Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අශේන් සේනාරත්නගේ කණ්ඩායම ලබා ගත්තේ ඡන්ද 8 යි ද?

    2024-11-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූවත්, එම උණුසුම තවමත් වියැකී නොමැති මොහොතක මැතිවරණයේ සිදු වූ අතුරු කතා ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වනවා. මේ අතර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවත්,  සමාජ මාධ්‍ය ක්‍රියාකාරයෙකු වන අ

    පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූවත්, එම උණුසුම තවමත් වියැකී නොමැති මොහොතක මැතිවරණයේ සිදු වූ අතුරු කතා ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වනවා. මේ අතර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවත්,  සමාජ මාධ්‍ය ක්‍රියාකාරයෙකු වන අශේන් සේනාරත්න, සිය සහය පලකළ ස්වාධින කණ්ඩායමට හිමි වූ ඡන්ද සංඛ්‍යාව ගැන බොහෝ දෙනා විමසිලිමත් වී තිබුණා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    අශේන් සේනාරත්න නියෝජනය කළ ස්වාධීන කණ්ඩායමට හිමි වී ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 8ක් ලෙසට දන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ  උපහාසාත්මක කෝණයෙන් සටහන් පෙළක්  සංරණය වී තිබුණේ මෙලෙසින්. මෙම සටහන් සඳහා ඡන්ද ප්‍රතිඵලයක කොටසක් ද එයට සාක්ෂි ලෙස දක්වා තිබු අතර එහි යතුරු කැරැල්ල ට ඡන්ද 8 ක් පමණක් ලැබී ඇති බවක් පෙනෙනවා. එවැනි සටහන් පහතින්

     Facebook | Archived Link

    මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම):

    අශේන් සහය දැක්වූ ස්වාධීන කණ්ඩායම් අංක 15 මෙවර මැතිවරණයේ දී ඡන්ද කීයක් ලබාගත්තා ද ?

    සමාජ මාධ්‍ය සටහන් හි දැක්වූ පරිදි , යතුරු කැරැල්ල ලකුණින් තරග වැදුණු, අංක 15 ස්වාධින කණ්ඩායම කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා තිබුණේ, ඡන්ද 8ක් පමණක් ද යන්න අප  මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති නිල ප්‍රතිඵල ඔස්සේ පරීක්ෂා කර බැලුවා.

    ඒ අනුව තහවුරු වුණේ, අශේන් සේනාරත්න සහය ලබාදුන් එම ස්වාධින කණ්ඩායම කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 8ක් නොව 1792ක් බවයි. මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ සියලු පක්ෂ විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව මෙතනින්.

    ඉහත සමාජ මාධ්‍ය සටහන්හි සඳහන් ලෙස අශේන් සහය දුන් ස්වාධින කණ්ඩායම විසින් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 8ක් ලෙසට දැක්වීමට හේතුව වූයේ, කොළඹ දිස්ත්‍රික්කයේ පළමුව ලබාදුන්නේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය වීමත් එය සමාජ මාධ්‍ය ඔස්සේ, කොළඹින් යතුරු කැරැල්ල ලකුණින් තරග වැදී ස්වාධින කණ්ඩායම ලැබූ සමස්ත ඡන්ද ප්‍රමාණය ලෙස හුවමාරු වීමත්ය. කොළඹ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ නිල තැපැල් ප්‍රථීඵල මෙතනින්.


    results.elections.gov.lk ‍|Archived Link

    මේ අනුව තැපැල් ඡන්ද ප්‍රකාශ කළ හැක්කේ රාජ්‍ය සේවකයින්ට පමණක් බැවින් උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වන සටහන්වල දැක්වෙන පරිදි අශේන් ඇතුළු පිරිස මෙම ස්වාධින කණ්ඩායමට ඡන්දය ලබා දුන්නා නම්, එම ඡන්ද හෝ අදාළ ඡන්ද 8 ට ඇතුළත් වන්නේත් නැහැ.

    අශේන් සේනාරත්න ඔහුගේ නිල ෆේස්බුක් පිටුවකද, මේ සම්බන්ධයෙන් සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

    2024 මහ මැතිවරණයේ දී අශේන් දැඩි කතාබහට ලක්වූ චරිතයක්!

    සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන අශේන් සේනාරත්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධින අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට සූදානම් වූවත්, නාමයෝජනා භාර දීමේ ක්‍රියාවලියේදී සිදු වූ වැරැද්දක් හේතුවෙන් සිය නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව ඔහුට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අවස්ථාවක් ලැබුනේ නැහැ.

    නාම යෝජනා ප්‍රතික්ෂේප වන්නේ ඇයි ? අශේන්ට නාම යෝජනා අහිමි වුනේ මොකද ?

    නමුත් ඉන්පසුව යතුරු කැරැල්ල සලකුණින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් තරග කරන, ස්වාධීන කණ්ඩායම් අංක 15ට සහයෝගය ලබාදීමට අශේන් තීරණය කරමින් එම කණ්ඩායමේ ප්‍රවර්ධන කටයුතුවලට සහභාගී වුවා.

    මේ ඔස්සේ, එම කණ්ඩායමට යම් හෙයකින් එක් ආසනයක් හෝ හිමි වුවහොත්, අශෙන්ට පාර්ලිමේන්තු වරම් ලබාගත හැකි වේවිද යන්න පිළිබඳව ද සමාජයේ කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ ගැන මැතිවරණයට සතියකට පෙර අප සිදුකළ කරුණු දැක්වීමක් පහතින්.

    අශේන් සේනාරත්න මෙවර පාර්ලිමේන්තුට තේරී පත්වෙන්නේ අවස්ථාවක් තියෙනවා ද?

    අශේන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට, ඔහු සහය දුන් කොළඹින් යතුරු කැරැල්ලේ තරග වැදුණු ස්වාධින කණ්ඩායම අපේක්ෂා කළ ද , මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව , ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදී යාමේ දී, අවසාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිවුයේ ඡන්ද 87038ක් ලබාගත් මුස්ලිම් කොන්ග්‍රසයටයි. නමුත් ඉහත දක්වා තිබු පරිදි අශේන් සහය දැක්වූ කණ්ඩායමට ලැබුනේ ඡන්ද 1792ක් පමණයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අශේන් සේනාරත්න නියෝජනය කළ ස්වාධීන කණ්ඩායම ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව 8ක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු බවයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් තරග කළ, අශේන් සහය දැක්වූ ස්වාධින කණ්ඩායම ලබා ගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව වූයේ, 8 ක් නොව 1792කි. එම කණ්ඩායම විසින් ලබා ගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 8කි. මේ හේතුවෙන් බොහෝ දෙනෙකු නොමග ගොස් තිබුණේ, එම කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 8ක් යනුවෙනි.

    Avatar

    Title:අශේන් සේනාරත්නගේ කණ්ඩායම ලබා ගත්තේ ඡන්ද 8යි ද?

    Written By: Pavithra Sandamali 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.