ඇන්කර් යනාදී සන්නාමයන් යටතේ ඇති ආනයනික කිරිපිටි වල ඩයිසයිනමයිඩ් (DCD) නමැති රසායනක ද්‍රව්‍යය අනුමත අගයන්ට වඩා ඉහළ අගයක පවතින අතර දේශීය නිපයුම් වන පලවත්ත සහ හයිලන්ඩ් සන්නාමය යටතේ අති කිරිපිටි වල ඉහත සඳහන් රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැති බවයි. පහත ඇත්තේ එම ලිපිය සහිතව ෆෙස්බුක් ජාලයේ සංසරණය වන සටහනකි.

    FacebookArchived Link

    ෆෙස්බුක් ජාලයේ සංසරනය වන මෙම සටන් පිළිබඳව අප 2019 වසරේ දෙසැම්බර මස ඉංග්‍රීසි බසින් විමර්ෂණයක් සිදුකළ අතර එම වාර්තාවේ සිංහල පැහැදිලි කිරීම පහතින්

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඩයිසනමයිඩ් (DCD) යනු හරිතාගාර වායු විමෝචනය හා නයිට්‍රේට් ජල මාර්ගවලට කාන්දු වීම වැනි කරුණු නිසා ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගොවීන් විසින් භාවිතා කරන රසායනික සංයෝගයකි. ගවයින් සඳහා අවශ්‍ය තෘණ බිම් වගා කිරීම සඳහා ද ඩයිසයිනමයිඩ් ඇතැම් විට භාවිතා වන බවටද වාර්තා වල දැකගනන්ට පුළුවන්.

    2013 වසරේ සිදුවීම් :

    කිරි ආශ්‍රිත නිෂ්පාදනවල නියදි පරීක්ෂාවේදී  ඩයිසයිනමයිඩ් (DCD) රසායනික සංයෝගය පිලිබඳ වාර්තා වීම නිසා ෆොන්ටෙරා සමාගම විසින් සිය නිෂ්පාදන තාවකාලිකව අත්හිටුවන ලද බව 2013 ජනවාරි 24 වන දින නිවේදනය කළේය.

    ඉන්පසු ෆොන්ටෙරා සමාගම නිවේදනයක් නිකුත්කරමින් සිය කිරි ආශ්‍රිත සියළු නිපයුම්වල සෞඛ්‍යාරක්ෂක තත්වය තහවුරු කළ අතර, නවසිලන්තයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය (Ministry for Primary Industries) ෆොන්ටෙරා සමාගමේ නිපයුම්වල සුරක්ෂත භාවය තහවුරු කරන ලදි.

    “ඩයිසයිනමයිඩ් (DCD) රසායනිකය සඳහා ජාත්‍යන්තරව එකඟ වූ ‘ආරක්ෂිත සීමාවක් ’නොමැත. එබැවින් නිෂ්පාදන සම්පූර්ණයෙන්ම මෙම රසායනිකයෙන් තොර බවට පාරිභෝගිකයන් අපේක්ෂා කරයි.” යනුවෙන් නවසිලන්තයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය (Ministry for Primary Industries) නිවේදනය කළේය. ඒ පිලිබඳ වාර්තාවක් පහතින්

    Chemistry World.ComArchived Link

    2013 වසරේ මාධ්‍ය වාර්තා :

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ ඇති මාධ්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී කාර්මික තක්ෂණික ආයතනය (ITI) උපුටා දක්වමින් සන්නාම හතරක් යටතේ ආනයනය කරන ලද කිරිපිටි ‍තොගවල හානිකර රසායන සංයෝගක් තිබු බවට Daily Mirror වෙබ් අඩවියේ වාර්තාවක් නිරීක්ෂණය විය. 

