Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මාර්ග සංඥා එළි මාරු කිරීමට ඇති උපකරණයක්?

    2024-07-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී හුදෙක් විනෝදාස්වාදය සඳහා පුද්ගලයින් විසින් සිදු කරන විහිළු, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු කිරීම හේතුවෙන් ඇතැම් පිරිස් නොමග යන අවස්ථා අපට දැක ගන්නට ලැබෙනවා. එලෙසින්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථාවන් වලදී හුදෙක් විනෝදාස්වාදය සඳහා පුද්ගලයින් විසින් සිදු කරන විහිළු, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු කිරීම හේතුවෙන් ඇතැම් පිරිස් නොමග යන අවස්ථා අපට දැක ගන්නට ලැබෙනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ, විදේශිකයෙකු විසින් සිය වාහනය ධාවනය කරන අතර තුරදී තමන් සතුව ඇති උපකරණයකින් මාර්ග සංඥා එළි මාරු කරන බවට හඟවමින් එම වීඩියෝව පහතින්.

    Facebook  FB

    එම වීඩියෝව Facebook ඔස්සේ හුවමාරු වී තිබු තවත් අවස්ථා කිහිපයක් පහතින්.

    A screenshot of a video chat

Description automatically generated

    මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝවේ දැක්වෙන උපකරණය පිලිබඳව වැඩිදුර පරික්ෂාවේ දී දැක ගන්නට ලැබුනේ මෙය, වෝල්ටීයතා පරීක්ෂා කිරීමේ උපකරණයක් බවයි.

    ඉහත වීඩියෝවේ දක්වා තිබූ උපකරණය වැනි උපකරණයක්ම, ඔන්ලයින් මිලදී ගැනීමට ඇති අවස්ථාවක ඡායාරූපයක් පහතින්.

    neoteck.cn

    එම වීඩියෝව හොඳින් නිරීක්ෂණය කිරීමේදී මාර්ග සංඥා එළි ස්වයංක්‍රීයව මාරු වීමේදී ම මෙම උපකරණය හේතුවෙන් සංඥා එළි මාරු වූ බවට හැඟවීමට උත්සහ කරයි.

    ස්පර්ශ නොවන වෝල්ටීයතා පරීක්ෂක ක්‍රියා කරන්නේ කෙසේද ? 

    ස්පර්ශ නොවන වෝල්ටීයතා පරීක්ෂකය සජීවී වයරයක් හඳුනා ගනී. ස්පර්ශ නොවන වෝල්ටීයතා පරීක්ෂකයන් වෝල්ටීයතාවයේ පැවැත්ම හෝ නොපැවතීම සඳහා පරීක්ෂා කරයි. බහු-මීටර් මෙන් නොව , ස්පර්ශ නොවන වෝල්ටීයතා පරීක්ෂකවලට  ලෝහ සමඟ සම්බන්ධ වීමට  ඇති කර ගැනීමට අවැසි  නොවේ. ස්පර්ශ නොවන වෝල්ටීයතා පරීක්ෂක සාමාන්‍යයෙන් දෘශ්‍ය ආලෝකය සහ ශ්‍රවණ සංඥා යන දෙකම දක්වයි. අඛණ්ඩ නොවන ආලෝකයක්, ආලෝකයක් නැත, හෝ බීප් එකක් නොමැති හරිත ආලෝකයක් යනු වෝල්ටීයතාවයක් නොපවතී. අඛණ්ඩ ස්වරයක් සහිත රතු ආලෝකයක් යනු වෝල්ටීයතාවයක් පවතින බවයි. මෙම පරීක්ෂකවල  බොහෝ මාදිලි 50-1000V දක්වා හඳුනාගැනීමේ පරාසයක් ඇත. 

    ධාරිත්‍රක යුගලනය ක්‍රමවේද භාවිතා කරමින් වෝල්ටීයතා පරීක්ෂක ක්‍රියා කරයි.

