Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඥාණසාර හිමිගෙන් ආශිර්වාද ලබාගැනීම පිලිබදව ජනතා විමුක්ති පෙරමුණ විසින් ලාල් කාන්තට එරෙහි විනය පරීක්ෂණ ආරම්භ කර නැහැ !!

    2023-08-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළ දේශපාලන නායකයෙක් වන ලාල් කාන්ත නොබෝදා බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ව මුණ ගැසී ආශීර්වාද ලබාගන්නා ආකාරයේ සේයාරුව සම්බන්ධයෙන් සමාජ ජාලාවල බ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළ දේශපාලන නායකයෙක් වන ලාල් කාන්ත නොබෝදා බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ව මුණ ගැසී ආශීර්වාද ලබාගන්නා ආකාරයේ සේයාරුව සම්බන්ධයෙන් සමාජ ජාලාවල බොහෝ කතාබහට ලක්වුණා.මේ අතර සමහර සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මෙම සිදුවීමට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ලාල් කාන්තට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවක් .ඒ සම්බන්ධයෙන් අප විසින් කරුණු විමසා බැලීමක් සිදුකළා .

    සමාජ ජාලා සටහන් 

    ජනතා විමුක්ති පෙරමුණ විසින් ලාල් කාන්තට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව දක්වමින් සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ පහත ලෙසින්. 

    Facebook| Archived

    ඒ හා බැදුණු වෙබ් සබැදියේ පහත විස්තරය සදහන් වුණා.

    ජනතා විමුක්ති පෙරමුණේ මූලික පක්ෂ විනය කඩ කරමින් අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින වඑම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතාට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂ මූලස්ථානය කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ.

    ඒ සඳහා බලපෑ ආසන්නතම හේතුව වන්නේ ලාල්කාන්ත මහතා පසුගිය දිනෙක දැඩි ජාතිකවාදී අදහස් දරන ස්වාමීන් වහන්සේ නමක් හමුවී උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම බවත් සඳහන්. අළු යට ගිනි පුපුරු මෙන් දිනෙන් දින උණුසුම් වන ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය නුදුරේදීම පිපිරී යාමට නියමිත බවයි දේශපාලන විශ්ලේෂකයින් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

    Web | Arechived

    මේ පුවතේ සත්‍යතාවයක් පවතීද ?ජවිපෙන් ලාල් කාන්ත සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතිද ?මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක් . 

    සත්‍ය කරුණු විමසා බැලීම ( Fact Check)

    ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙලේ දේශපාලන නායකයෙක් වන ලාල් කාන්ත ආන්දෝලනාත්මක සිංහල ජාතිකවාදී සංවිධානයක් වන බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ව මුණගැසී ආශිර්වාද ලබා ගන්නා ආකාරයේ සේයාරුව  බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

    කෙසේ වෙතත් මෙම සේයාරුව සංස්කරණය කරන ලද එකක් නොව සත්‍ය එකක් බව සහ මෑතකදී ලබාගත් එකක් බව  බොදු බල සේනාවේ මාධ්‍ය අංශය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය විසින්ද තහවුරු කළා.

    මේ අතරතුරදී ,මෙම සිදුවීම සම්බන්ධයෙන් ,ලාල් කාන්තට එරෙහිව පක්ෂය විසින් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට වන පුවත ජනතා විමුක්ති පෙරමුණ විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා .

    මේ පිලිබදව ඔහුගේ අදහස් ලබාගැනීම සදහා ලාල් කාන්තව දුරකථනය හරහා සම්බන්ධ කර ගත් අතර ඔහු පැවසුවේ එවැනි කිසිදු ආකාරයක විනය ක්‍රියාදාමයක් සම්බන්ධයෙන් පක්ෂය තමන්ව දැනුවත් නොකළ බවයි.ඔහු වැඩිදුරටත් පැවසුවේ තමන් රාජගිරියේ ප්‍රදේශයේ පිහිටි ඥාණසාර හිමියන් වෙසෙන වීහාරස්ථානයෙදී උන්වහන්සේව මෑතකදී මුණගැසුණු බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුවේ ඥාණසාර හිමියන්ව මුණගැසී ආශීර්වාද ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධව එහි පෙලේ නායකයෙක්වන ලාල් කාන්තට එරෙහිව   ජනතා විමුක්ති පෙරමුණ විසින් විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-08-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.