    මෙහිදී තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ සන්නාම හතරක් යටතේ ආනයනික කිරිපිටි වෙළඳ නාම හතරක ඩයිසයිනමයිඩ් (DCD) රසායනිකය අන්තර්ගතව තිබු අතර දේශීය නිපයුම් සන්නාම දෙකක් යටතේ වු කිරිපිටිවල  ඩයිසයිනමයිඩ් (DCD) රසායනිකය අන්තර්ගතව නොතිබු බවයි. වෙනත් ප්‍රවෘත්ති වාර්තා ද එවැනිම ප්‍රවෘත්තියක් වාර්තා කර තිබුණි 

    Daily Mirror LinkArchived Link

    එම අවධියේදී කාර්මික තාක්ෂණික ආයතනයේ පරීක්ෂණ ක්‍රියාදාමය පිළිබඳව ෆොන්ටෙරා සමාගම විරෝධතාවයක් දැක්වූවද, එම කිරිපිටි තොගය වෙළඳපලින් ඉවත් කිරීමට කටයුතු කළ බව රොයිටර් පුවත් සේවය ද වාර්තා කර තිබුණි.

    FT ArticleReuters ArticleSunday Observer

    කෙසේ නමුත් කාර්මික තාක්ෂණික ආයතතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඩයිසයිනමයිඩ් (DCD) රසායනික සංයෝගය පරීක්ෂා කිරීමට උපරිම තාක්ෂණික පහසුකම් සහ විශේෂඥ දැනුම පවතින බවයි. එමෙන්ම සිදුකරන සියලුම පරීක්ෂණවල වාර්තාවන්හි ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාව වෙනුවෙන් වගකියන බවය.

    Hiru News ArticleArchived Link

    2019 වසරේදී ඉහත සිදුවීම් පිලිබඳ කළ විමසීම්:

    මේ සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ අදහස් ලබා ගැනීම සඳහා අපි ආහාර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සම්බන්ධ කර ගත්තෙමු. ඔහු අපට පැවසුවේ එවකට ඩයිසයිනමයිඩ් (DCD)  මට්ටම් සඳහා ගෝලීය බියක් පැවති බැවින්, එවකට තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ඉල්ලීම පරිදි වෙළඳපොලේ ඇති විවිධ කිරිපිටි සන්නාම වලින් ලබාගත් නියදීන්ගෙන් පරීක්ෂණක් සිදුකළ අතර, සංසරණය වන ලිපියේ අන්තර්ගත  අගයන්ට සමාන අගයන් ලැබුණ අතර, එම පරීක්ෂණ නවසීලන්තයේ සිදු කරන ලද පරීක්ෂණවලට ද සමාන බවය.

    තවදුරටත් ඒ මහතා පවසා සිටියේ 2013 වසරේ සිට ෆොන්ටෙරා ආයතනයේ සහ අනෙකුත් ආයතනවල සන්නාම වලින් ඇති දේශීය හා විදේශීය කිරිපිටි නියැදින්ගෙන් පරීක්ෂණ ගණනාවක් සිදුකර ඇති බවත් එවායේ ප්‍රතිඵල අනුව එම කිරිපිටි තොගවල පැවති ඩයිසයිනමයිඩ් (DCD) අගය අවසර ලබාදී ඇති අගයන්හි ඇති බවත්ය. මෑතදී කිරි සන්නාමවල ඩයිසයිනමයිඩ් (DCD) පිලිබඳ ගැටළු කිසිවක් අනාවරණය වී නොමැති බැවින් 2013 තත්ත්වය පිලිබඳ තොරතුරු දක්වමින් මෙසේ හුවමාරු වන සටහන් වර්තමානයෙදී අදාළ නොවන බව එම නිලධාරියා තවදුරටත් පැවසීය. 

    එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) කිරිපිටිවල ඩයිසයිනමයිඩ් (DCD) අඛණ්ඩව පරීක්‍ෂා කරන අතර වාර්ෂිකව නියදී 250-300 ක් පමණ පරීක්‍ෂා කරනු ලබන බවද සඳහන් කළේය.

    කිරපිටි වල අන්තර්ගත ඩයිසයිනමයිඩ් (DCD) පිළිබඳ සැකයක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ෆොන්ටෙරා සමගමට එරෙහිව නීතිය හමුවට ගිය සිද්ධීන් කිහිපයක්ද ඇති බව අපි දුටුවෙමු. (උදා: 2013 මහර සිද්ධිය.) මුද්‍රා තැබූ තොග මත සිදු කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල මත මෙම නඩු පසුව ඉවත් කර තිබේ. 