    ධාරිත්‍රක ක්‍රියා කරන ආකාරය සිහිපත් කරමින්,  පරිවාරකයක් මගින් ධාරිත්‍රක  දෙකක් වෙන් කර ඇත. විද්යුත් විභවය වැඩි වන විට පරිවාරක ද්‍රව්‍ය හරහා එක් සන්නායකයකින් වෝල්ටීයතාවයක් ලබා ගනී. ස්පර්ශ නොවන වෝල්ටීයතා පරීක්ෂකයන් වෝල්ටීයතාවයේ පැවැත්ම පරීක්ෂා කිරීම සඳහා ධාරිත්‍රක දෙකක් භාවිතා කරයි. එක් ධාරිත්‍රකයක් යනු පරීක්ෂා කිරීමේ වස්තුව (සන්නායක), පරීක්ෂක අන්තයේ වාතය (පරිවාරකය) සහ පරීක්ෂණ සංවේදකය (සන්නායකය) වේ. දෙවන ධාරිත්‍රකය පරික්ෂා කරන පුද්ගලයා , පොලොව  සහ පරික්ෂා කරන පුද්ගලයා  අතර ඕනෑම පරිවරණයක් සහ පොලොවවේ . මෙම සරල සැකසුම මඟින් ධාරිත්‍රක හරහා වෝල්ටීයතාවයක් (තිබේ නම්) ඇද ගන්නා අතර විදුලි කම්බිවල කිසියම් වෝල්ට්‍රියතාවයක් පවතීනම් රතු පැහැති ආලෝකයක් නිකුත් කරය

    ස්පර්ශ නොවන වෝල්ටීයතා පරීක්ෂකයක් භාවිතා කරන්නේ ඇයි?

    වෝල්ටීයතා පරීක්ෂක පෑන් යනු වෝල්ටීයතාවයේ පැවැත්ම හෝ නොමැතිකම පරීක්ෂා කිරීමට පහසුම ක්රමයයි . වෝල්ටීයතාව නොමැති අවස්ථාවලදී ආලෝකයක් නොදක්වයි හෝ කොළ හෝ අඛණ්ඩ නොවන ආලෝකයක් දක්වයි.වොල්ටියත්වයක් ඇති අවස්ථාවලදී  බීප් ශබ්දයක් සමග අඛණ්ඩ රතු ආලෝකයක් දක්වයි.මෙය  සාමාන්‍ය ක්‍රියාවලිය වන අතර වෝල්ට්‍රියතා පෑන් මාදිලිය අනුව විවිධ වෙනස්කම් පැවතිය හැක.මේ සම්බන්ධ විස්තර කියවිය හැක මෙතනින් 

    ස්පර්ශ නොවන වෝල්ටීයතා පරීක්ෂක ක්‍රියා කරන ආකාරය පිළිබදව විස්තර දැක්වෙන වීඩියෝවක් පහතින්.

    ඒ අනුව පැහැදිලි වන කාරණය නම් වෝල්ටීයතා පරීක්ෂක මගින් මාර්ග සලකුණුවල ආලෝකයන් වෙනස් කිරීමට නොහැකි බව සහ අදාළ වීඩියෝව නොමගයවනසුලු ආකාරයට සකසා ඇති බවයි

    මාර්ග සලකුණු 

    එමෙන් ම, ඕනෑම පුද්ගලයෙකුට සිය කැමැත්ත පරිදි මාර්ග තදබදයේ ආලෝක වර්ණ වෙනස් කිරීමට හැකියාව පවතින උපකරණ භාවිතයේ නොමැත. මාර්ග  සංඥා එළි පාලනය කරනු ලබන්නේ ගමනාගමන කළමනාකරණ අධිකාරීන් විසින් පාලනය කරනු ලබන සංකීර්ණ පද්ධති මගින් රථවාහන ගමනාගමනය ආරක්ෂාකාරීව සහ කාර්යක්ෂමව ගලායාම සහතික කිරීම සඳහායි. මෙම මාර්ග සංඥා එළි හානි කිරීම නීති විරෝධී හා භයානක ය.

    රථවාහන ආලෝකයේ වර්ණ වෙනස් කිරීමට අනවසර උත්සාහයන් දැරුවොත් දැඩි දඬුවම් ලැබීමට හැකියාව ඇති අතර මහජන ආරක්ෂාව සඳහා බරපතල අවදානම් ඇති විය හැක.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, විදේශිකයෙකු විසින් සිය වාහනය ධාවනය කරන අතර තුරදී තමන් සතුව ඇති උපකරණයකින් මාර්ග සංඥා එළි මාරු කරන බවට හඟවමින් පළ වන වීඩියෝව නොමග යන සුළු අතර එහි සත්‍ය වශයෙන් ම දැක්වෙන්නේ වෝල්ටීයතා පරීක්ෂා කිරීමේ උපකරණයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-07-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.