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය :

    මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස් ලබා ගැනීම සඳහා අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සම්බන්ධ කර ගත්තෙමු. 2013 දී කාර්මික තාක්ෂණ ආයතනය සිදු කරන ලද කිරපිටි වල අන්තර්ගත ඩයිසයිනමයිඩ් (DCD) සෙවිමේ පරීක්ෂණ ක්‍රමවේදය සහ විශ්ලේෂණාත්මක දත්ත අවමවීම නිසා එම වාර්තා අභියෝගයකට ලක් වූ බව පැවසීය.මෙම සමස්ත සිදුවීම්වලම ධනාත්මක පැත්ත වුයේ වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විද්‍යාගාර පහසුකම්  හා තත්වයෙන් ඉහළ පරීක්ෂණ පහසුකම් ලැබීම බවද පවසා සිටියා. පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ම ෆොන්ටෙරා සමාගම් නියදි පිළිබඳ පරීක්ෂණ සිදු කළ අතර ඒවා ඩයිසයිනමයිඩ් (DCD)  වලින් තොර වූ බව ද පවසා සිටියා.

    පහත දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ පරීක්ෂණ වලට අනුව ෆොන්ටෙරා සමාගමේ කිරි ආශ්‍රිත ආහාර ඩයිසයිනමයිඩ් (DCD) වලින් තොර බවට 2013 වසරේ නොවැම්බරයේ නිකුත් කරන ලද වාර්තාවකි. 

    ෆොන්ටෙරා ආයතනයෙන් සිදුකල විමසීම්:

    2013 වසරේ සිට අද දින තෙක් ෆොන්ටෙරා සමාගමේ කිරි ආශ්‍රිත නිපයුම් සඳහා ඩයිසයිනමයිඩ් (DCD) පිළිබඳව වාර්තා ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි වාර්තා නොවු අතර මේ කාරණය සම්බන්ධයෙන් එම ආයතනයේ මතය ලබා ගැනීම සඳහා අපි ෆොන්ටෙරා ආයතනය සම්බන්ධ කර ගත්තෙමු.

    ඔවුන්ගේ නිෂ්පාදන ඩයිසයිනමයිඩ් (DCD) වලින් තොර බව සනාථ කරමින් ෆොන්ටෙරා සමගම 2014 වසරේදී කාර්මික තාක්ෂණ ආයතනයෙන් සහතිකයක් ලබා ගත් බවට සහතිකයක් අප වෙත ඉදිරිපත් කළා. එය පරීක්ෂා කිරීමෙන් පසු එසේ සහතිකයක් ලබාගෙන ඇති බව අපට තහවුරු විය. (ආයතනයේ පුද්ගලික සහතිකයක් බැවින් එය මෙහි පළකර නැත)

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2013 වසරේ මැද භාගයේදී කාර්මික තාක්ෂණික ආයතනය විසින් කිරි ආශ්‍රිත නිෂ්පාදන වල ඩයිසයිනමයිඩ් (DCD) සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලදී ආනයනික කිටිපිටි සන්නාමවල නියමිත ප්‍රමාණයට වඩා ඩී.සී.ඩී අන්තර්ගත බව වාර්තා වී තිබුණ ද, ඉන් පසුව කාර්මික  තාක්ෂණික ආයතනය ද ඇතුළු වෙනත් පාර්ශව ගණනාවක් විසින් සිදු කරන ලද සියලුම පරීක්ෂණ මඟින් අනානයනික හෝ දේශීය කිරි නිෂ්පාදන කිසිවක ඩයිසයිනමයිඩ් (DCD)  අඩංගුවී නොමැති බවට තහවුරු වී ඇති බවයි. 

    2013 දී කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදු කරන ලද පරීක්‍ෂණයේ පරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳව ෆොන්ටෙරා ආයතනය විසින් ප්‍රශ්න කර තිබුනි. කෙසේවෙතත් එතැන් සිට ඩයිසයිනමයිඩ් (DCD) අඩංගුවීම පිළිබඳ කිසිඳු සිද්ධියක් වාර්තා වී නොතිබූ බැවින් 2013 වසරේ වාර්තා වර්තමානයට ආදේශ කිරීම නිෂ්ඵල බව සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම ආහාර තාක්ෂණ අංශයේ නිලධාරීන් ද පවසා සිටිනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.